Title
stringlengths
7
238
content
stringclasses
970 values
මසකට රු 20000ක් දෙමින් දුප්පත්කම තුරන් කරන ජාතික වැඩසටහනක් ක්රියාත්මක කරනවා
මසකට රුපියල් 20000ක ප්රතිපාදනයක් ලබා දෙමින් මාස 24 ක් ඇතුළත දුප්පත්කම තුරන් කරන ජාතික වැඩසටහනක් ක්රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඊයේ 26දා සේරුවිල පැවැති රැලියකදී පැවසීය පාරිභෝජනය ආයෝජනය ඉතිරි කිරීම නිෂ්පාදනය හා අපනයනය යන කරුණු කේන්ද්ර කර ගත් දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් හරහා මසකට එම මුදල් ප්රතිපාදනය ලබා දෙමින් දුප්පත්කම තුරන් කරන ජාතික වැඩසටහනක් ක්රියාත්මක කරනවා යැයි හෙතෙම සඳහන් කළේය අමනෝඥ සටකපට කාර්යක්ෂම නොවන රාජ්ය ප්රතිපත්තීන් නිසා ජනතාව දුප්පත්කමට වැටුණත් එය සදාකාලික නොවිය යුතුයි කාටවත් අත නොපා ශක්තිමත් ජන ජීවිතයක් ගත කරන අප රටේ ජනතාව දුප්පත්කම කියන වහල්භාවයෙන් මුදා ගන්නවායැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා එහිදී කියා සිටියේයකන්තලේ වික්රමසිංහ ලාහුගල ගයාන් චින්තක
ප්රවීණ සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා දිවි රඟමඬලින් සමුගනී
ශ්රී ලාංකේය සිනමා අඹර දීප්තිමත් කළ කෘතහස්ත සම්මානනීය සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා මහතා පෙරේදා 25දා සිය දිවි සැරිය නිම කළේය 1935 නොවැම්බර් 10 වැනිදා අකුරැස්ස මලිදූව දී උපත ලද ඒ මහතා බටුවත්ත පිහිටි සිය නිවසේදී මියයන විට 89 වැනි වියෙහි පසුවිය චිත්රපට අධ්යක්ෂවරයකු නිෂ්පාදකවරයකු සහ ගේය පද රචකයකු ලෙස සිනමාවට දායකත්වය ලබාදුන් ඒ මහතා හන්තානේ කතාව පෙම්බර මධු ඉන්දුට මල් මිටක් වැනි රසික හදවත් දිනූ චිත්රපටවල අධ්යක්ෂවරයා විය පෙම්බර මධු චිත්රපටය සීතා රෝහිණී රත්වත්ත මැතිනියගේ නිෂ්පාදනයක් වූ අතර විජය කුමාරතුංග මාලනි ෆොන්සේකා ටෝනි රණසිංහ ගීතා කුමාරසිංහ රවීන්ද්ර රන්දෙණිය සහ ශාන්ති ලේඛා යන රංගවේදීහු එහි චරිත නිරූපණය කළහ සිංහල සිනමා වංශකතාවේ නොමැකෙන මතක ශේෂ කළ සුගතපාලයන් මෙරට සිනමාවේ සිහින කුමරා වූ නැසී ගිය කෘතහස්ත රංගනවේදී විජය කුමාරතුංගයන් හන්තානේ කතාව සිනමා සිත්තමින් මෙරට සිනමාවට දායාද කළේය ප්රවීණ සිනමාවේදීන්වූ ධර්මසේන පතිරාජ විජය ධර්ම ශ්රී බර්ටි ජයසේකර සහ බර්ටි ගුණසේකර යන ප්රවීණ කලාවේදීන් ද හන්තානේ කතාව ඔස්සේ කලා ලොවට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ ද සුගතපාල සෙනරත් යාපා මහතාය හෙළ සිනමාව ජාත්යන්තරයට රැගෙන ගිය විශිෂ්ට සිනමාවේදියකු වූ සෙනරත් යාපා මහතා 1969 නවදිල්ලි ජාත්යන්තර සිනමා උළෙලේදී මිනිසා සහ කපුටා විත්ති කතා විචිත්රාංග චිත්රපටය වෙනුවෙන් රජත මයුර සම්මානයෙන් පුද ලැබීය ඔහුගේ නිර්මාණකරණයන් අගයමින් දේශීය සම්මාන රැසකින් ද පුද ලැබීය ඊඩීවී සෝමලතා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ ඒ මහතා ආචාර්ය මුදිත දර්ශන සහ සුභානි ගංගා යන දූ පුතුන්ගේ දයාබර පියාණන් ද විය අභාවප්රාප්ත ප්රවීණ කලාවේදී සුගතපාල සෙනරත් මහතාගේ දේහය මේ වනවිට මහබාගේ මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අද 27දා සවස දේහය බටුවත්ත පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත රැගෙන ඒමෙන් අනතුරුව හෙට 28දා සවස 500ට බටුවත්ත සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයසුජීව තත්සර
ඇල්පිටිය ප්රා සභා ඡන්දයට ලබන 9 දා සිට නාමයෝජනා කැඳවයි
ඇල්පිටිය ප්රාදේශීය සභාව සඳහා මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඒ අනුව ලබන මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා නාමයෝජනා භාර ගන්නා බවත් 09 දා සිට 11 වැනිදා දහවල් 1200 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවත් ගාල්ල දිස්ත්රික් සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව් එච් ආර් විජය කුමාර මහතා පැවසීය අධිකරණ ක්රියාමාර්ගයක් නිසා 2018 පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්රාදේශීය සභාව වෙනුවෙන් ඡන්ද විමසීම සිදු කරනු ලැබුවේ නැත පසුගිය 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණය සඳහා ඇල්පිටිය ප්රාදේශීය සභාව වෙනුවෙන් දේශපාලන පක්ෂ 5 කින් නාමයෝජනා ඉදිරිපත් කර තිබිණි එක්සත් ජාතික පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය පොදුජන පෙරමුණ ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ නාමයෝජනා භාරදෙනු ලැබූ අතර ප්රජාත්නත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්රය පක්ෂය විසින් නම් කරන ලද නියෝජිතයා හැර වෙනත් පුද්ගලයකු විසින් තේරීම් භාර නිලධාරියා වෙත භාරදීම නිසා ඉදිරිපත් වු විරෝධතාවක් සලකා බැලීමෙන් පසුව එම නාමයෝජනා පත්රය ප්රතික්ෂේප කරන ලදි පසුව එම පක්ෂය ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් තම නාමයෝජනා පත්රය පිළිගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් එතෙක් මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය පෙත්සම සලකා බැලූ ශ්රේෂ්ඨාධිකරණය එම නඩුව අසා අවසන් වනතුරු ඇල්පිටිය ප්රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කරමින් 2018 ජනවාරි 30 දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය ඒ අනුව 2018 පෙබරවාරි 10 දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්රාදේශීය සභාවේ ඡන්ද විමසීම නොපැවැත්විණි මේ අතර 2018 අගෝස්තු 30 දා ශ්රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය ඉවත් කරමින් ඇල්පිටිය ප්රාදේශීය සභාවේ මැතිවරණය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කළ අතර පසුව 2019 ඔක්තෝබර් 11 වැනිදා ඇල්පිටිය ප්රාදේශීය සභාව වෙනුවෙන් මැතිවරණය පවත්වන ලදී ඇල්පිටිය ප්රාදේශීය සභාවට තෝරා පත්කර ගන්නා සභික සංඛ්යාව 28 ක් වන අතර ඡන්දදායකයින් සංඛ්යාව 55643 කිඅහංගම සුගතපාල දීයගහගේ වංචාවල ගැමුණු චන්ද්රලාල්
රට ඉදිරියට යෑමට නම් රටේ ඡන්දවලින් 95ක් පාවෙන ඡන්ද වියයුතුයි
මේ රට ඉදිරියට යෑමට නම් රටේ ඡන්දවලින් 95ක් පාවෙන ඡන්ද බවට පත්විය යුතු බව ජනාධිපති අපේක්ෂක ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය බස් නැවතුම් පොළේ පැවැති ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීම අමතමිණි මෙම රැස්වීමේ දී තවදුරටත් අදහස් දැක් වූ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දේශපාලඥයන් ජනතාවට සහල් සිමෙන්ති ටකරම් ලබාදීලා රවට්ටලා ඡන්දය ලබාගන්නවා ජනතාවට මම කියන්නේ දේශපාඥයන් ලබාදෙන දේ ගන්න හැබැයි ඒ අයට ඡන්දය ලබාදෙන්න එපා ජන්දය ලබාදිය යුත්තේ උගත් කාර්ය ශූර්ය කැපවීමෙන් වැඩ කරන කෙනෙක්ට අවු 75ක් පමණ පරම්පරා කිහිපයක් තමයි මේ රට පාලනය කළේ නමුත් ඒ පාලනයෙන් ජනතාවගේ ජීවිතවලට කිසිදු දෙයක් වුණේ නෑ අපි ජාවාරම්කාරයන් සමග වැඩ කරන්නේ නෑ එහෙම කළොත් අපිට රට හදන්න බෑ රටේ ජනතාවගේ ජීවිතවලට ප්රමිතියක් ලැබෙන්න නම් ප්රමිතියෙන් ඉහළ පාලකයන් පත්වෙන්න ඕනි රටේ ජනතාවට තුන් වේලක් කන්න විදිහක් නෑ මේ ඔක්කොම රට පාලනය කළ අමන පාලකයන්ගේ වැඩ නිසා වුණු දේවල්නුවරඑළිය නාලක රත්නායක
හිඟ බදු නොගෙවූ අරක්කු සමාගම්වල බලපත්ර අත්හිටුවන්න නියෝගයක් ඕනෑ
පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාව නිර්දේශ කළත් හිඟ සුරාබදු නොගෙවන ආයතනවල බලපත්ර අත්හිටුවීම තමන්ට මුදල් අමාත්යාංශ ලේකම්වරයාගෙන් නියෝගයක් ගත යුතු යැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය කාරක සභාවලින් අපට නිර්දේශ දෙන්න පුළුවන් හැබැයි මට නියෝගයක් ගන්න වෙන්නෙ මුදල් අමත්යාංශ ලේකම්තුමාගෙන් යැයි ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය ජනාධිපති මාධ්ය කේන්ද්රයේදී ඊයේ 26දා පැවැති මාධ්ය හමුවේදී දිවයින ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ගුණසිරි මහතා මේ බව කීවේය පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේ නිර්දේශ ක්රියාත්මක නොකරන්නේ මන්දැයි අසන ලද ප්රශ්නයට පිළිතුරු දෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියේය ප්රශ්නය ආයතන වැසීමක් නෙවෙයිනේ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාව කියන්නේ හිඟ බදු නොගෙවන ආයතනවල බලපත්ර තාවකාලිකව අත්හිටුවන්න කියල පමණයි නේද ඔබ අසත්යයක් නේද ප්රකාශ කරන්නේ සුරාබදු කොමසාරිස් ජනරාල් නෑ ඔබගේ ප්රකාශය මම පිළිගන්නෙ නෑ මම අසත්ය ප්රකාශ කළා කියන එක ප්රශ්නය කාරක සභාව ආයතන වහන්න නිර්දේශ කළේ නෑ සුරාබදු කොමසාරිස් ජනරාල් අත්හිටුවීමේ අන්තිම ප්රතිඵලය තමයි ආයතනය වහන එක බලපත්රය අත්හිටුවනවා කියන්නෙ නිෂ්පාදනය නවත්වනවා අත්හිටෙව්ව කියන්නෙ තාවකාලිකව වහල දාන එක බලපත්රය නෑ කියන්නෙ අනිවාර්යයෙන්ම වහල දානවා ප්රශ්නය ඒ හිඟ බදු තියෙන අරක්කු නිෂ්පාදන සමාගම් දැන් නිසි පරිදි බදු ගෙවාගෙන යනවද සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ ආයතන 2023 වසරේ හිඟ බදු ගෙවාගෙන යනවා මේ වසරේ නොවැම්බර් 30 වන විට ගෙවල අවසන් කරනවා රු මිලියන 755ක් එකතු කළේ අත්හිටුවන්න කියපු ආයතනවලින් ඒ ආයතන දැන් ක්රමානුකූලව හිඟ බදු ගෙවාගෙන යනවා සමහර ආයතන හිඟ බදු ගෙවල අවසන් කර තියෙනවා සමහර ඒවා සැප්තැම්බර් වෙනකොට අවසන් කරනවා ඒ ආයතනවල ඇරියස් වෙලා නෑ සතිපතා ගෙවන්න දීල තියෙනවා ආයතන අත්හිටුවන්න කියන කාරණය ගැන මම මුදල් අමාත්යාංශයට ලියල තියෙනවා ලේකම්තුමා උපදෙස් ගනියි මුදල් ඇමතිතුමාගෙන් අත්හිටුවනවද නැද්ද කියල ඒ අනුව ලැබෙන උත්තරය මම ක්රියාත්මක කරනවා ප්රශ්නය පාර්ලිමේන්තු කාරක සභාවකින් දෙන නිර්දේශයක් ක්රියාත්මක කරන්න නැවත අමාත්යාංශ ලේකම්ගෙන් අවසර ගන්න ඕනද සුරාබදු කොමසාරිස් ජනරාල් ගන්න ඕනෑ ප්රශ්නය ඉතිහාසයේ හැමදාම එහෙමද වෙලා තියෙන්නේ සුරාබදු කොමසාරිස් ජනරාල් මම දන්නෙ නෑ ඉතිහාසය ගැනශ්යාම් නුවන් ගනේවත්ත
තැපැල් ඡන්ද පත්රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර ගනී
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයන් සඳහා යොමු කරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්රිකා අඩංගු රක්ෂිත පැකට් ඊයේ 26දා දිවයින පුරා පිහිටි දිස්ත්රික් ලේකම් කාර්යාලවලදී භාර ගත් බව නියෝජ්ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය භාරගත් තැපැල් ඡන්ද පත්රිකා තැපැල් ඡන්ද ඉල්ලුම් කළ රාජ්ය ආයතනවල සහතික කළ නිලධාරියාට ප්රධානියාට භාරදී අනතුරුව තැපැල් කාර්යාල මගින් ලියාපදිංචි රක්ෂිත තැපැල් ඡන්ද පත්රිකා බෙදාහැරීම සිදුකරන බවද රණසිංහ මහතා කීය මෙවර තැපැල් ඡන්ද හිමියන් 50000කට වැඩි පිරිසක් කුරුණෑගල මහනුවර අනුරාධපුරය ගම්පහ යන දිස්ත්රික්කවල සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය මැතිවරණය අවසන් වන තෙක් තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබේචමින්ද සිල්වා
ගූණාත්මකභාවයෙන් ඉහළ පොහොර මිටියක් රුපියල් පන්දහසකට දෙනවා ගොවීන්ගේ වගා ණය කපා හරිනවා
ගොවියාට අවශ්ය වන ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර කි ග්රෑම් 50 මිටිය රුපියල් 5000කට ලබා දෙන්න කටයුතු කරන බවත් කෘෂිරසායන තෙල් පොහොර මිල නියාමනයකට ලක් කර කළුකඩ වෙළෙදුන්ගෙන් මේ මිල වැඩි වීමේ ක්රමවේදය මුදාගෙන දරාගත හැකි මිලකට කෘෂිරසායන ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය කිව්ආර් කේන්ද්ර කර ගෙන ගොවියාට ධීවරයාට ත්රිරෝද රථ රියැදුරන්ට පාසල් ප්රවාහන සේවාවලට සහ වී මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් දෙන බවත් පාස්කු ප්රහාරය කොරෝනා ව්යසනය කාබනික පොහොර වංචාව නැනෝ පොහොර වංචාව නිසා ගොවි ජනතාව විපතට පත්ව ඇති බවත් තමන්ගේ සීමාසහිත මුදල් උපයෝගී කර ගෙන කණකර උකස් කර ගොවිතැනේ නියැලෙන ජනතාවට පසුගිය කාලයේ පහර පිට පහර එල්ල වී අසීමිට පීඩනයක් පැටවූ බවත් මේ පීඩනයෙන් අසහනයට ලක්ව වේල් 3 දෙන්න බැරි වූ මේ ජනතාව වෙනුවෙන් වගා ණය කපා හරින බවත් විපක්ෂ නායකවරයා පැවසීය එමෙන්ම ගොවියාගේ නිෂ්පාදනයට සාධාරණ සහතික මිලක් ලබාදෙන බවත් වංචනික ලෙස ගොවියාටත් පාරිභෝගිකයාටත් අසාධාරණයක් සිදු කරන වංචාවන්ට ඉඩ නොදී පාරිභෝගිකයාට සාධාරණ මිලක් මෙන්ම වී ගොවියාට ඉහළ සහතික මිලක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ දාහතර වැනි විජයග්රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් 25 දා පොළොන්නරුව හිඟුරක්ගොඩ නගරයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ ය ඇප නැතිව රාජ්ය බැංකුවලින් කෝටි ප්රකෝටි ගණන් ණය ලබා ගත් සමහර ධනවතුන් බලයේ සිටින අය සමඟ ගජමිතුරු සම්බන්ධතා ඇති නිසා එම ණය කපා හැරියත් ගොවියාගේ ණය කපා හරින්න රජයට නොහැකි වී ඇති බවත් සමගි ජන බලවේග රජයක් තුළ රටට බත සපයන ගොවි ජනතාවට කෘතගුණ සලකනු වස් මේ ණය කපා හරින බවත් ගොවියා රකින පොඩි මිනිසාගේ ජනාධිපතිවරයා ලෙස එම යුතුකම ඉටු කරන බවත් රටට බත සපයන ගොවියා වෙනුවෙන් කැපවෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය දිස්ත්රික්ක ගණනාවක පාරම්පරික ගොවිබිම් අහිමි වූ බවත් මායිම්ගල් දමා දශක ගණනාවක් වගා කටයුතු කළ ඉඩම් අහිමි වුවත් ඒවා නැවත ලබාදෙන බවත් මේ රටේ පරිසර සම්පත වනජීවී සම්පත වෙනුවෙන් ද ඉහළ ප්රමුඛස්ථානයක් ලබා දෙන බවත් ප්රජා කේන්ද්රීය ජනතා කේන්ද්රීය වනජීවී සම්පතක් කරා යොමුවන බවත් ගොවිබිම් ආරක්ෂා කරමින් වගා හානියට වගා පාලුවට විධිමත් රක්ෂණ ක්රමයක් ඇති කර වනඅලි මිනිස් ගැටුම අවම කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය රටේ මේ වන විට ඉන්නේ වැඩබැරි නායකයෝ සහ කයිය නායකයෝ වුවත් සමගි ජන බලවේගය 76 වසරක ප්රජාතන්ත්රවාදී ඉතිහාසය තුළ සක්වල හා හුස්ම වැඩසටහන් හරහා රුපියල් බිලියනයක වැඩ කර නව ජන වරමක් වෙනුවෙන් පැමිණ ඇති බවත් කයිය නායකයෝ රට වටේ කයිය ගියාට තමා වැඩ කරමින් යන බවත් රටේ ප්රශ්න කයිවාරුවෙන් සෝබනවලින් විසඳිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය
මත්ද්රව්ය පාලනයට යෝජනා 12ක් සියලු ජනපති අපේක්ෂකයන්ට
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියලු අපේක්ෂකයන් වෙත මiසාර දුම්වැටි පාලනය සහ මත්ද්රව්ය පාලනය වෙනුවෙන් සැකසුණු යෝජනා 12ක් ඉදිරිපත් කිරීමට මද්යසාර හා මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය පියවර ගෙන ඇත මද්යසාර හා මත්ද්රව්ය භාවිතය හේතුවෙන් ආර්ථිකමය සෞඛ්යමය හා සමාජයීය ගැටලු රැසකට මෙරට මුහුණ දී ඇති බව පෙන්වා දෙන එම මධ්යස්ථානය දුම්වැටි හා මද්යසාර භාවිතයෙන් දිනකට මෙරට පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් අකාලයේ මරණයට පත්වන බවද සඳහන් කරයි මෙරට සිදුවන මරණ අතරින් වළක්වා ගත හැකි සෑම මරණ 10කින් 8කටම බෝනොවන රෝග NCD හේතුවන අතර එම රෝග ඇතිවීමට බලපාන ප්රධාන සාධක 4න් 2ක්ම දුම්වැටි සහ මද්යසාර භාවිතය හේතු වී ඇතැයි සෞඛ්ය අමාත්යාංශ තොරතුරුවල දැක්වෙයි මෙම තත්ත්වය යටතේ දුම්වැටි මද්යසාර සහ අනෙකුත් මත්ද්රව්ය ගැටලු පාලනයට යෝජනා හා නිර්දේශ 12ක් මෙරට ජනපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබේ මද්යසාර සහ දුම්වැටි සඳහා වූ බදු උද්ධමනයට සහ ආර්ථික වර්ධනයට ගළපමින් සෑම වසරකම සුරාබදු වැඩි වන විiාත්මක බදු සූත්රයක් හඳුන්වා දීමටත් දුම්කොළ සහ මද්යසාර සමාගම් පැහැරහැර ඇති බදු අය කර ගැනීමටත් මද්යසාර සහ දුම්කොළ භාවිතය හා ප්රවර්ධනය අවම කිරීමට සම්මත කර ඇති නීති හා ප්රතිපත්ති ක්රියාත්මක කිරීම මෙන්ම දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට යෝජනා කර ඇති සංශෝධන කඩිනමින් සම්මත කර ගැනම මෙම යෝජනා අතර ප්රධාන වේසුජීව තත්සර
හතියට දෙන ඉන්හේලර් වර්ග රෝහල්වල නෑ විශේෂඥ වෛද්ය චමල් සංජීව
හතිය රෝගයට ලබාදෙන ඉන්හේලර් උරන බෙහෙත් වර්ග රජයේ රෝහල් තුළ නොමැති වීමෙන් රෝගී ජීවිත බරපතළ අවදානමකට ලක්ව ඇතැයි වෛi හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි මෙම තත්ත්වය හේතුවෙන් රෝගී කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද අසරණ වී ඇතත් බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීමෙන් මෙරට නිදහස් සෞඛ්යය අවදානමට ලක්ව ඇතැයි එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්ය ජීජී චමල් සංජීව මහතා පවසයි ඖෂධ සැපයුම් ජාලය නිවැරදිව පවත්වාගෙන යෑමට සෞඛ්ය අමාත්යාංශය අසමත්වීම හේතුවෙන් නවීන වෛද්ය පර්යේෂණ හා පහසුකම් මෙරට රෝගීන්ට ලබාගැනීමට නොහැකි වී ඇති බවත් ඖෂධ හා රසායනාගාර සේවා සඳහා විශාල මුදලක් වැය කිරීමට ජනතාවට සිදුව ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි මීට අමතරව සීටී සහ එම්ආර්අයි යන්ත්ර පහසුකම් පවා ප්රධාන රෝහල්වල මෙන්ම දුර බැහැර රෝහල්වලත් නොමැති වීමෙන් එම වෛi පරීක්ෂණ සිදුකිරීමට ද විශාල මුදලක් වැය කිරීමට දුප්පත් රෝගීන්ට නොහැකි වීමෙන් ජීවිත අවදානම තවදුරටත් ඉහළ යමින් ඇතැයි විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පවසයිසුජීව තත්සර
අයැදුම්පත් දුන්නත් හැඳුනුම්පත් ලැබී නැති අයට ඡන්දය ප්රකාශ කරන්න විශේෂ ලිපියක්
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති එහෙත් තවමත් හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකිව සිටින පුද්ගලයන් වෙනුවෙන් ජනාධිපතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීම සඳහා පමණක් තොරතුරු තහවුරු කිරීමේ විශේෂ ලිපියක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්යක්ෂ එම් එල් ඒ සංජිව මහතා පැවසීය ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ එක්දින සේවාව යටතේ දකුණු පළාත් කාර්යාලයෙන් දිනකට හැඳුනුම්පත් 300ක පමණ සංඛ්යාවක් නිකුත් කරනු ලබන අතර දිවයිනේ ඕනෑම පළාතක කෙනකුට පැමිණ දකුණු පළාත් කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ හැඳුනුම්පත ලබා ගැනීමට හැකි අතර අවශ්ය අයට හැඳුනුම්පත ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කරගැනීමට හැකි බවද ඒ මහතා පැවසීය එයට අමතරව සාමාන්ය සේවාව යටතේ වසරකට හැඳුනුම්පත් 40000ත් 45000ත් අතර සංඛ්යාවක් නිකුත් කරන බවත් ඒ අනුව මෙම වසරේ ගතවූ මාස හය තුළ හැඳුනුම්පත් 26696ක් නිකුත් කර ඇති බවත් ඒ මහතා පැවසීය අයැදුම්කර ඇති සියලුම පුද්ගලයන්ට ජනාධිපති මැතිවරණයට පෙර හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින අතර එසේ නොහැකිවන අයට ඡන්දය ප්රකාශ කිරීම සඳහා පමණක් තොරතුරු තහවුරු කිරීමේ ලිපියක් නිකුත් කරන බවත් ඒ මහතා කියා සිටියේය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දකුණු පළාත් කාර්යාලය ගාල්ල වක්වැල්ල පාරේ කඩවත් සතර ප්රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලේ පිහිටුවා ඇතඅහංගම සුගතපාල දීයගහගේ සහ වංචාවල ගැමුණු චන්ද්රලාල්
ගිය වසරේ රට වටින්ම ක්ෂය රෝගීන් 9535ක්
පසුගිය වසරේ 2023 දිවයිනේ පළාත් නවයෙන් ක්ෂය රෝගීන් 9535ක් හඳුනාගෙන ඇත ඒ අතුරින් 4576ක් බස්නාහිර පළාතෙන් හමුවී ඇති අතර එම සංඛ්යාව 4362ක් බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි හඳුනාගත් ක්ෂය රෝගීන් අතරින් 25ක් කොළඹ මහ නගර සභා බල ප්රදේශයෙන් වාර්තා වන බව එම වැඩසටහනේ අධ්යක්ෂිකා විශේෂඥ වෛද්ය ප්රමිතා ශාන්තිලතා මහත්මිය පැවැසුවාය බස්නාහිර පළාතෙන් පසු දෙවැනි තැනට රෝගීන් වාර්තා වන්නේ මධ්යම පළාතෙන් වන අතර එම සංඛ්යාව 986කි ප්රතිශතයක් ලෙස 1034කි අඩුම ප්රතිශනයක් වාර්තා වන්නේ ඌව පළාතෙන් වන අතර එම සංඛ්යාව 407කි ප්රතිශතයක් ලෙස එය 426කි දකුණු පළාතෙන් 844 ක්ද 885 සබරගමුවෙන් 751ක්ද 787 වයඹින් 717ක්ද 752 නැඟෙනහිරින් 576ක්ද 604 උතුරින් 444ක්ද 465 උතුරු මැදින් 448ක්ද 47 වශයෙන් ක්ෂය රෝගීන් පිළිබඳව වාර්තා වේ ක්ෂය රෝගය ශ්වසන පද්ධතිය ඇතුළු පෙනහලු ආශ්රිතව පමණක් නොව ශරීරයේ නිය හා කෙස් ඇතුළු ඕනෑම අවයවයක් ආශ්රිතව වැළඳිය හැකි බව පවසන අධ්යක්ෂවරිය මොළය වසා ගැටිති අස්ථි පද්ධතිය සම ඇස් වකුගඩු ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළු ශරීරයේ ඕනෑම ඉන්ද්රියක මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව ද කියා සිටී තම ශරීරයේ සැකකටයුතු වෙනස්වීමක් ශ්වසන පද්ධතියට අදාළ යම් අපහසුතාවක් ඇති වුවහොත් රජයේ රෝහල්වල සායනයක් වෙත යොමුවන ලෙස ද විශේෂඥ වෛද්යවරිය ඉල්ලා සිටියායජූඩ් ඩෙන්සිල් පතිරාජ
මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ නිදහස් අරගලය දිනා දීමට අවිහිංසාවාදීව සටන් කළා
ඉන්දියාවත් ශ්රී ලංකාවත් අතර වසර 2500 ඈතක සිට සම්බන්ධතාවයක් පවතිනවා අප ඒ සම්බන්ධතාවය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු වනවා ඒ සඳහා මෙවැනි ඉන්දීය හා ශ්රී ලංකා මිශ්ර සංස්කෘතික අංගවලින් පිරි වැඩසටහන් මහත් පිටිවහලක් වනවා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික මධ්යස්ථානයේ අධ්යක්ෂ මහාචාර්ය කුරාන් දුප්තා මහතා එසේ පැවසුවේ ඉන්දියානු 78 වැනි ජාතික දිනය නිමිති කරගෙන ඉන්දීය සහ ශ්රී ලංකා සංස්කෘතික ගායනා හා නර්තනයන්ගෙන් අලංකෘත වූ සැමරුම් උත්සවයක් ඉකුත් දින 25දා ජාඇළ ගුරුගේ නේචර් පාක් හි ශ්රවණාගාරයේදී පැවැත්වූ අවස්ථාවේදීය මෙම සැමරුම් උත්සවය ලෝක මනුෂ්යත්ව පදනමේ සභාපති සහ විධායක අධ්යක්ෂක ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂක දායක සභාවේ නියෝජ්ය සභාපති ශාසනාභිමානි දේශභක්ති බුද්ධ ශාසන කීර්ති ශ්රී ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතාගේ ආරාධනය පරිදි පැමිණි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික මධ්යස්ථානයේ අධ්යක්ෂක මහාචාර්ය අන්කුරාන් දුප්තා මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි ප්රධාන ආරාධිතයා නේචර් පාක් දොරටුව අසලදී ආචාර්ය ධනවර්ධන ගුරුගේ සහ මනුෂ්යත්ව පදනමේ ප්රධාන ලේකම් ධම්මික සමරවික්රම යන මහත්වරුන් විසින් පිළිගෙන අශ්ව කරත්තයකින් මඟුල් බෙර සහ වෙස් නැටුම් මැද උත්සව භූමිය වෙත කැඳවාගෙන යනු ලැබීය මෙහිදී වැඩිදුරටත් කතා කළ අන්තුර් දුප්තා මහතා මෙසේ ද පැවසීය ඉන්දීය ජනතාවගේ අසහාය ජනනායකයකු බවට පත්වුණ මහත්මා ගාන්ධිතුමා 1937 වසරේදී ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා එතුමා ඇතුළු ඉන්දීය ජන නායකයන් එදා ඉන්දියාව අධිරාජ්යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට විවිධ ආකාරයෙන් සටන් කළා මේ අවස්ථාවේදී ශ්රී ලාංකීය ජනතාවද ඉන්දියාවේ ජාතික සටනට තම සහයෝගය ලබාදී තිබෙනවා 1957 වසරේ ජනතාව විසින් තමන් විසින් එකතු කරන ලද යම්කිසි මුදලක් ද ඉන්දියාවට ලබාදී තම දායකත්වය සපයා දී තිබෙන බව මෙහිදී මතක් කරන්න කැමැතියි ශ්රී ලංකාව රම්ය භූමියක් මෙත්තා කරුණා මුදිතා සහ උපේක්ෂා යන කරුණු පදනම් කරගෙන හැඩගැසුණ ජනකොටසක් සිටින රටක් අද මේ රටේ කරගෙන යන දහම් පාසල් අධ්යාපනය එයට සාක්ෂි දරනවා ඉන්දියාවේදී සංගීත හැදෑරූ ශ්රී ලංකාවේ ජාතික ගීය රචනා කළ ආනන්ද සමරකෝන් මහතා අදත් ඉන්දීය ජනතාවගේ ගෞරව ආදරයට ලක්වූ අයෙක් වනවා මෙහිදී විශේෂ අමුත්තන් විසින් ශ්රී ලාංකීය හා ඉන්දීය ජාතික ගොඩි එසවීම ඉන්දියානු ජාතික වෘක්ෂයක් සිටුවීම මහත්මා ගාන්ධි පිළිරුවට සුදු මල් මාලයක් පැලඳවීම පොල් තෙල් පහන් දැල්වීම ද සිදු කරන ලදී මෙම සැමරුම් උත්සවයේදී ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා කතා කරමින් මෙම උත්සවයට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික මධ්යස්ථානයේ අධ්යක්ෂක මහාචාර්ය අන්කුර් දුප්තා මහතාගේ සහභාගිවීම ගෞරවයක් බව සඳහන් කළේය ලෝක මනුෂ්යත්ව පදනම මේ ්වන විට සමාජ සේවා කටයුතු රැසකට දායකත්වය ලබාදී ඇති බවත් ඉදිරියේදී අධ්යාපන සෞඛ්ය අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන බවත් පැවසීය 1947 ඉන්දියාවට නිදහස ලබාගැනීමට මහත්මා ගාන්ධිතුමා කළ කැපවීම වගේම එම ආභාෂයෙන් 1948 අප රටට නිදහස ලබාගැනීමටත් පසුබිම සැකසුණා යැයි ද ඔහු කීය අද මෙම උත්සවයට වැඩම කළ මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් සියලු ආගමික නායකයන්ටත් ගෞරවපූර්වක ස්තුතිය පුද කරන බවද පැවසීය ආචාර්ය අයි දිසානායක මේජර් ජෙනරාල් ආචාර්ය බොනිපස් පෙරේරා ආචාර්ය ඩී එස් කේ පතිරණ යන මහත්වරු කතා කළහ මෙම උත්සවයට ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක දීවලී මහින්ද මාහිමියන් ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී අත්තංගනයේ ශාසන රතන මාහිමියන් නියෝජ්ය ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේකම් පාලිත මාහිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක් ද හින්දු මුස්ලිම් කතෝලික පූජකවරුන් රැසක්ද ී්ඍක් සංස්කෘතික මධ්යස්ථානයේ නියෝජ්ය අධ්යක්ෂ බීනා ගාන්ධි මහත්මිය ද සහභාගි වී සිටියහ මෙහිදී ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා අතින් ප්රදේශයේ දහම් පාසල් කීපයක 500කට අධික සිසු දරුවන් පිරිසකට අභ්යාස පොත් ප්රදානය කරන ලදී මෙම සංස්කෘතික උත්සවයේ පිළිගැනීමේ කතාව ආචාර්ය අයි දිසානායක මහතා විසින් පවත්වන ලද අතර ස්තුති කතාව ආචාර්ය ඩී එස් කේ පතිරණ මහතා විසින් සිදුකරන ලදීබී ටී කොටින්කඩුව ජාඇළ අතිරේක
දූෂණය මුලිනුපුටා දැමීමට බුද්ධිමත් නිර්භීත නායකයෙක් ජාතියට අවශ්යයි
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් හා ඡන්දදායකයන් නොමඟ යවමින් මැතිවරණ ව්යාපාරයේ යෙදෙන දේශපාලන පක්ෂ නායකයන් අවංකව හා සාධාරණව රට පාලනය කරනු ඇතැයි සිතිය නොහැකි බව ශ්රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී ශ්රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා හා මහලේකම් ජේඩී ඇන්තනී පෙරේරා යන රදගුරුතුමන්ලාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ ව්යවස්ථාදායකය විධායකය හා අධිකරණය යන අප රටේ ප්රජාතන්ත්රවාදයේ කුලුනු ත්රිත්වයෙහි ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයකු රටට අවශ්යය යන්න අපගේ දැඩි විශ්වාසය වේ ජනතා සුබසිද්ධිය හා රටේ සංවර්ධනය වෙනුවෙන් තම ආත්මාර්ථකාමී අවශ්යතා හා න්යායපත්ර වෙනුවෙන් බලතල හා බලාධිකාරී තනතුරු සඳහා තණ්හාවෙන් කටයුතු කිරීමට මිනිසුන් පොලඹවන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අවශ්යතාව අවධාරණය කරමු දිගු කලක් බලා සිටි දූෂණය හා ඒ ආශ්රිත දුර්ගුණ මුලිනුපුටා දැමීමට අවශ්ය ක්රම හා වෙනස සිදුකිරීමට බුද්ධිමත් හා නිර්භීත නායකයකු ශ්රී ලාංකික ජාතියට අවශ්යය විශේෂයෙන්ම ආකර්ෂණීය බොරු පොරොන්දු දෙමින් ඡන්දදායකයා නොමඟ යැවීමෙන් වළකින ලෙසත් මැතිවරණ ව්යාපාරයේ යෙදී සිටින තම සංවිධායකවරුන් හා ආධාරකරුවන් කියන කරන දේ පිළිබඳව සුපරික්ෂාකාරීව සිටින ලෙසත් සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිමු
ඊශ්රායලයේ යුද බිය ඇවිළෙයි දෙපැත්තෙන්ම රොකට්ඩ්රෝන මිසයිල ප්රහාර
ඊශ්රායල හමුදා හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර දරුණු ගැටුම් හටගෙන තිබේ ඊශ්රායල හමුදාව ප්රහාරක ගුවන්යානා සියයක් යොදා ගනිමින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්රහාර එල්ල කර ඇති අතර හිස්බුල්ලා සංවිධානය ඊශ්රායලයට මිසයිල ප්රහාර රැසක් එල්ල කර තිබිණි ඉරිදා 25දා අලුයම සිට මේ ගැටුම් ඇවිළී තිබේ දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත මෙලෙස ගුවන් ප්රහාර එල්ල වී තිබේ උතුරු ඊශ්රායලයට රොකට් හා ඩ්රෝන ප්රහාර 320ක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය කියයි ඊශ්රායලයට එරෙහිව ප්රහාර එල්ල කිරීමට හිස්බුල්ලා සංවිධානය සූදානම් වූ නිසා මෙලෙස ගුවන් ප්රහාර එල්ල කළ බව ඊශ්රායල හමුදාව කියයි ඊශ්රායල් හමුදාව පවසන්නේ තම ප්රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ යුද නායකයා වූ ෆුවාඩ් ශුකුර් මියයෑමට පළිගැනීමක් වශයෙන් මෙම ප්රහාර එල්ල කරන්නට ඇතිබවයි හිස්බුල්ලා සංවිධානය පවසන්නේ තමන් ඊශ්රායල් හමුදා කඳවුරු 11කට ප්රහාර එල්ල කළ බවයි මේ අතර ධවල මන්දිරය පවසා ඇත්තේ ඊශ්රායලයේ තත්ත්වය ගැන ජනපති ජෝ බයිඩන් විමසිල්ලෙන් සිටින බවය මේ යුදමය තත්ත්වය නිසා ඊශ්රායලය පැය 48ක හදිසි තත්ත්වයක් ප්රකාශ කර තිබේ කෙසේ නමුත් ඊශ්රායලය හා හිස්බුල්ලා සංවිධානය ප්රකාශ කර ඇත්තේ තමන්ට යුද්ධයකයට පිවිසීමට අවශ්ය නොවන බවය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ ටෙල් අවිව් නගරයටත් රොකට් ප්රහාර පතිත වී ඇති බවයි මේ අතර ඊශ්රායලයේ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්යාංශය නිවේදනය කර සිටීචතුර පමුණුව
ඡන්දයට එන අපේක්ෂකයා වෙනත් කෙනෙක් පුම්බන්න ගියොත් බලාගෙනයි
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා වෙනත් අපේක්ෂකයකු ප්රවර්ධනය කිරීමට කටයුතු කළහොත් ඔහුට සහ ප්රචාරක කටයුතු සිදුකරන මාධ්ය ආයතනවලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා දිවයිනට ඊයේ 26දා පැවසීය මේ පිළිබඳව ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා සහ මැතිවරණ කොමිසම විමසුමෙන් සිටින බවත් විද්යුත් මාධ්යයෙන් සිදුකරන ප්රවර්ධන කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමුකරන බවත් ඒ මහතා කීය මෙම විමර්ශනයේදී යම් අපේක්ෂකයකු වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් ප්රවර්ධන කටයුතු සිදුකරගෙන යන බවට පෙනී ගියහොත් එම අපේක්ෂකයාට ලබාදෙන ගුවන් කාලය අත්හිටුවීමට පියවර ගන්නා ලෙසට කොමිසමෙන් අදාළ විද්යුත් හෝ මුද්රිත ආයතනවලට ලිපියක් මගින් දැනුම්දීමට කටයුතු කරන බවද ඒ මහතා කීය ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා සහ මැතිවරණ කොමිසම සිදුකරගෙන යන විමර්ශනයේදී රාජ්ය මෙන්ම පෞද්ගලික සියලු මාධ්යයන් සම්බන්ධව අවධානයෙන් සිටින බවද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීයචමින්ද සිල්වා
තෙල් කෝච්චියක් මරදානේදී පීලි පනී දුම්රිය වේදිකා දෙකකට බර හානි
ගාල්ල සිට මරදාන බලා පැමිණි ඉන්ධන ප්රවාහනය කරන දුම්රියක් ඊයේ 25දා අලුයම 100ට පමණ මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්වීමෙන් අංක 03 හා අංක 4 දුම්රිය වේදිකාවලට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී ගමනාගමන එන්ජේ ඉඳිපොලගේ මහතා දිවයිනට පැවැසීය මෙම දුම්රියේ මැද ප්රදේශයේ එක් දුම්රිය මැදිරියක් අංක 4 දුම්රිය වේදිකාව මතට වැටී තිබූ බව ද හෙතෙම කීය පීලි පැනීමට ලක්වූ දුම්රිය මාර්ගයේ වැඩකටයුතු ඊයේ සවස් වනතුරුත් සිදුකරමින් තිබූ අතර මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල විය අංක 34 දුම්රිය වේදිකාවලට සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැතැයි ද පීලි පැනීමට ලක්වූ ඉන්ධන ප්රවාහනය කරන දුම්රිය ගාල්ලට ඉන්ධන ප්රවාහනය කර නැවත පැමිණෙමින් තිබියදී සිද්ධිය සිදුවී ඇති බව ද දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරිවරයා කියා සිටියේයප්රදීප් ප්රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය
ජනපතිවරණය අවසන් වන තෙක් තැපෑලේ නිවාඩු අවලංගුයි
ජනාධිපතිවරණය අවසන් වන තෙක් වහාම ක්රියාත්මක වන පරිදි තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබේ ජනාධිපතිවරණයට අදාළ කටයුතු මූලික කර ගනිමින් ඔවුන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කළ බව නියෝජ්ය තැපැල්පති රාජිත රණසිංහ මහතා දිවයින ට ඊයේ 25දා පැවැසීය මෙම මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්රිකා අද 26දා දිවයින පුරා පිහිටි දිස්ත්රික්ක කාර්යාලවලින් ලබාගැනීමට වැඩපිළිවෙළක් තැපැල් දෙපාර්තමේන්තුව සකස් කර ඇතැයි ද හෙතෙම කීය මෙවර තැපැල් ඡන්ද භාවිතා කිරීම සඳහා හත්ලක්ෂ දෙළොස්දහස් තුන්සිය දහනව දෙනකු 712319 සුදුසුකම් ලබා සිටින බවත් ඔවුන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අදාළ තැපැල් ඡන්ද පත්රිකා දින තුනක් තුළ බෙදාහැරීමට තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවත් හෙතෙම කීය මෙවර වැඩිම තැපැල් ඡන්ද හිමියන් සංඛ්යාවක් කුරුණෑගල දිස්ත්රික්කය තුළ සිටින බවත් එම සංඛ්යාව 76977 ක් බවත් පැවැසූ රණසිංහ මහතා ඡන්ද පත්රිකා බෙදාහැරීම සඳහා තැපැල් සේවකයන් 22000ක් යොදවා ඇතැයි ද පැවැසීය තැපැල් ඡන්ද භාවිතා කිරීම සඳහා සැප්තැම්බර් 04 05 06 යන තෙදින නම්කර ඇත කිසියම් අයකුට අත්යවශ්ය හේතුවක් මත නිවාඩු ලබාගැනීමට අවශ්ය වුවහොත් පළාත් භාර නියෝජ්ය තැපැල්පතිගේ අවසරය ලබාගැනීමට සිදුවන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීයචමින්ද සිල්වා
කෘතීම රා ගැන සොයා බලා ජනතාවට සහ රජයට අවදානම කියනවා
කෘතීමව නිපදවා බෝතල් කළ රා පරිභෝජනය කරන ජනතාව අතර සිදුවිය හැකි සෞඛ්ය අවදානම පිළිබඳ විශේෂ අධ්යයනයක් සිදුකර එම තොරතුරු රජය ඇතුළු වගකිවයුතු පාර්ශ්වවල අවධානයට යොමු කරන බව මහජන සෞඛ්ය පරීක්ෂක නිලධාරීන්ගේ සංගමය පවසයි මාධ්ය වෙත අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද ඉලක්ක කරගෙන ඇතැම් ආධාරකරුවන් වතුකරයේ කම්කරු ජනතාව අතර කෘතීම බෝතල් රා නොමිලයේ බෙදාහරින බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සිදුකරන ලද අනාවරණ පදනම් කරගෙන මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බවයි බෝතල් කළ කෘතීම රා වර්ග පාරිභෝජනය නිසා සිය ශ්රම බළකාය දැඩි සෞඛ්ය අවදානමක පසුවන බවට තේ සහ රබර් වතු පරිපාලනාධිකාරිවරුන් ද මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් වෙත පැමිණිලි කර තිබෙන බව පැවසූ උපුල් රෝහණ මහතා බෝතල් කළ රාවල අන්තර්ගතය පිළිබඳ විධිමත් අධ්යයනයක් කර ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන බව කීය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේ ද කියා සිටියේය නුවරඑළිය බදුල්ල සහ හැටන් වැනි වතු කම්කරු ජනතාව බහුල ප්රදේශවල කාලයක ඉඳලා මේ බෝතල් කළ කෘතිම රා නීත්යානුකූල ආකාරයට අලෙවි කරනවා මේවා භාවිතය නිසා තමන්ගේ ශ්රම බළකාය අතර විශාල සෞඛ්ය ප්රශ්න ඇතිවී තිබෙන බව සහ ඉදිරියේදී තමන් කම්කරු ශ්රමය පිළිබඳ ගැටලුවකට මුහුණ දිය හැකි බවට වතු පාලනාධිකාරිය මැසිවිලි නඟනවා මෙය රටට විශාල සෞඛ්ය ප්රශ්නයක් බව අපිටත් එහිදී අවබෝධ වුණා කෘතිමව රා නිපදවන බවට සහ ඒවායේ අන්තර්ගතය සෞඛ්යට අහිතකර බවට විවිධ තොරතුරු වාර්තා වෙනවා නමුත් ඒ පිළිබඳ විධිමත් ආකාරයේ අධ්යයනයක් සිදු කර නොමැති නිසා අපි මේ ගැන සොයා බලා ජනතාවට තොරතුරු කියන්න තීරණය කළා
අතීත හර පද්ධතීන් සහ ලෝකයේ නව වෙනස්කම් උකහාගෙන දියුණු ශ්රී ලාංකීය ජාතියක් ගොඩනැඟීම අපේ පැතුමයි
මන්ත්රීවරුන් ඇමැතිවරුන් මුදලට විකිණෙන මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කර නව පුනරුදයේ දේශපාලන සංස්කෘතියක් ලංකාවට ගෙනෙන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 23 වැනිදා මහරගමදී පැවසීය ජාතික භික්ෂු පෙරමුණ ජාතික පුනරුදයකට පෙරමඟ කියන සඟරුවනේ මහ පෙළහර යන මැයින් සංවිධානය කළ සමුළුව අමතමින් ඔහු එසේ කීය මහරගම ජාතික තරුණ සේවා සභා ශ්රවණාගාරයේ මෙම භික්ෂු සමුළුව පැවැති අතර අති විශාල භික්ෂුන් වහන්සේලා ඉදිරියේ තවදුරටත් කතා කළ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය අපේ රටේ සමාජයට වඩා විශාල ලෙස පිරිහීමට භාජනය වෙලා තියෙනවා දේශපාලන සංස්කෘතිය ඇමැතිකම ගත්තත් මන්ත්රීකම ගත්තත් ඒ ධුරවල ඉන්නත් ඇතැම් අය මුදල් ගන්නවා අද ඇමැති තමන්ගේ පුටුවේ වාඩි වෙන්නෙ කීයක් හොයන්නද කියලා එයාට වැඩියෙන් මුදල් දෙන්නෙ කව්ද ඒ පැත්තට එයා පනිනවා සමහර අය පනින්න නොවෙයි ඒ තනතුරුවල ඉන්නත් සල්ලි ගන්නවා නැත්තන් යනවා මේ කැත මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා මේ රටට නව පුනරුදයේ දේශපාලනයක් ගේන්න කටයුතු කරනවා සිංහල බෞද්ධ පරිසරයක මා හැදුණෙ වැඩුණෙ මගේ අම්මා තාත්තා සිංහල බෞද්ධ අපේ අනුරාධපුරේ ගෙවල් ඉදිරිපිට තමයි පන්සල තිබුණේ දැන් අත්තංගනේ මහානායක හිමිපාණන් වැඩසිටින පන්සල ආසන්නයේ තමයි අපේ නිවස තිබෙන්නෙ ඊට පෙර වෙහෙරගල පන්සල අසල තිබුණේ ඒ පන්සලේ නායක හාමුදුරුවෝ තමයි අපිට බෞද්ධාගම ඉගැන්නුවේ ඒ පන්සලේ නායක හාමුදුරුවන් වැඩම කරනකොට මට මතකයි අපි දුවගෙන ගිහින් වඳිනවා අපි ක්රමානුකූලව සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතුලේ ගොඩ නැඟෙන්න පටන් ගත්තා අපේ අම්මලා තාත්තලා අපිට හොඳ නරක කියලා දෙන්න උපුටා ගත්තේ ජාතක කතා අපි වැඩිහිටියන්ට සැලකිය යුතු බවට අපට කියා පාන්නෙ ජාතක කතා අපේ ගමේ නැටුම් මොනවා හරි තිබුණා නම් සල්පිල් ඒ සමාජ ක්රියාකාරකම් තිබුණෙත් පන්සලේ ඒ නිසා එහෙම පරිසරයක හැදෙන කෙනකුට සිංහල බෞද්ධ ආධ්යාත්මයක් ඇති වෙනවා ඒක එහෙම තමයි හැබැයි ඒ වගේම දෙමළ හින්දු පරිසරයක හැදුණු වැඩුණු කෙනෙකුට ඔවුන්ගේ ආගමික ශාස්තෘන් වහන්සේලා තමයි ඔවුන්ගේ දිවියට මඟ පෙන්වන්නේ ඔවුන්ගේ සංස්කෘතිය බවට පත්වන්නේ තෛපොංගල් එතකොට ඔවුන්ට දෙමළ හින්දු ආගමික ආධ්යාත්මයක් ඇති වෙනවා මුස්ලිම් ඉස්ලාම් ජන කණ්ඩායම් දෙස බැලුවොත් ඔවුන් හැදී වැඩෙන්නෙ මුස්ලිම් ඉස්ලාම් පරිසරයක් ඇතුළේ ඔවුන්ට ජීවිතයේ එදිනෙදා ගතවන ආකාරයට මඟ පෙන්වන්නෙ අල් කුරානය අල් කුරානය මත තමයි ව්යාපාරයක් කරන්නෙ කොහොමද අනෙකාට මඟ පෙන්වන්නෙ කොහොමද කියලා අල්කුරානය මත තමයි ඔවුන්ගේ ජීවිතය ගොඩ නැඟෙන්නේ ඔවුන්ගේ සංස්කෘතික උත්සවය බවට පත්වන්නේ රාමසාන් අපි ක්රිස්තියානි ප්රජාවක් බැලුවොත් ඔවුනට හොඳ නරක කියා දෙන්නෙ එක්කො බයිබලය එක්කො ක්රිස්තු චරිතය ඔවුන්ගේ සංස්කෘතික අංගය බවට පත්වන්නේ පල්ලියේ මංගල්යය අපි හැදෙන වැඩෙන පරිසරය අනුව අපිට ආධ්යාත්මයක් ඇතුල් කරනවා එය සිංහල බෞද්ධ අධ්යාත්මය දෙමළ හින්දු අධ්යාත්මයත් මුස්ලිම් ඉස්ලාම් අධ්යාත්මයත් එහෙම නැත්නම් කිතුනු අධ්යාත්මයක් පුරවැසියන්ට ඇතුල් වෙලා තියෙනවා දැන් අපි හැදුණු වැඩුණු පරිසරයේ අපට ඇතුල් කොට තිබෙන ආධ්යාත්මය අනෙකා කෙරෙහි සතුරු භාවයට පත්කර ගැනීමේ මෙවලමක් විය යුතුද අනෙකා කෙරෙහි කෝපයට පත්කරන මෙවලමක් බවට පත්විය යුතුද මගේ ආධ්යාත්මය මට අනෙකා සතුරෙක් බවට පත්විය යුතුද මගේ ආධ්යාත්මය මට අනෙකා කෙරෙහි වෛරය ඇතිකළ යුතුද මම හිතන්නෙ එහෙම නැහැ කියලා හැබැයි අපේ රටේ මොකක්ද සිදුවී තිබෙන්නෙ මේ දේශපාලනය විසින් සිදුවී තිබෙන දේ තමයි අන්න අර එක් එක් ජන කණ්ඩායම් සංස්කෘතීන් තුළ තිබෙන වෙනස් වූ ආධ්යාත්මයන් වේදිකාවට ගෙනැල්ලා කඩු අතට දීලා සටනට දානවා ඕකයි අපේ රටේ දේශපාලන සිතියම ඉතිහාසයේ ඒ නිසා අපේ රටේ ආණ්ඩු හැදෙන්නේ අපේ රටේ පාලනයක් හැදෙන්නෙ අනෙකාට එරෙහිව අනෙකාගේ ආධ්යාත්මයට රිද්දවලා අනෙකාගේ සංස්කෘතීන්වලට රිද්දවලා අනෙකාට එරෙහිව හදන ආණ්ඩුවකට කවදාවත් රටක සමගිය නිර්මාණය කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ ඒ නිසා අපි කියනවා අපට පැවරී තිබෙන වගකීම් අතර ප්රධානම වගකීම අපි ආණ්ඩුවක් සෑදිය යුතුයි නමුත් අනෙකාට එරෙහිව නෙමෙයි සියලු දෙනාම එකතු කරගත් සමගි සම්පන්න ආණ්ඩුවක් අපි හදන්න ඕන ලංකාවේ එක වතාවක් හරි අපි මේ වැඩේ කරන්න ඕනෙ අපේ හාමුදුරුවනේ අනෙකාගේ ආධ්යාත්මය තුවාල නොකරන අනෙකාගේ අධ්යාත්මයට රිදුම් නොදෙන නව සමගි සම්පන්න ආණ්ඩුවක් ජාතික ජනබලවේගය ආණ්ඩුව මේ රටේ ස්ථාපිත කරනවා බොහෝ දෙනා මගෙන් අහනවා මේ බෞද්ධාගමට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තියට ලැබී ඇති තැන ඉවත් කරනවාද කියලා 2015 2019 කාලයේ අලුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් හැදීම ගැන සාකච්ඡාවක් තිබුණා ඒකෙ මුලසුන දැරුවෙ වර්තමාන ජනාධිපති රනිල් වික්රමසිංහ ඒකෙ මම නියෝජනය කළා අපේ බිමල් රත්නායක සහෝදරයා නියෝජනය කළා සම්පන්දන් මහත්තයා නියෝජනය කළා සුමන්දිරන් මහත්තයා නියෝජනය කළා හකීම් මහත්තයා නියෝජනය කළා මනෝ ගනේෂන් මහත්මයා නියෝජනය කළා ඒ කිසිවෙක් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තිය සංශෝධනය කළ යුතු බව කවුරුවත් ඉදිරිපත් කළේ නැහැ ඒ කාටවත් 9 වැනි වගන්තිය ඉවත් කළ යුතුයි කියලා කියන්න උවමනාවක් තිබුණේ නැහැ අන්තවාදීන් තුළ ඇති නමුත් පොදු සමාජය තුළ නැහැ හැබැයි මොකද කරන්නෙ අන්න භීතිකාවක් හදනවා ජාතික ජනබලවේග ආණ්ඩුව ආවොත් 9 වැනි වගන්තිය අයින් කරනවා කියලා නැහැ ඒක එසේම පවතින බවට අපේ හාමුදුරුවන් වහන්සේලා ඉදිරියේ මා කියන්න කැමැතියි අප ව්යවස්ථා කමිටුව නියෝජනය කරන සියලු දෙනාම ඒක ප්රශ්නයක් කරගත්තේ නැහැ මේකයි ඇත්ත කතාව ඔවුන්ගේ ඇත්ත කතාවට අපි ඇත්ත කියන්න ඕන එහෙම නම් අපි ගොඩනඟපු ශිෂ්ටාචාරය අපි පවුරු පදනම් සුණු විසුණු කරගත්තු රාජ්යයක් අනාගතයක් නෙවෙයි ජාතික ජන බලවේගය සැලකිලිමත් වෙන්නෙ අපේ අක්මුල් විහිදුණු ඒ සත්යයේ ගොඩනැංවීම ආරක්ෂා කරගනිමින් අපි ඉදිරියට යන්නේ කොහොමද අපිට පාරවල් දෙකක් තියෙනවා පැරැණි අතීත කතාවම අපි නිරන්තරයෙන්ම පුනරුච්චාරණය කරමින් ඒ අතීතයේ ශ්රී විභූතිය වර්ණනා කරමින් ඒ අතීතයේ අපි කොටුවක් තුළට ගිලිලා අපිට අතීතය අනුස්මරණය කරමින් ජීවත් වෙන්න පුළුවන් හැබැයි අපිට තව පාරක් තියෙනවා ඒ අතීතයේ ශිෂ්ටාචාරයේ ගොඩනැඟුණු මූලික හරය මූලික හර පද්ධතීන් මූලික අක්මුල් ආරක්ෂා කරගනිමින් ලෝකයේ ඇති වී තිබෙන නව වෙනස්කම්වලට අනුව අනූරූප වන පරිදි ශ්රී ලංකා රාජ්ය පෙළ ගස්වන්නේ කොහොමද අපි තෝරගන්න ඕන ඒකද දෙකද මම හිතනවා අපේ රටේ පැරැණි පාලකයන් තෝරා ගත්තේ ඒක ඒ ගොල්ලෝ හැම වෙලාවකම අතීත උරුමයන් පිළිබඳව අතීතයේ ශ්රී විභූතිය පිළිබඳව අතීතයේ මහා ශිෂ්ටාචාරයන් පිළිබඳව දේශපාලන වේදිකාවේ තොරොම්බල් කරමින් ඊට ගැළපෙන වාක්ය ඉදිරිපත් කරමින් ඊට ගැළපෙන ඇඳුම් අඳිමින් ඊට ගැළපෙන හැඩරුව නිර්මාණය කරමින් අපි අතීතයේ හිරකරුවෝ වෙනවද ඒ ගොල්ලෝ උත්සාහ කළේ අපිව අතීතයේ හිරකරුවෝ කරන්න අපේ උත්සාහය තියෙන්නේ දෙවැනි කරුණට අතීතයේ හර පද්ධතීන් මත ගොඩනැඟුණු කුලුනු සහ ලෝකයේ ඇති වී තිබෙන නව වෙනස්කම් උකහා ගනිමින් ඉදිරියට යන දියුණු ශ්රී ලාංකික ජාතියක් නිර්මාණය කිරීම තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව ජාතික භික්ෂු පෙමුණේ ප්රධාන ලේකම් ශාස්ත්රපති වකමුල්ලේ උදිත හිමි 1948 දී නාමික නිදහස ලැබුණා කියලා කියනවා නමුත් කළු සුද්දා මේ රට අවුරදු 76ක් පාලනය කළා කළු සුද්දො තමයි මේ රට සහමුලින්ම විනාශ කළේ සුද්දන්ටත් වඩා වැඩි විනාශයක් මේ කළු සුද්දො කරලා තියනවාප්රදීප් ප්රසන්න සමරකෝන් තුෂාර අතපත්තු සහ ධර්මසේන වැලිපිටිය
රටට පාඩුවක් කියූ රාජ්ය සේවකයාට ආණ්ඩුව අද සීනි බෝල දෙනවා
මේ වනවිට රටේ හරි අඩක් ජනතාව දැඩි දුප්පත්කමින් නැතිබැරි කමින් අන්ත දරිද්රතාවට පත්වෙලා ඒවගේම පුදුමාකාර පීඩනයට අසහනයට ලක්ව ඇති මොහොතක රටේ සමස්ත ජනතාව දුකින් මුදා ගන්නා මානුෂීය මෙහෙයුමට සමගි ජන බලවේගය ප්රවේශ වී ඇති බවත් මෙතෙක් කල් මේ ආණ්ඩුව රාජ්ය නිලධාරින් සැලකුවේ රටට පාඩුවක් ලෙස වුවත් හිටිහැටියේම වත්මන් රජයට රාජ්ය සේවකයාව වැදගත් වී ඇති බවත් එයට හේතුව වන්නේ අවස්ථාවාදීත්වය බවත් තමන්ගේ තැන රැක ගන්නට සීනි බෝල දේශපාලන දියත් කර රාජ්ය සේවකයන් රවටන බවත් විපක්ෂ නායකවරයා පැවසීය 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ දසවැනි විජයග්රාහී ජන රැලිය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් ඉකුත් 23 දා වරකාපොල මහජන ක්රීඩාංගණයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි කෑගල්ල දිස්ත්රික්කයේ දැදිගම ආසනයේ සමගි ජන බලවේගයේ සංවිධායක වසන්ත සේනානායක මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතාට සහයෝගය දැක්වීම සඳහා මෙම ජනහමුව සංවිධානය කර තිබිණි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මෙසේද පැවැසීය රාජ්ය සේවය රටට පාඩුවක් යැයි කියූ මේ අය බොරු පොරොන්දු ව්යාපෘතියක නිරත වන බවත් සමගි ජන බලවේගය බොරු පොරොන්දු ලබා නොදෙන බවත් කියන දේ කරන බවත් රජයේ බොරු පොරොන්දු වෙනුවට නියමිත සැලසුම ඉදිිරිපත් කරන බවත් සමගි ජන බලවේග යුගය ආරම්භ වූ පසු ඒවා ඉටු කරනවා එසේම රාජ්ය සේවකයන්ගේ වැටුප ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය සඳහා විශේෂ කොමිසමක් පත්කර ඒ කොමිසමේ නිර්දේශ ක්රියාත්මක කරන බවත් රාජ්ය සේවයේ නිරත වී සිටින නිලධාරීන්ට 2025 ජනවාරි සිට සමස්ත රාජ්ය සේවයේ මූලික වැටුප 24 කින් වැඩි කරන බවත් රාජ්ය සේවකයන්ට ලබාදෙන 17800ක අවම ජීවන වියදම් දීමනාව 25000 දක්වා වැඩිකර සියලුම රාජ්ය සේවකයන්ගේ අවම වැටුප 57500 දක්වා වැඩි කරනවා දැනට පවතින බදු ප්රතිපත්තිය නිසා රාජ්ය සේවකයා ප්රමුඛ වැඩ කරන පන්තියට විශාල බලපෑමක් වන බවත් අද වනවිට රාජ්ය සේවකයන් විශාල පිරිසකට වැටුප මත අය කරන බද්ද 636 දක්වා ක්රියාත්මක බවත් දැනට පවතින බදු නිදහස් සීමාව එලෙසම පවත්වා ගෙන මෙම බද්ද 124 දක්වා අඩු කරනවා රාජ්ය සේවකයාට මාසික දීමනාව පමණක් බවත් අමතර ආදායම් නොමැති බවත් වැටුපත් බදු ලෙස කැපෙන විට ප්රශස්ත රාජ්ය සේවයක් කිරීමට මානසික ශක්තිය නොලැබෙන නිසා මේ සහන ලබාදෙන බවත් ඊට අමතරව රාජ්ය සේවය නූතනවාදී කර ඊ ශ්රී ලංකා ඊ ගවර්මන්ට් වැඩසටහන හරහා සුහුරු රාජ්ය පාලනයක් සහ ප්රශස්ත පුහුණුවක් ලබා දෙනවා රාජ්ය සේවක දරුවන්ගේ අධ්යාපනය රැකවරණය ලබා දෙන බවත් මේවා පොරොන්දු නොව රට ගොඩනඟන සැලසුම බවත් විපක්ෂ නායකවරයා පැවසීය මේ වනවිට රජය බුද්ධශාසන අමාත්යාංශය හරහා ගම්වල ඇති හන්දිවල ඇති බුද්ධ ප්රතිමා සංගණනය කරන්න සුදානම් බවත් බුදුපිළිම ඇති ස්ථාන හා ප්රමාණ සොයන බවත් මෙය ආණ්ඩුවෙන් අවසර ගන්න කරන වැඩක් බවත් මොවුන් නිරාගමික ජන සමාජයක් හදන්න යන බවත් අද බුදුදහමට මෙම නියෝග දී හෙට අනික් ආගම්වලටත් බලපෑම් කළ හැකි බවත් ජනතාවට ආගම් අදහන්න ඇති අයිතිය නැති කරන්න හදන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය එමෙන්ම තමාගේ පියා බුද්ධශාසන අමාත්යාංශය සහ අනෙකුත් ආගම් සඳහා අමාත්යාංශ හැදුවත් අද වන විට වත්මන් ආණ්ඩුවත් ආණ්ඩු බලය ගන්න හදන නිරාගමික පිරිසක් එක්ව ආගම් ඇදහීම තහනම් කරන්න උත්සාහ කරන බවත් මේ ලැජ්ජා නැති වැඩ නොකරන ලෙස මෙම නියෝගය ක්රියාත්මක කළත් සමගි ජන බලවේග රජයක් තුළ ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම ආසනයේ සංවිධායක කීර්ති ශ්රී විජේතුංග ගලිගමුව රඹුක්කන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සමග එක්වූහ මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හසීම් ඇතුළු පක්ෂයේ ක්රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාද රැස්වීමට එක්ව ජනතාව ඇමතුවේයවරකාපොළ සරත් ආනන්ද ලියනගේ සහ අතිරේක වසන්ත කුමාර මාපා
ජනතාව ජීවත් කරවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේ
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ රාජකීය විද්යාලයේ අධ්යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු ලෙස සේවය කළ බී සිවලිංගම් මහතා මඩකලපුවේ පැවැති ජන රැළියට පැමිණ ජනාධිපතිවරයාගේ ජයග්රහණය වෙනුවෙන් ආශිර්වාදය පළ කළ අවස්ථාවජනතාව ජීවත් කරවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නොවේ යැයිද ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තමා සුදානම් බවද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මඩකළපුවේදී පෙරේදා 24 දා පැවසීය තම යුතුකම තිබෙන්නේ ජනාධිපති ලෙස ජනතාවට ආහාර ලබාදී ඔවුන් දුකින් මුදා ගැනීම බව කී ජනාධිපතිවරයා ජනපති ලෙස තමාට ඒ වගකීමක් තිබෙන බව සඳහන් කළේය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව පැවසූයේ මඩකලපුව පුළුවන් ශ්රී ලංකා ජනපතිවරණ ප්රචාරක රැලිය අමතමිනි ලොව වෙනත් කිසිම රටක් මෙතරම් වේගයෙන් බංකොලොත් බවින් මිදී නැතැයි කී ජනාධිපතිවරයා රංජිත් මද්දුම බණ්ඩාර හරිනි අමරසූරිය වැනි අයට අවශ්ය වූයේ මේ යන ක්රමය නතර කරන්නට බව කී ජනාධිපතිවරයා මැතිවරණයේදී එවැනි අය අතුගා දැමිය යුතු බව සඳහන් කළේය තමාගේ එකම අරමුණ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම බව පැවසූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරගන්න නම් ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දිය යුතු බව සඳහන් කළේය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද කීය මේ වේදිකාවේ මගේ ගුරුවරයෙක් ඉන්නවා රාජකීය විද්යාලයේ දී 12 13 වසරවල ඉගැන්වූ ශිවලිංගම් මැතිතුමා මෙහි සිටිනවා 1961 කාලේ ඔහු මට ඉගැන්නුවා මට පමණක් නොව දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාටත් එතුමා ඉගැන්නුවා ඉතින් රට ගොඩ ගැනීමේ ගෞරවයෙන් කොටසක් එතුමාටත් දිය යුතුයි අනුර බණ්ඩාරනායක කථානායකතුමාටත් මලික් සමරවික්රමටත් ඔහු ඉගැන්නුවා මුළු කැබිනට් එකටම වගේ එතුමා ඉගැන්නුවා ඇතැන්ස් අධිරාජ්යයාගේ ඉතිහාස කතාව පිළිබඳව එකල රාජකීය විද්යාලයේදී අපට ඉගැන්නුවා යම්කිසි බියගුළු ක්රියාවකින් හෝ අප සමග දුක් විඳින අනෙක් අය අතහැර දමා පැන ගොස් අපේ නගරයට අවමානයක් ගෙනත් නොදෙන බව එම ඉතිහාස කතාවේ කියැවෙනවා 2022 දී වෙන කවුරුවත් නොමැති වූ විට මා අභියෝගය භාර ගත්තේ ඒ පුහුණුවීම තිබූ නිසයි ඒ ඔබගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නයි ඔබට සහන ලබා දෙන්නයි තරුණ පරපුරට අනාගතයක් ලබා දෙන්නයි රටේ ස්ථාවර භාවය ලබා ගැනීමටයි එමෙන්ම රට නිවැරදි මාවතට යැවීම සඳහායි අප පුළුවන් ශ්රී ලංකා යනුවෙන් කියන්නේ ඒකයි මම අමාරු කාලයේ අභියෝගය භාර ගත්තා විපක්ෂ නායකතුමාට මේ ගුරුතුමා හිටියේ නෑ ඒ නිසා අත්දැකීම් නැතිව ඔහු පැනලා ගියා හරි නම් විකල්ප අගමැති විය යුත්තේ විපක්ෂ නායකයි ඔහුට ජනතාව රකින්න යුතුකමක් තිබෙනවා ජනතාව දුක් විඳින විට ඔහු කළේ දුව ගොස් හැංඟීමයි ඔහු පෝලිම් ගැන ජනතාවගේ බඩගින්න ගැන හිතුවේ නැහැ ජනතාව දුක් විඳින විට ඔහු පැනලා ගියා ඔහු දුව ගොස් අවසන් කළේ පැරිස් ඔලිම්පික් එකෙන් මගේ මිත්ර අනුර කුමාරත් හොයාගන්න බැරිවුණා මේ ඇමැතිවරු මා සමඟ හිටියා අප මූල්ය අරමුදලට ගියා දුෂ්කර තීන්දු ගන්න වුණා ඒවා පහසු තීරණ නොවේ අපට දේශීය ණය ගැනීම සීමා වුණා මුදල් අච්චු ගහන්න බෑ වියදම් සඳහා ආදායම් හොයන්න වැට් වැඩි කරන්න සිදුවුණා ආදායම් සීමා කළා මේවා ලේසි පහසු තීරණ නොවේ අවසානයේ ජනතාවත් ඒ බර භාර ගත්තා මා ඔබ සැමට ස්තුති කරනවා අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන 13ක් නැති වී ගියා අප ගත් පියවර නිසා එම ආදායම ඩොලර් බිලියන 89 ක් බවට පත්වුණා එමගින් රුපියල ශක්තිමත් වුණා අපි අස්වැසුම දුන්නා සමෘද්ධියට අප වියදම් කළේ රුපියල් බිලියන 60යි 16 ලක්ෂයකට එම සහනය ලැබුණා අස්වැසුමට අප බිලියන 183 ක් වියදම් කරනවාමේ වසරේ ලක්ෂ විසි හතරකට එම සහනය ලැබෙනවා වකුගඩු රෝගීන්ගේ ආබාධිත දීමනා සියයට පනහකින් වැඩි කළා නොමිලේ සහල් දීම සඳහා රුපියල් බිලියන 11ක් වියදම් කළා මේවා අප දුන් සහන රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් දහදහසක් බවට පත් කළා 2025 පාදක වර්ෂය ලෙස රුපියල් 25000ක ජීවන වියදමක් ලබා දීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා ආරම්භක මාසික වැටුප ජීවන වියදම් දීමනාව සමග රුපියල් 55000 බවට පත් කරනවා විශ්රාම වැටුප් සඳහා රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාවක් දුන්නා වැඩිහිටි ස්ථාවර ගිණුම් සඳහා පොලී අනුපාතය රුපියල් ලක්ෂ දහයට වැඩි නම් පොලිය සියයට දහයක් බවට පත්කළා පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 5000ක් බවට පත් පත්කළා පාසල් දියුණු කළා උරුමය වැඩසටහන යටතේ අප දැන් සියලු දෙනාට සින්නක්කර ඔප්පු දෙනවා ලක්ෂ විස්සකට ඒ සහනය ලැබෙනවා තට්ටු නිවාස ලක්ෂ දෙකහමාරකට ලැබෙනවා වතුකරය සඳහා ඉඩම් අයිතිය ලබා දෙනවා ලක්ෂ 25කට ඒ අයිතිය දෙනවා උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන අරඹා තිබෙනවා ඡන්දය නිසා එය නතර කර තිබෙනවා ඒ සඳහා වෙනම අධිකාරියක් ස්ථාපිත කොට ඊළඟ වසර තුනේදී එය ක්රියාත්මක කරනවා අවුරුදු දෙකක් ඇතුළත සාමාන්ය ආණ්ඩුවකට කරන්න බැරි වැඩක් අප කර තිබෙනවා මා මෙහි සිටින කාන්තාවන්ගෙන් ප්රශ්නයක් අහන්නම් 2022 ජුලි මාසයේ සිට මේ වනතෙක් රතු පරිප්පු මිල සියයට 41කින් අඩුවී තිබෙනවා තිරිඟු පිටි සියයට 29කින්ද කුකුල් මස් මිල සියයට 11කින්ද අඩුවී තිබෙනවා ඩීසල් මිල සියයට 28කින් අඩුවී තිබෙනවා ගෑස් මිල සියයට තිස් එකකින් අඩුවී තිබෙනවා බස් ගාස්තු රුපියල් හතළිහේ සිට 28 දක්වා අඩුවී තිබෙනවා ගෑස් රුපියල් 5370 සිට 3600 දක්වා අඩු වී තිබෙනවා ජීවන බර අඩුවී තිබෙනවා ගෑස් සිලින්ඩරය මගේ ලකුණ හැටියට ගත්තේ ඒකයි ජීවන බර සඳහා අප ලබා දී ඇති සහනවලට වඩා තවත් සහන අවශ්ය බව මේ කාන්තා පරපුර දන්නවා ජීවන වියදම අඩු කරන්න නම් අප තවත් රුපියල ශක්තිමත් කළ යුතුයි 2025 වන විට ඒ ශක්තිය ඇතිකොට තවත් සහන ලබා දෙනවා අවුරුදු දෙකක් මේ කටයුතු කළ නිසා තව වසර දෙක තුනකින් මේ සහන ලබා ගැනීම මට ප්රශ්නයක් නොවේ අපට දැන් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්ඖෂධ ලැබෙනවා අප නැවත අපනයන කර්මාන්තය ක්රියාත්මක කරනවා සංචාරක කර්මාන්තය දියුණුවට පත් කරනවා වෙරුගල් සිට මඩකලපුව දක්වා අප සංචාරක ව්යාපාරය ක්රියාත්මක කරනවා පොඩි හෝටල් වගේම ලොකු හෝටල්ද දානවා එමෙන්ම අම්පාරේ කල්මුණේ සිට අරුගම්බේ දක්වා දියුණු කරනවා එමෙන්ම අප මෙහි කෘෂිකර්ම නවීකරණය ක්රියාත්මක කරනවා ධීවර නවීකරණය ක්රියාත්මක කරනවා ගෙදර ආදායම වැඩිකර දෙනවා එමෙන්ම කල්කුඩා දියුණු කිරීමට කටයුතු කරනවා අප ණය ගත් මූල්ය අරමුදල ඇතුළු සංවිධාන සහ රටවල් දාහතක් සමග අප ගිවිසුම් අත්සන් කර තිබෙනවා ඒ බංකොලොත් භාවයෙන් පිටවීම සඳහායි අපේ ණය ගෙවීමට ඒ අය 2042 දක්වා කාලය ලබාදී තිබෙනවා එපමණක් නොව අපට ඩොලර් බිලියන දහයක සහනයක් ලබා දී තිබෙනවා මෙය අප ඉදිරියට ගෙන යා යුතුයි මෙය වෙනස් කරන බව සජිත් ප්රේමදාස විපක්ෂ නායකයා කියනවා මේ ගිවිසුම් වෙනස් කරන්න බැහැ ගිවිසුම් වෙනස් කළොත් ආධාර ලබාදෙන එක නතර කරාවි එවිට රුපියල කඩා වැටෙනවා රුපියල ඩොලරයට හාරසීයක් විතර වේවි නැවත පෝලිම් යුගයක් ඇතිවේවි ගෑස් නැතිවේවි මේ රට ගෙනියන හැටි ඔහුට තේරෙන්නේ නැහැ අප මේ වැඩ කටයුතු කරද්දී කිසිවෙක් අපට ආධාර කළේ නැහැ මට 2023 ඡන්ද කරන්න සල්ලි තිබුණේ නැහැ මම ඒවායින් ජනතාවට සහන දුන්නා ඔවුන් මම ඡන්දෙ තියන්නේ නැතැයි උසාවියට ගිහින් නඩු දැම්මා මේ ප්රශ්න මැද ඡන්දයක් තිබුණා නම් මොකද වෙන්නේ මාස තුන හතරක් නිකරුණේ කාලය යොදවන්න සිදු වෙනවා 2023 දවස් 365 ම මට අවශ්ය වුණා ඒ කාලයේ පැය 24ම අවශ්ය වුණා පෝලිම් නැති වුණේ රට දියුණු වුණේ ඒ කැප කිරීම නිසයි කිසිම රටක් මෙතරම් වේගයෙන් බංකොලොත් බවින් පිටවුණේ නැහැ අප තමයි එය කළේ ඒ අයට අවශ්ය මේ ක්රමය නවත්වන්නයි ඔවුන්ට අවශ්ය උසාවියට ගිහින් තහනම් නියෝගයක් ගන්නයි අවසානයේ උසාවියෙන් මට විරුද්ධව තීන්දුවක් ගත්තා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලා ජනතාව ජීවත් කරවන එක මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් නෙමෙයි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න මම ලෑස්තියි මගේ යුතුකම තිබෙන්නේ ජනාධිපති ලෙස ජනතාවට ආහාර ලබාදීමයි ඔවුන් දුකින් මුදා ගැනීමයි ජනපති හැටියට මට ඊට වගකීමක් තිබෙනවා ඡන්දෙදි මෙවැනි අය අතුගා දමන්න සියලු දෙනා එකතු වී ඉදිරියට යමු දෙමළ සිංහල මුස්ලිම් සියලු දෙනා එකතු වී ඉදිරියට යමු 2025 2026 වන විට අප මීට වඩා හොඳ අනාගතයක් ලබා දෙනවා ඒ නිසා මම කරන්නේ එක ඉල්ලීමයි ඔබේ අනාගතය ආරක්ෂා කර ගන්න රට ගොඩ නඟන්න සැප්තැම්බර් 21 වැනි දා ගෑස් සිලින්ඩරය ළඟින් කතිරේ ගහන්න නැතිනම් ඔබට ගෑස් සිලින්ඩර් නැතුව ජීවත් වෙන්න සිදුවේවි ප්රවාහන මහා මාර්ග සහ ජනමාධ්ය අමාත්ය බන්දුල ගුණවර්ධන නැගෙනහිර පළාතේ ජනපතිවරණ නැඹුරුව ගැන සමීක්ෂණයක් කරන ලෙස මා මිතුරු මහාචාර්යවරයවරුන් කීප දෙනෙකුට මා පැවරුවා ඒ හිතවත් මහාචාර්යවරුන් අද උදේ මා මුණගැසුණා නැගෙනහිර පළාතේ තරගය තියෙන්නේ අපේක්ෂකයන් දෙදෙනෙකු අතර පමණක් බවත් අනුර කුමාරට කිසිම අපේක්ෂාවක් නැගෙනහිරින් තබා ගත නොහැකි බවත් එම මහාචාර්යවරුන් මට පැවසුවා ප්රජාතන්ත්රවාදය බේරා ගැනීම සහ හුස්ම ගන්න පුළුවන් ආර්ථිකයක් ගොඩ ගැනීම යන හේතු මත මේ නැගෙනහිර පළාත සියයට හැත්තෑවක ඡන්ද ප්රතිශතයක් ලබාගෙන රනිල් වික්රමසිංහ ජයගන්නා බව ඒ මහාචාර්යවරුන් මට දැන්වූවා රටේ ප්රශ්න විසඳා පොදු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන්නේ රනිල් වික්රමසිංහ පමණයි ලංකාව බංග්ලාදේශයක් බවට පත් කිරීමට උත්සාහ කළ අවස්ථාව ඔබට මතක ඇති එසේ වුණා නම් මේ රට නැවත ගොඩ ගන්න ලැබෙන්නේ නැහැ ඒ වෙලාවේ රට ගොඩ ගන්න ඉතිරි වුණේ මේ ලංකාවේ එකම එක මිනිහෙක් පමණයි ලබන වසරේ අයවැය හදාගන්න ආකාරය පිළිබඳ මේ නැගෙනහිරට ඇවිත් ඉලක්කම් සමඟ කියන්නැයි මා සජිත් ප්රේමදාසට අභියෝග කරනවා විදේශ කටයුතු අධිකරණ සහ බන්ධනාගාර ප්රතිසංස්කරණ ඇමැති අලි සබ්රි 2019 ජනාධිපතිවරණයේදී මුස්ලිම් කොංග්රසය සහ මහජන කොංග්රසය සජිත් ප්රේමදාස මහතාට සහාය පළකළා සමාජයේ සමගිය වෙනුවෙන් අප ඒ ආණ්ඩුවත් සමග කටයුතු කළා මුස්ලිම් ජනතාවගේ මළසිරුරු ආදාහනය කිරීමට එරෙහිව අප හඬ නැඟූ විට හෆීස් නසීර් අහමඩ් මහතා ද අප සමග එක්වුණා 2022 අර්බුදය අවස්ථාවේ මුදල් අමාත්යාංශය භාරගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ මා එය භාරගත් විට විපක්ෂය සමග එක්ව කටයුතු කරන ලෙස ජාත්යන්තර මූල්ය අරමුදල දැනුම් දුන්නා අප එහිදී සජිත් ප්රේමදාස මහතාට කතා කළ විට ඔහු කීවේ හර්ෂ ද සිල්වාට කතා කරන ලෙසයි මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාරික ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම අනුව විපක්ෂ නායක කාර්යාලයේදී ඔවුන් හමුවීමට අවස්ථාව සලසා දුන්නා ඉන් අනතුරුව හර්ෂ ද සිල්වා සිය ටියුටර් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ආණ්ඩුව භාර ගැනීම අසීරු කටයුත්තක් බවත් එය භාර ගන්නා පුද්ගලයාට එය ඉතා අපහසු වනු ඇති බවත්ය රාජ්ය අමාත්ය ශිවනේෂතුරෙයි චන්ද්රකාන්තන් රට කඩාවැටුණු මොහොතේ ඔබතුමා විශ්මකර්ම වැඩක් කළා අපේ ජනතාවට ඔබ බොහෝ උපකාර කර තිබෙනවා ජනපතිවරණයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි මේ ප්රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැගිය යුතුව තිබෙනවා අපගේ ප්රධාන ඉල්ලීම එයයි අනිවාර්යයෙන්ම ජනපති වැඩි ඡන්ද ලබා ජයග්රහණය කරනවා එහි කිසිම සැකයක් නැහැ ජනාධිපති රනිල් වික්රමසිංහ පසුගිය 23 සහ 24දා එරාවුර් අම්පාර පොතුවිල් දඹුල්ල යන ප්රදේශවලද ජනහමු අමතනු ලැබූහ එහිදී ජනාධිපතිවරයාට අමතරව වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉෂාක් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබි්ර රහීම් රාජ්ය ඇමැති අලි සහීර් මවුලානා පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ එස් එම් මුෂාරෆ් හිටපු ඇමැති දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනකු රැලිය ඇමතූහ චමින්ද සිල්වා මඩකළපුව ජවුෆර් ඛාන් මොහොමඩ් ගවුස් කාත්තන්කුඩිය සිහාරා ලතීෆ් සහ කල්මුණේ ආර් ශ්රිවේල් රාජා
QR ක්රමයට ගොවියාට ඉන්ධන සහනාධාරයක්
ගොවියාට අවශ්ය ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර කිග්රෑම් 50 මිටිය රුපියල් 5000 කට ලබාදීමට කටයුතු කරන බවත් කෘෂි රසායන තෙල් පොහොර මිල නියාමනයට ලක්කර කළුකඩ වෙළෙඳුන්ගෙන් මිල වැඩිවීමේ ක්රමය මුදාගෙන දරාගත හැකි මිලකට කෘෂි රසායන ලබා දෙන අතර පොහොර බෙදා දීමේදී ගොවිජන සේවා මධ්යස්ථාන කේන්ද්රකර ගෙන විනිවිදභාවයෙන් යුක්තව එම වැඩසටහන් ක්රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය QR Code කේන්ද්රකර ගෙන ගොවියාට ධීවරයාට ත්රිරෝද රථ රියැදුරන්ට පාසල් ප්රවාහන සේවාවලට සහ වීමෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් දෙන බවත් පාස්කු ප්රහාරය කොරෝනා ව්යසනය කාබනික පොහොර වංචාව නැනෝ පොහොර වංචාව නිසා විපතට පත්ව තම සීමාසහිත මුදල් උපයෝගි කර ගෙන කනකර උකස් කර ගොවිතැනේ නියැළෙන ගොවි ජනතාව මත පසුගිය කාලයේ අසීමිත පීඩනයක් පැටවූ බවත් මේ පීඩනයෙන් අසහනයට ලක්ව වේල් තුන කන්න බැරි වූ ජනතාවගේ වගා ණය කපාහරින බවත් විපක්ෂ නායකවරයා පැවසීය එමෙන්ම ගොවියාගේ නිෂ්පාදනයට සාධාරණ සහතික මිලක් ලබා දෙන බවත් ගොවියාටත් පාරිභෝගිකයාටත් අසාධාරණයක් සිදු කරන වංචාවන්ට ඉඩ නොදී පාරිභෝගිකයාට සාධාරණ මිලක් මෙන්ම වී ගොවියාට ඉහළ සහතික මිලක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගයේ දාහතර වැනි විජයග්රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ 25දා පොළොන්නරුව හිඟුරක්ගොඩ නගරයේදී සාර්ථකව පැවැති අතර එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේය
රුක්මන් දිවි සැරිය නිම කරයි
මෙරට දේශපාලනයේ කලක් ආන්දෝලනාත්මක පුවත් මැවූ කෘතහස්ත දේශපාලනඥයකු වූ රුක්මන් සේනානායක මහතා පෙරේදා 24දා බොරැල්ලේ පිහිටි සිය නිවසේදී අභාවප්රාප්ත විය නිදහස් ලංකාවේ පළමු අගමැතිවර මහාමාන්ය ඩී එස් සේනානායක මහතාගේ මුණුබුරකු වූ රුක්මන් සේනානායක මහතා දිවංගත ඩඩ්ලි සේනානායක අගමැතිතුමන්ගේ සොහොයුරු රොබට් සේනානායක මහතාගේ සහ එම මැතිනියගේ පුත්ර රත්නයකි දැදිගම පාර්ලිමේන්තු මන්ත්රීවරයාව සිටි ඩඩ්ලි සේනානායක මහතා 1973 අප්රේල් මස 13 වැනිදා අභාවප්රාප්ත වීමෙන් පසු එම ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් ජයග්රහණය කර රුක්මන් සේනානායක මහතා ප්රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය එවක බලයේ පැවැති රජයේ ශක්තීන් උරගා බැලීමක් බඳු වූ එම අතුරු මැතිවරණයේදී දුෂ්කරතා රැසක් මැද ඡන්දයට මුහුණ දුන් සේනානායක මහතා ඡන්ද 23036ක් ද ඔහුගේ ප්රතිවාදියා වූ ධර්මසිරි සේනානායක මහතා දෙවැනි ස්ථානයට පත්ව ඡන්ද 18798ක්ද ලබා ගත්හ වැඩි ඡන්ද 4508 කින් ජය ලැබූ සේනානායක මහතා 1973 ජූලි 11 වැනිදා මැතිසබයේ දිවුරුම් දුන්නේය එක්සත් ජාතික පක්ෂ නායක ජේ ආර් ජයවර්ධන මහතා සමග මතගැටුම් නිසා ඇතිවූ අර්බුදයේදී ඔහු එජාපයෙන් ඉවත් කෙරුණ ද රුක්මන් සේනානායක මහතා වෙනම දේශපාලන කණ්ඩායමක් නිර්මාණය කරගෙන ක්රියාකාරී දේශපාලනයේ නිරත විය පසු කලක ඔහු වෙනම දේශපාලන පක්ෂයක් ද පිහිටුවීය පසුව නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වූ සේනානායක මහතා මැතිවරණයට තරග කොට ජය ලබා මන්ත්රීවරයකු ලෙස මෙන්ම පරිසර ඇමැති ලෙස හා තවත් විෂය භාර ඇමැති පදවි කිහිපයක්ම හෙබවීය ඔහු ප්රජාතන්ත්රවාදී දේශපාලනය බෙහෙවින් ගරු කළ අයකු විය 2007 වසරේදී එජාපයේ සභාපති ලෙස ද කටයුතු කළ ඔහු පොළොන්නරුව හා කෑගල්ල දිස්ත්රික්කවලින් ද මහජන මන්ත්රීවරයකු ලෙස පත්ව කටයුතු කර තිබේ ඔහු මියයන විට 76 වැනි වියේ පසුවිය ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විiාලයේ දීප්තිමත් ආදි ශිෂ්යයෙකි විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විවාහ වී සිටින්නේ රුක්මන් සේනානායක මහතාගේ සොහොයුරියක සමගිනි රුක්මන් සේනානායක මහතාගේ දේහය කොළඹ බොරැල්ලේ පිහිටි ජයරත්න රෙක්ස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද 26දා සවස 400ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ
ඡන්දෙට රතිඤ්ඤා නිෂ්පාදනය ජයටම
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට ඉඩ ඇතැයි විශ්වාස කරන මැතිවරණ කීපයක් මුල් කරගෙන ගිනිකෙළි නිෂ්පාදන කටයුතු වේගවත් කර ඇතැයි සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්රනාන්දු මහතා දිවයින ට පැවැසීය දෙසැම්බරයේ නත්තල් උළෙල හා ජනවාරියේ නව වසර උදාව ඉලක්ක කර ගිනිකෙළි නිෂ්පාදකයන් රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදන කටයුතු අගෝස්තු මාසයේදී පමණ ආරම්භ කිරීම සාමාන්ය ක්රියාවලිය වුවද ඉදිරි ජනාධිපතිවරණය හේතුවෙන් පසුගිය ජුනි මාසයේ සිට නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බැව් ද දිනේෂ් ප්රනාන්දු මහතා සඳහන් කළේය ගම්පහ දිස්ත්රික්කයේ කිඹුලාපිටිය අවට මෙන්ම එම දිස්ත්රික්කයේම ගිනිකෙළි නිෂ්පාදන බලපත්රලාභීන් 215ක් පමණ සිටින අතර ගාල්ල මහනුවර හා කුරුණෑගල යන දිස්ත්රික්කවල ද ගිනිකෙළි නිෂ්පාදකයන් තම සංගමයේ සාමාජිකත්වය දරන බව දිනේෂ් ප්රනාන්දු මහතා පැවැසීයජූඩ් ඩෙන්සිල් පතිරාජ
බදු එකතු කරන හොරුන්ට අහුවෙන්න එපා
දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික පුද්ගල කණ්ඩායමක් විසින් කොළඹ පානදුර මීගමුව වෙන්නප්පුව මිනුවන්ගොඩ ආදී ප්රදේශවල ව්යාපාරික ස්ථාන වෙත ගොස් අයවිය යුතු බදු වෙනුවෙන් මුදල් එක්රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබන බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදී දේශීය ආදායම් නිලධාරීන් විසින් බදුගෙවන්නන් වෙත ගොස් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යනු ලබන ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් දෙනු ලබන අතර මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් සිදු නොකරන බව ද එහි නියෝජ්ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත මහතා පවසයි වංචනික පුද්ගලයන්ට මුදල් ලබා නොදෙන ලෙස හා ඔවුන් නීතියේ රැහැනට හසුකර දෙන ලෙසත් දැනටමත් එවැනි වංචනිකයන්ට හසුවී තිබේ නම් අදාළ පොලිස් ස්ථාන වෙත පැමිණිලි කරන ලෙසත් මහජනතාව වෙත එම දෙපාර්තමේන්තුව දන්වා සිටී
බෙල්ලන්විල මහ පෙරහැර
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පුණ්යෝත්සවයේ 74 වැනි රන්දෝලි මහ පෙරහැර පෙරේදා 24දා රාත්රියේදී වීථි සංචාරය කෙරිණි එහිදී සධාතුක කරඬුව මංගල හස්තිරාජයා පිට තැන්පත් කිරීම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් සිදු කළ අතර සධාතුක කරඬුව රැගත් හස්තිරාජයා වීථි සංචාරය කළ අයුරු මෙහි දැක්වේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි සහ ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන හමියෝ ඡායාරූපයේ වෙති ඡායාරූපය ධර්මසේන වැලිපිටිය
ජනතාවට බොරු නොකර ඔන්ලයින් ඔස්සේ IMF සමග සාකච්ඡාවට එන්න
තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ මාර්ගගත ක්රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත අභියෝග කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ 25 වැනිදා ප්රකාශ කළේය එවිට ඔවුන් අද වේදිකාවල පවසන දේ සත්ය අසත්යතාව සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ඊයේ 25දා සවස ඒකමතිකව සම්මත විය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම විශේෂ සම්මේලනය පැවැති අතර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් වියයුතු බවට වූ යෝජනාව පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නම ඒකමතිකව සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නිලධාරි මඬුල්ල ඇතුළු පක්ෂයේ ජ්යෙෂ්ඨයෝ සහභාගි වී සිටියහ මෙම අවස්ථාවට වෙනත් පක්ෂ නියෝජනය කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන රාජිත සේනාරත්න ඒ එච් එම් ෆවුසි යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහචමින්ද සිල්වා
සාපෙළ ප්රතිඵල සැප්තැම්බර් අග
අපොස සාමාන්ය පෙළ 2023 විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්රතිඵල ලබාදීම ලබන මස සැප්තැම්බර් අග පමණ වනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසීය විභාගය මැයි මාසයේ පැවැත්වූ අතර එම ප්රතිඵල ලබාදීමට සාමාන්යයෙන් මාස හතරක් පමණ ගතවන බව ඒ මහතා කීය ප්රතිඵල නිකුත් කිරීමේදී ඒ ඒ සිසුන් දිවයිනේ හෝ දිස්ත්රික්කයේ ලබාගන්නා ස්ථාන සඳහන් නොකරන බවද ජයසුන්දර මහතා වැඩිදුරටත් කීයචමින්ද සිල්වා
රටේ සංවර්ධනය මහින්ද රාජපක්ෂ නතර කළ තැනින් මා අරඹනවා
ලෝකයේ දැවැන්ත ආර්ථිකය කඩාවැටුණද වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට ශ්රී ලංකාව පත්කරන්න මහින්ද රාජපක්ෂ යුගයට සහ මහින්ද චින්තනයට හැකියාව ලැබුණු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්රකාශ කළේය 2015 වර්ෂයට පෙර ස්වයංපෝෂිත රටක්ව තිබූ ශ්රී ලංකාවට ආදරය කරන දේශපාලන බලවේගය යහපාලන චිත්රයක් මවා පෙන්වමින් පරාජයට පත්කළ බව සිහිපත් කරන ඒ මහතා එයින් පසුව රට කෙමෙන් කෙමෙන් ආපස්සට ගමන් කළ බවද මහින්ද රාජපක්ෂ මහතා නතර කළ තැනින් මේ රටේ සංවර්ධනය ආරම්භ කිරීමට තමා සූදානම් බවද අවධාරණය කළේය ඔහු මේ බව ප්රකාශ කළේ 2024 ජනාධිපතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්රහණය තහවුරු කිරීම වෙනුවෙන් දිවුලපිටිය නගරයේ දී ඉකුත් 24 වැනිදා පැවැති ජනහමුවට එක්වෙමිනි එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය අපි අභියෝගවලට මුහුණදීපු දේශපාලන බලවේගයක් ඒ වගේම කිසිඳු අභියෝගයක් මඟහැර නැහැ 2005 දී ත්රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව අපේ බලවේගය භාරගත්තා ඒක අපි ජයග්රහණය කළා ඒ වගේම දේශපාලනික වශයෙන් ලෝක ආර්ථික අවපාතයක් එදා පැමිණියා ලෝකයේ දැවැන්ත ආර්ථික කඩා වැටෙන විටත් ඒ අතර ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය බවට පත්කරන්න එදා මහින්ද රාජපක්ෂ යුගයටත් මහින්ද චින්තනයටත් හැකියාව ලැබුණා අපි 2015 දී පරාජයට පත්වුණා එදා මේ රටට ආදරය කරන දේශපාලන බලවේගය යහපාලනය කියා චිත්රයක් මවාගෙන පරාජය කළා එය පරාජය කළ පමණක් නොවෙයි රටේ අනන්යතාවය විනාශ කළා අපි 2015 ට පෙර ස්වයං පෝෂණය වෙලා තිබුණා මිනිසුන්ට තුන්වේල කන්න පුළුවන් තත්ත්වයක් තිබුණා 2015 න් පසුව ඒ තත්ත්වය නැතිවුණා අපි බලශක්තියෙන් අංගසම්පූර්ණ වෙලා තිබුණා 2015 පසුව එක මෙගාවොට් එකක් හෝ විදුලිබල පද්ධතියට එක් කළේ නැහැ මහින්ද රාජපක්ෂ මහතා පටන් ගත්ත උමා ඔය සාම්පූර් බලාගාරය අතරමඟ නතර කලා ආර්ථිකය බලා සිටිය දී කඩාවැටුණා පාස්කු ඉරිදා ප්රහාරයක් එල්ල වුණා ත්රස්තවාදී බිය පාසල මුරකරන බිය දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බිය අම්මා තාත්තාට ඇතිවුණා අපි 2018 අපිව මහ පාරේ ඇවිද්දවනවා කිව්වා එක්සත් ජාතික පක්ෂයත් ශ්රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධාන ගතවීම නිසා අපි විශ්වාස කරන දේශීය චින්තනය සහ ප්රතිපත්ති ඒ දේශපාලන කඳවුරේ නැතිනිසා අපි ශ්රී ලංකා පොදුජන පෙරමුණ හැදුවා ඒ අභියෝගයත් ජයග්රහණය කළා පමණක් නොවෙයි එතනින් පසුව පැමිණි හැම මැතිවරණයක්ම අපි දිනුවා කොවිඩ් 19 වසංගතය ආවා ලෝකයේ බලවත් රටවල් ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා අපිටත් තිබ්බා මොන ප්රශ්න ආවත් අපි ආර්ථිකය හදනවා කියන තැනට වෙලා මිනිස්සුන්ට මැරෙන්න දීලා බලා ඉන්න එන්නත් ටික ගේන්නේ නැතිව ලෝකයේ ඇතැම් රටවල් වගේ බලන් ඉන්න තිබුණා නමුත් එදා ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කළා මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බැහැ කියලා මිනිස්සු ජීවත්වන තැනට අපි වැඩකළා අපි ඒ අභියෝගයත් ජයග්රහණය කළා කුමන්ත්රණයක් ආවා නැවත වරක් මේ රටට ආදාරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාගෙන වට්ටන්න ඒ අනුව අපේ ආණ්ඩුව වැටුණා අපිට තීන්දු කරන්න තිබුණා රාජ්යය වට්ටනවා ද ආණ්ඩුව වට්ටනවා ද කියලා අපි තීන්දු කළා ආණ්ඩුව අඩියක් පස්සට ගමු රාජ්යය ආරක්ෂා කරනවා කියලා අද බංගලිදේශය වෙලා තිබෙන්නේ කුමක්ද රාජ්යය කඩන් වැටිලා කවුරු පාලනය කළත් රාජ්යය කඩන් වැටිලා අපි රාජ්යය වැටෙන්න දුන්නේ නැහැ ආණ්ඩුව පස්සට ගත්තා රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා සමඟ අපි ආණ්ඩුවක් හැදුවා අපි උපරිම සහාය ලබාදුන්නා සමහර පෝලිම් ඉවත් වුණා ඇතැම් පෝලිම් දික්වුණා තෙල් පෝලිම ඉවත්වුණා පාස්පෝට් පෝලිම දික්වුණා අපි අලුත් පරම්පරාව බලාපොරොත්තු වන තැනට මේ රට රැගෙන යන්න ඕන ඒ සඳහා අවශ්ය නූතන ප්රතිපත්ති අපි අනුගමනය කළයුතු වෙනවා අපි විශ්වාස කරනවා මේ රට නවීකරණය කළ යුතුයි කියලා නවීකරණය වීම රාජ්ය සේවයෙන් අපි ආරම්භ කරන්න ඕන රාජ්ය සේවකයාට ගෞරවයක් දෙන්න ඕන අද සමහර දේශපාලන නායකයෝ රාජ්ය සේවයට තිබෙන තැන බැලුවාම ඒ අයගේ අදහස් බැලුවාම පහත් කරලා කතා කරන විදිය බැලුවාම රාජ්ය සේවය නිසි ගෞරවය ලැබෙනවා ද නැද්ද කියන ප්රශ්නය අපිට තිබෙනවා අපේ වෘත්තීය සමිතිවලට සලකන විදිිය බැලුවාම මේ රටේ වැඩ කරන පංතියට සලකන ආකාරය පිළිබඳව ප්රශ්නයක් තිබෙනවා ඒ නිසා ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීන්දු කළේ ගෞරවාන්විත රාජ්ය සේවයක් වගේම වෘත්තීය සමිති ව්යාපාරයට ගරු කරන දේශපාලන බලවේගය අපි ආරක්ෂා කරන්න ඕන අපි හැදිච්ච පදනම එතන අපි විශ්වාස කරනවා රාජ්ය සේවය තාක්ෂණයත් සමඟ බද්ධ වියයුතු වෙනවා දරුවන් තවදුරටත් පාස්පෝට් රියදුරු බලපත්රය ජාතික හැඳුනුම්පත ගන්න පෝලිමේ ගිය යුගය අවසන් කළ යුතු වෙනවා සැබෑ පෝලිම් යුගය අවසන් වන්නේ එවිටයි 20182019 තෙල් පෝලිම සහ ගෑස් පෝලිම ඇතිවුණා 2021 දී එවැන්නක් වුණා ලෝක ආර්ථිකය සහ රටේ ආර්ථිකය සමඟ ඇතැම් දේ වෙනස් වෙනවා නමුත් පාස්පෝට් පෝලිම ඇතිවෙන්න දෙන්න බැහැ ජාතික හැඳුනුම්පත රියදුරු බලපත්රය ගන්න පෝලිම් හැදෙන්න දෙන්න බැහැ ඒ සඳහා අවශ්ය තාක්ෂණ විප්ලවයක් අපි කළ යුතු වෙනවා තාක්ෂණය සමඟ ඒ ක්රමවේදය අපි බද්ධ කළයුතු වෙනවා ඒ වගේම රාජ්ය සේවකයාගේ වැටුප රටේ උද්ධමනය සමඟ ගැලපිය යුතු වෙනවා මැතිවරණ වේදිකාවේ මැතිවරණ පොරොන්දුවලට පඩි වැඩිකරන යුගය අවසන් කළයුතු වෙනවා පසුගිය කාලයේ පඩි වැඩි කරන්න විදියක් නැහැ සල්ලි නැහැ කියූ අය 2025 සිට පඩි වැඩි කරන්න කතා කරනවා පසුගිය කාලයේ විදුලිබිල අඩු කරන්නත් බැහැ කිව්වා සල්ලි නැහැ කියලා 2025 සිට අඩු කරනවා නමුත් අපි දේශපාලන වේදිකාවේ දී රාජ්ය සේවක වැටුප තීන්දු කරන්න ඕනද මැතිවරණයක් එනකල් රාජ්ය සේවකයා බලන් ඉන්න ඕනද පඩි වැඩිකර ගන්න අපි ඒ සඳහා පැහැදිලි ක්රමවේදයක් සැකසිය යුතු වෙනවා කවුරු බලයට ආවත් කවදා මැතිවරණයක් තිබුණත් රටේ උද්ධමනයට සාපේක්ෂව මේ රටේ රාජ්ය සේවකයන්ගේ හා පුරවැසියන්ගේ ආදායම් වැඩි කළ යුතු වෙනවා ඒ නවීකරණය කරා අපේ රට රැගෙන යා යුතු වෙනවා එවැනි නවීකරණ ප්රතිපත්ති මාලාවක් සමඟ ශ්රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා තරුණයන්ගේ විරැකියා ප්රශ්නය මැතිවරණ කාලයේ රැකියා ලක්ෂය දහස ආදිය ප්රතිපත්ති ප්රකාශනවල දානවා නමුත් රැකියා වැඩිකිරීමේ වැඩපිළිවෙල කුමක්ද අපි අදටත් විශ්වාස කරනවා මේ රටට ආයෝජකයන් ගේන්න ඕන ඔවුන්ට සහන දිය යුතු වෙනවා ඒ අයට මේ රටට පැමිණ ආයෝජනයට අවශ්ය පරිසරය සැකසිය යුතු වෙනවා ලෝක වෙළෙඳපළ සමඟ නිෂ්පාදන පිරිවැය අඩුකරමින් අපිත් සමඟ හැප්පෙන අපේ වගේ ආයෝජන ගේන අනෙක් රටවලට සාපේක්ෂව අපේ රට ආකර්ෂණශීලී වියයුතු වෙනවා ඒ සඳහා අවශ්ය නූතන වැඩපිළිවෙලක් අපි ක්රියාත්මක කළයුතු වෙනවා රැකියා ලක්ෂයක් නොවෙයි දස ලක්ෂයක් උත්පාදනය කරනවා ඔබේ දරුවා වෙනුවෙන් ඊළඟ වසර පහ ඇතුළත තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය නිෂ්පාදන ක්ෂේත්රය සේවා ක්ෂේත්රයන්වල රැකියා ලක්ෂ 10 ක් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල අපි මේ රටේ යථාර්ථයක් බවට පත් කරනවා ඒක අපේ වගකීමක් ඒ සඳහා අවශ්ය ප්රතිපත්තිමය තීන්දු අපි ළඟ තිබෙනවා ඒ සඳහා අවශ්ය දේශපාලනික උවමනාවන් අපි ළඟ තිබෙනවා මේ රටේ තරුණයන්ගේ ප්රශ්නයට අපි විසඳුමක් දියයුතු වෙනවා ලෝක රැකියා වෙළඳපොලට බද්ධ වුණු අධ්යාපන ක්රමවේදයේ වෙනසක් කරන්න කටයුතු කරනවා රැකියා වෙළඳපලට සාපේක්ෂව රැකියා වෙළඳපලට අනුකූලව රැකියා ගතවීම සඳහා අවශ්ය අධ්යාපන ක්රමයක් අපි හඳුන්වා දෙනවා දරුවන්ට පුළුවන් රැකියා ගතවීම සඳහා අධ්යාපනයට යනවාද උසස් පෙළ කර උපාධියක් දක්වා යනවාද යන්න තීන්දු කරන්න පුළුවන් ඒ නිදහස අපි නිර්මාණය කරදිය යුතු වෙනවා එක් පැත්තකින් නීතියේ ආධිපත්යය තරුණයන් දෙමාපියන් බලාපොරොත්තු වෙනවා ඒ වගේම අද සමාජය මුහුණපාලා තිබෙන ගැටලු බලන්න අද ළමා අපචාර දෙස බැලුවාම මිනී මැරුම් දෙස බැලුවාම දැවැන්ත බිඳවැටීමක් අපේ සමාජයේ තිබෙනවා ඒ බිඳවැටුණු සමාජය ගොඩනැඟීමේ වගකීම ආණ්ඩුවකට තිබෙනවා ඒ නිසා අපේ සංස්කෘතියට ආගමට ගරු කරන සමාජයක් අපි ගොඩනඟන්න ඕන දරුවා පන්සලෙන් පල්ලියෙන් ඈත් කළා කියා ආගම දහම විශ්වාස නොකරන දේශපාලන ප්රතිපත්ති රටේ ස්ථාපනය කළා කියා මේ රටේ සමාජය ගොඩනැගෙන්නේ නැහැ ළමා අපචාර කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති අපේ රටේ සම්පාදනය කරනවා වගේම ඒවා ක්රියාත්මක විය යුතු වෙනවා ඒ නිසා සමාජය ගොඩනඟන්න මේවා වැදගත් වෙනවා සංස්කෘතිය කේන්ද්ර කරගත් සමාජයක් ගොඩනඟන්න අවශ්ය වෙනවා එක් පැත්තකින් දෙමාපියන් තමන්ගේ ජීවිත කාලය තුළ හොඳ ආදායම් මාර්ගයක් උත්පාදනය කොට සතුටින් ජීවත් වන්නයි බලාපොරොත්තු වෙන්නේ අම්මා තාත්තාගේ බලාපොරාත්තුව දරුවාට හොඳට උගන්වන්නයි අධ්යාපනයට දරුවාගේ දැනුමට හා වෘත්තියට සරිලන රැකියාවක් ලැබෙන්නේ නැතිනම් දුක්විඳිනවා පමණක් නොව දරුවා අපේක්ෂා කරන ආදායම් මාර්ගවලට යන්න නොහැකි වෙනවා ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් අපි ක්රියාත්මක කරනවා ගමේ ව්යාවසායකයා ආරක්ෂා කරනවා අද බොහෝ අය ව්යවසායකයන් ගැන කතා කරනවා මොකක් ද වැඩපිළිවෙල මේ රටේ ග්රාමීය බැංකුව සමූපකාර බැංකුව ශක්තිමත් කළයුතු වෙනවා ඒ ග්රාමීය බැංකුව හරහා ව්යවසායකයන්ට අවශ්ය ආයෝජන ලබාදෙන්න කටයුතු කළයුතු වෙනවා ඒ සඳහා අවශ්ය රාජ්ය ප්රතිපත්තිය ක්රියාත්මක කරන්නත් අපි කටයුතු කරනවා ගම තුළ අලුතින් රැකියා උත්පාදනය කරනවා පමණක් නොවෙයි ගම තුළ අලුත් ව්යවසායකයන් බිහි වෙනවා දේශපාලනික වශයෙන් සමාජීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් පරම්පරාවක් අපේ ගම්මාන තුළ බිහිවෙයි කියා විශ්වාස කරනවා අපි දේශපාලනික වශයෙන් තීන්දු ගන්නවා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි හාමුදුරුවනේ රනිල් මහත්තයා පෝලිම් ඉවර කළා ඒ නිසා රනිල්ගේ වේදිකාවට නැග්ගොත් හොඳයි නේද කියා මගෙන් ගොවියෙක් ඇසුවා එදා රජෙක් නොමැති අවස්ථාවකට ගොන්ගාලේගොඩ බණ්ඩාට ඔටුනු පළන්ඳවපු පරපුරේ අපි ප්රතිපත්ති වෙනස් කරන්නේ නැහැ යුද්ධය අවසන් කළ ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ දාලා යන්නේ නැහැ මේ රට ආරක්ෂා කළේ ඔහුයි යුද්ධය අවසන් කළේ රණවිරුවන් කියා ඇතැමුන් කියනවා නායකයෝ කී දෙනෙක් හිටියා ද යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබා දුන්නාඑරික් ගාමිණී ජිනප්රිය සහ ගම්පහ සුසිල් රණමුඛ
ජ්යෙෂ්ඨ ලේඛක ගුණසේන විතාන අභාවප්රාප්ත වෙයි
ජ්යෙෂ්ඨ ලේඛක ගුණසේන විතාන මහතා අභාවප්රාප්තවී ඇත මියයන විට ඔහු 93 වැනි වියේ පසුවිය ප්රගතශීලී ලේඛකයන් වෙනුවෙන් ආරම්භ කළ ජාතික ලේඛන පෙරමුණේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ ඔහු විසින් රචිත ග්රන්ථ අතර ගලින මලින බැඳි පියමං විප්ලවයේ කැරලිකාරයෝ සරදියෙල් ගරු මාංචු මනුෂ්යත්වයට වෙඩි තබනු ලැබේ විශිෂ්ට ගණයේ ග්රන්ථ ලෙස විචාරක පැසසුමට ලක්විය දේහය පිළිබඳ අවසන් කටයුතු මෙම මස 28 වැනිදා සවස 400ට බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදුකෙරේ
පුංචි ඡන්දයට නාමයෝජනා දුන් අය වෙන කඳවුරුවල
ඉකුත් 2023 පළාත් පාලන මැතිවරණයට භාරදුන් නාමයෝජනා පත්ර යටතේම ඉදිරියේදී එම ඡන්ද විමසීම පැවැත්වීම දේශපාලන පක්ෂවලට දැඩි අර්බුදයක්ව ඇතැයි වාර්තා වෙයි එම නාමයෝජනා පත්ර යටතේ ඉදිරිපත් වූ අපේක්ෂකයන් පක්ෂ හැරගොස් ජනාධිපතිවරණයේදී වෙනත් ජනපති අපේක්ෂකයන්ට සහාය දීමට එක්වීම නිසා පක්ෂවල අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වීම අර්බුදයකට හේතු වී තිබේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළ අතර ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසුව පළාත් පාලන මැතිවරණය පවත්වන බව කොමිසම සඳහන් කර තිබුණි කැඳවූ නාමයෝජනා පත්ර අවලංගු කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළ නමුත් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවුණි පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව නාමයෝජනා පත්ර අවලංගු කර අලුතෙන් කැඳවීමක් කිරීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නොමැති බව දේශපාලන පක්ෂ සඳහන් කරයි එක්සත් ජාතික පක්ෂය ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ජන බලවේගය සමගි ජන බලවේගය ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් 2023දී පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා පත්ර භාර දුන්නේය යම් හෙයකින් අලුතින් නාම යෝජනා පත්ර කැඳවීමට නම් පනත් සංශෝධනයක් මඟින් පාර්ලිමේන්තුව පැරණි නාම යෝජනා පත්ර අවලංගු කළ යුතු වේ මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට ලබාදුන් නියෝගයත් සමග ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය ලබා දීම සඳහා එක්ව සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන නියෝජිතයන් දෙලොවක් අතර අතරමං වී ඇති බැව් එම පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි මෙකී පළාත් පාලන නියෝජිතයන් පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට නාම යෝජනා භාර දී ඇත්තේ ශ්රී ලංකා පොදුජන පෙරමුණෙනි මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීම මැතිවරණ කොමිෂන් සභාව විසින් කල්දමා ඇත දැනට ප්රධාන දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් ලබා දුන් නාමයෝජනා පත්රවලට අනුව ඉදිරියේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දීම සඳහා එක්ව සිටින පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයින් දේශපාලනික වශයෙන් ගැටලු රැසකට ලක්වනු ඇත මෙකී නඩු තීන්දුවත් සමග පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයන් රැසක් යළි ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව ද ශ්රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි රනිල් ධර්මසේන ලලිත් චාමින්ද
පක්ෂ කාර්යාල ඇරෙයි
මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට ප්රචාරණ කාර්යාල පිහිටුවීම සඳහා අවසර ලබාදීම දිස්ත්රික් මැතිවරණ කාර්යාල මට්ටමින් ආරම්භ කළ බව මැතිවරණ කොමිසම නිලධාරියෙක් පැවසීය පක්ෂ කාර්යාල පිහිටුවීම සඳහා ඉල්ලුම්පත් රැසක් දිස්ත්රික් කාර්යාලවලට දැනටමත් ලැබී ඇතැයි ද ඒවා සලකා බැලීම මේ වනවිට සිදුවන්නේ යැයි ද හෙතෙම කීය ඡන්ද මධ්යස්ථාන පිහිටුවන ගොඩනැඟිලි ආසන්නයේ කාර්යාල පිහිටුවීමට අවසර හිමි නොවන බව ද යාබදව කාර්යාල කිහිපයක් පිහිටුවීමට අවසර නොදෙන බවත් කී ඒ මහතා කාර්යාලය තුළ අදාළ අපේක්ෂකයාගේ නියෝජිතයෙකු රැඳී සිටිය යුතු බවත් කීය රනිල් ධර්මසේන
මධ්යස්ථානවලට පොලිසියෙන් 26628ක්
No Data
අත් එයි
යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අංගජන් රාමනාදන් මහතාගේ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්රපාල මහතාගේ සහාය රනිල් වික්රමසිංහ මහතාට ලබා දෙන බව දැනුම් දුන් අයුරු
කාදිනල්තුමා කාටවත් නෑලු
ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනකු මුණ ගැසුණ ද එම කිසිදු අයකුට සහාය දීමට හෝ ඔවුන් පිළිබඳ විශේෂ කැමැත්තක් මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ නැතැයි එතුමන්ගේ මාධ්ය ප්රකාශක සිරිල් ගාමිණී ප්රනාන්දු පියතුමා කියා සිටී මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් කාදිනල්තුමා මුණගැසීමට ඉල්ලීම් කළ බවත් ඒ අනුව එම ඉල්ලීම් කරන ලද අපේක්ෂකයන් පමණක් තෝරාගැනීමකින් තොරව හමුවීමට තීරණය කළ බවත් පියතුමා සඳහන් කරයි එලෙස අපේක්ෂකයන් හමුවූ පමණින් ඔවුන්ගේ ඡන්ද ප්රචාරණ කටයුතුවලට සහාය දීමක් හෝ ඔවුන් පිළිබඳ කතෝලික සභාව හෝ කාදිනල්තුමා කිසිදු සන්සන්දනය කිරීමක් නොකරන බවද සිරිල් ප්රනාන්දු පියතුමා පවසයි එබැවින් කුමන අපේක්ෂකයාට ඡන්දය භාවිත කරන්නේ ද යන්න බුද්ධිමත් ඡන්ද දායකයන්ගේ තීරණයක් හා වගකීමක් බව පමණක් කාදිනල්තුමාගේ සහ කතෝලික සභාවේ අදහස යැයිද එම පියතුමා වැඩිදුරටත් කියා සිටියේය නෝමන් පලිහවඩන
පෝස්ටර් යුද්ධයට කොමිසමෙන් බැරියර්
ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ නීති විරෝධීව රට පුරා ප්රදර්ශනය කර ඇති පෝස්ටර් කටවුට් ධජ වහා ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට දැනුම් දී තිබේ අපේක්ෂකයකුට ප්රචාරක කටයුත්තක් සිදුකළ හැක්කේ රැස්වීමක් පවත්වන භූමියක හා අවට ප්රදේශයේත් පක්ෂ කාර්යාලවලත් පමණි එහෙත් මේ වනවිට රටපුරා පෝස්ටර් බැනර් කටවුට් ප්රදර්ශනය කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය ප්රචාරක දැන්වීම් ගලවා දැමීමට අවශ්ය කම්කරුවන් යොදවන ලෙසත් ඊට අවශ්ය මුදල් මුදාහැරීමට පියවර ගන්නා බවත් පොලිසියට දැනුම්දී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය ඡන්ද විමසීම සිදුකරන දිනට පෙර දින දෙක නිදහස් කාලසීමාවක් පවතින බැවින් එම දින දෙක ජනතාවට නිදහසේ තීරණ ගැනීමට අවශ්ය පරිසරය සකස් කළ යුතු බවත් ඒ මහතා කීවේය රනිල් ධර්මසේන
මධ්යස්ථාන අසල කැන්වසින් එපා
ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂවල හිතවතුන්ට විවිධ සංග්රහ සිදුකර ඔවුන් ඡන්ද මධ්යස්ථාන අසලට එවීමට කියා නොකරන ලෙස පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය සියලුම ජනාධිපති ඡන්ද අපේක්ෂකයන්ට දැනුම්දීමක් කර තිබේ මැතිවරණයට දින කීපයක් කල්තියා සමහරුන් මත්පැන් බෝතල් රැස්කර මත්පැන් සංග්රහ කිරීමට සැලසුම් කරන බව ද එම ක්රියාවලින් වැළකී සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට දායක වෙන ලෙස ඉල්ලා සිටින බව ද පොලිසිය වැඩිදුරටත් කියයි නෝමන් පලිහවඩන
පොරොන්දු දෙන්නට ඡන්දෙට ගෙන් ගෙට
ජනාධිපතිවරණයේ ජයග්රහණය වෙනුවෙන් සැකසුණු ප්රධාන අපේක්ෂකයන්ගේ වැඩපිළිවෙළ පිළිබඳව ඡන්දදායකයන් දැනුවත් කිරීම සඳහා ගෙන් ගෙට ගොස් ප්රචාරක කටයුතු ක්රියාත්මක කිරීම ආරම්භ කර තිබේ ඒ අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් ගෙන් ගෙට යෑමේ ප්රචාරක කටයුතු මේ වනවිට දිස්ත්රික්ක කීපයකින් ආරම්භ කර ඇති බවත් එහිදී තමන්ගේ ජනාධිපතිවරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා දිවයින ඉරිදා සංග්රහයට පැවසීය ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජනාධිපතිවරණය සඳහා වූ ප්රතිපත්ති ප්රකාශය ඉදිරියේදී එළි දක්වන බව ද ඒ මහතා පැවසීය ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ වැඩපිළිවෙළ වෙනුවෙන් සැකසුණු දැනුවත් කිරීමේ පත්රිකාවන් මෙම සතියේදී ජනතාව අතට පත් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා දිවයින ඉරිදා සංග්රහය කළ විමසීමකදී සඳහන් කළේය සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාගේ ජයග්රහණය වෙනුවෙන් එම ක්රියාකාරීන් ඊයේ 24 දා සහ අද 25 දා ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බව හිටපු ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය එහිදී සජිත් ප්රේමදාස මහතාගේ විශේෂ ලිපියක් සහ ඡන්ද හිමි නාම ලේඛනය පිළිබඳව තොරතුරු ලබා ගැනීමක් ද සිදු කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්රහණය වෙනුවෙන් සැකසුණු වැඩපිළිවෙළ පිළිබඳව මේ වනවිට රටේ ජනතාවගේ 50ක පිරිසකගේ ගෙන් ගෙට යමින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත මෙම වැඩසටහන අදියර තුනක් යටතේ ක්රියාත්මක කරනු ලබන බවත් මේ වනවිට අදියර දෙකක් අවසන් කර ඇති බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න මහතා දිවයින ඉරිදා සංග්රහයට ප්රකාශ කළේය සෑම ග්රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදි මැතිවරණ කමිටු සාදා ක්රියාකාරීන් පත් කරමින් වසම් මට්ටමින් ආසන සහ දිස්ත්රික් මට්ටමින් රැලි පැවැත්වීමටත් මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය සුජීව තත්සර
පෙරහැර බලා ටොන් 340ක් කුණු හලති
මහනුවර ඇසළ පෙරහැර මංගල්ය වීදි සංචාරය කළ දින දහයේ දී පෙරහැර ගමන් කළ මාර්ගය තුළ කැළිකසළ ටොන් 340ක් එක් රැස් වූ බව මහනුවර නගර සභාවේ ඝන අපද්රව්ය කළමනාකරණ ඒකකයේ ප්රධාන ඉංජිනේරු නාමල් දිසානායක මහතා පවසයි එම කැළිකසළ අතර ඉඳුල් ටොන් හැට අටක් පොලිතින් ටොන් හතළිස් හයක් අඟුරු ටොන් 18 ක් කලවම් කුණු ටොන් හතළිස් තුනක් සහ අලි ඇතුන්ගේ කෑම සඳහා රැගෙන විත් භාවිත නොකළ අලි ආහාර ටොන් පනහක් ඇතුළු අලි අපද්රව්ය ටොන් එකසිය හැටපහක් තිබූ බවට ගණනය කළ බව ද හෙතෙම කියා සිටියේය දිරාපත් නොවන අපද්රව්ය අතර පෙරහැර නරඹන්නන් බිම එළා ගැනීමට රැගෙන විත් තිබූ පොලිතින් පානීය ජල බෝතල් ඇතුළු පෞද්ගලිකව පරිහරණය කළ දෑ ඇතුළත්ව තිබූ බවද තමන් රැගෙන එන සියලු දෑ නැවත රැගෙන යන ලෙසට කොතෙක් දැනුවත් කළත් ජනතාව සැලකිල්ලට නොගෙන සියල්ල නගරයේ දමා ගොස් තිබූ බව ද හෙතෙම කියා සිටියේය මෙම සියලු කැළිකසළ ගොහාගොඩ තේක්කවත්ත අවසන් බැහැරලීමේ අංගනය වෙත රැගෙන ගිය බව ද එම කුණු වෙන් කිරීම නුවර නගර සභාවේ කම්කරුවන් විසින් සිය දෑතින් සිදු කළ බවද එය අමානුෂික ක්රියාවක් බව රටේ ජනතාව දැනගත යුතු බවද නාමල් දිසානායක මහතා අවධාරණය කළේය සමන්තී වීරසේකර
දූෂිතයෝහෙංචයියෝ ඡන්දයට පෙර රට පනී
පැවැති රජයන් සමයේ මෙරට සිදුවූ බරපතළ මූල්ය වංචා අයථා මුදල් ගනුදෙනු ජාවාරම් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් රාජ්ය නිලධාරීන් ඇතුළු දේශපාලන හෙන්චයියන් රැසක් මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට පෙර හොර රහසේ ම රටින් පලායෑමට සැලසුම් කරගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇත මෙසේ රටින් පලායෑමට සැලසුම් කරගෙන සිටින පුද්ගලයන් මේ වනවිටත් විවිධ රටවල්වලින් වීසා බලපත්ර පවා ලබාගෙන සිටින අතර ඇතැමුන් ගුවන් ගමන් බලපත්ර පවා වෙන් කර ගෙන සිටින බවට වාර්තා වෙයි පසුගිය රජයන් සමයේ දේශපාලන බලය අයථා ලෙස පාවිච්චි කරමින් අසීමිත ලෙස මුදල් ඉපැයූ දේශපාලනඥයන් විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන් මේ වනවිටත් මෙරට ඔවුන්ට අයත් දේපොළ හොර රහසේ ම විකුණා දමමින් සිටින බවට ද තොරතුරු ලැබී ඇත හවුල් ව්යාපාරවල නිරත වූ මෙම පුද්ගලයන් ගෙන් බහුතරයක් දෙනා තමන්ට අයත් ව්යාපාරවල කොටස් මුදල් බවට පරිවර්තනය කර ඒවා ලබාගෙන ඇති බව ද වාර්තා වෙයි රටේ ආර්ථිකය විනාශ කර අසීමිත ආකාරයට මුදල් ඉපැයීමට ඍජුවම දායකවූ ප්රබලම දේශපාලනඥයන් කීපදෙනකු සහ හිටපු රාජ්ය නිලධාරීන් කීපදෙනකු ද මෙසේ රටින් පලායෑමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ගෙන සිටින බව විශ්වාස දායක ආරච්චි මාර්ග පවසයි තමන් බලයට පත් කිරීමට උත්සාහ කරන ජනාධිපති අපේක්ෂකයන්ට අවාසි සහගත තත්ත්වයක් උදා වෙමින් තිබෙන බව මොවුන් කල්තියාම අනුමාන කිරීම නිසා මේ ආකාරයට රටින් පලායෑමට සූදානම් වන බවද වාර්තා වෙයි හේමන්ත රන්දුණු
රාජ්ය සේවය ලක්ෂ 10ට කපන්න යෝජනා
රාජ්ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය 2030 වසර වන විට ලක්ෂ දහයක් හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අමාත්ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී ඇති බැව් අමාත්ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්ය නිවේදනයේ සඳහන් වෙයි ඒ අනුව 2025 වසරේ සිට වසර තුනක් ඇතුළත සමස්ත රාජ්ය සේවයේ හැකි සෑම ක්ෂේත්රයක ම ඩිජිටල්කරණය හා ස්වයංක්රීයකරණය තුළින් ඉලෙක්ට්රෝනික පද්ධති මගින් රාජ්ය පාලනය සඳහා ක්රමවේදයක් EGovernance හඳුන්වා දීමට තීරණය කර ඇත ඒ සඳහා රාජ්ය ආයෝජනයේ ප්රමුඛතාව ලබා දීමට ද යෝජනා වී ඇත එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම බාහිර සේවා Outsourcing වැනි ක්රමවේද මගින් රජයේ වැය බර අවම වන ලෙස කාර්යක්ෂමතාව උපරිම වන පරිදි නියමිත ක්රමවේද අනුගමනය කරමින් සේවය ලබා ගැනීමට ද යෝජනා කොට ඇත හඳුනාගත් රාජ්ය දෙපාර්තමේන්තු සංස්ථා ව්යවස්ථාපිත ආයතන කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සීමිත පොදු සමාගම් බවට පත්කිරීමේ ප්රතිව්යුහගත වැඩසටහන ක්රියාත්මක කිරීම සහ නිසි අධ්යයනයක් සිදුකොට සමස්ත රාජ්ය අංශයේ කාර්ය මණ්ඩලවල සේවා පිළිබඳ විද්යාත්මක අධ්යයනයක් සිදුකිරීම 2025 වසරේදී කිරීමට යෝජනා කර ඇත රාජ්ය අංශයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් කරනු ලැබූ විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ අතුරු වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත මෙකී වාර්තාවේ සඳහන් නිර්දේශ හා යෝජනා සඳහා ප්රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත් අදාළ යෝජනා 2025 වර්ෂයේ අයවැයට ඇතුළත් කර ක්රියාත්මක කිරීමටත් ඉදිරිපත් වූ යෝජනාවට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත ලලිත් චාමින්ද
ටැක්ස් වෙස් උකුස්සෝ රට පුරා
දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටින වංචනික බදු එකතු කරන්නන්ට හසු නොවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි මේ වංචනික පුද්ගලයන් කොළඹ පානදුර මීගමුව වෙන්නප්පුව සහ මිනුවන්ගොඩ ආදී ප්රදේශවල ව්යාපාරික ස්ථාන වෙත ගොස් අයවිය යුතු බදු වෙනුවෙන් මුදල් එක් රැස් කරන බවට දිගින් දිගට පැමිණිලි ලැබෙමින් තිබෙන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබන බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදී දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යනු ලබන ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් ලබාදෙනු ලබයි එහෙත් එම නිලධාරීන් මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් සිදු නොකරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි ශ්යාම් නුවන් ගනේවත්ත
සමලිංගික ශ්රමිකයෝ ඉහළට
මෙරට හඳුනාගත් ලිංගික ශ්රමිකාවන් තිස්දහසක් සහ සමලිංගික ශ්රමිකයන් අසූදහසක ප්රමාණයක් සිටින බව අනාවරණය වී තිබේ එසේම විවිධ මත්ද්රව්යයන් එන්නත් කරගනු ලබන පුද්ගලයන් තුන්දහසකට ආසන්න ප්රමාණයක් ද වෙරළ ආශ්රිතව සංචාරක කර්මාන්තයට ඍජුව සම්බන්ධ වන සමලිංගික ශ්රමිකයන් හයදහසකට ආසන්න ප්රමාණයක් පිළිබඳව ද ජාතික ලිංග්රාශිත බෝවන රෝග මර්දන ඒකකය සිය නවතම දත්ත වාර්තාව මගින් හෙළි කර ඇතැයි විශේෂඥ වෛද්ය ජී ජී චමල් සංජීව මහතා සඳහන් කරයි පසුගිය කාලසීමාවේදී මෙරට ලිංගාශ්රිත බෝවන රෝගවල ශීඝ්ර වර්ධනයක් පෙන්නුම් කරනු ලබන බව කියා සිටින වෛද්යවරයා 2020 වර්ෂය වනවිට ලිංගාශ්රිත බෝවන රෝගවලින් හඳුනාගත් ප්රමාණය පන්දහසකට ආසන්න වූ බවත් එම තත්ත්වය මේ වනවිට එකළොස් දහස් පන්සියය ද ඉක්මවා ඇති බවත් කිවේය සුජීව තත්සර
මාතර පොහොට්ටුව විලීගේ කරට
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මාතර දිස්ත්රික්කයේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා එම පක්ෂය විසින් පත්කොට ඇත ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්රික් මන්ත්රී නිපුන රණවක මහතා සමග එක්ව මාතර දිස්ත්රික්කයේ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මැතිවරණ කටයුතු මෙහෙයවීම මෙම සතියේ සිට ආරම්භ කරන බැව් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි ආචාර්ය විලී ගමගේ මහතා වසර හතරකට අධික කාලයක් දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළේය ලලිත් චාමින්ද
හරක් සොරකම් ඉහළට
මෙරට ඉකුත් වර්ෂයේ දී 2023 රුපියල් පනස්දහසකට වඩා වටිනාකමින් යුතු ගව සොරකම් 1682ක් වාර්තා වී ඇති බැව් ශ්රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී මෙරට සිදුවී ඇති ගව සොරකම් සංඛ්යාව සියයට 50කටත් වඩා වැඩි වී ඇත 2022 වර්ෂයේ දී ගව සොරකම් 726ක් සිදුවී තිබුණි 2023 වර්ෂයේ දී වූ ගව සොරකම් අතුරින් 1141ක් විසඳා ඇති අතර 541ක් විමර්ශනය වෙමින් පවතින බව මෙකී වාර්තාවේ සඳහන් වේ මෙම වර්තාවට අනුව වාර්තා වී ඇති ගව සොරකම් අතුරින් ගව සොරකම් විසඳීමේ ප්රතිශතය සියයට 68කි 2022 වර්ෂයේ දී වාර්තා වූ ගව සොරකම් අතුරින් සොරකම් 552ක් විසඳා ඇති අතර 174ක් විමර්ශනය වෙමින් පවතින බව ද මෙම වාර්තාවේ සඳහන් වේ ලලිත් චාමින්ද
රටේ ජනපති හැටියට අපි නැවතත් අපේක්ෂා කරන්නේ රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා
වැටී තිබූ අගාධයෙන් රට බේරා ගත්තේ රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමාමේ වෙලාවේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හැමදෙනාම ජනාධිපති හැටියට අපේක්ෂා කරන්නෙත් රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා යැයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්රීක් සංවිධායිකා මහරගම හිටපු නාගරික මන්ත්රීනී චන්ද්රිකා ද සොයිසා මහත්මිය පැවසුවාය ඇය එසේ පැවසුවේ කොළඹ දී පැවැති මාධ්ය හමුවකදීය තවදුරටත් කතාකළ ඇය මෙසේද කියා සිටියාය රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා තමයි තවදුරටත් මේ රටේ නායකයා හැටියට අපි අපේක්ෂා කරන්නෙ රටට අවශ්ය අවස්ථාවේ නැති නායකත්වයෙන් ඇති වැඩක් නැහැඅභියෝග රැසක් පැවැති අවස්ථාවක මේ රට භාරගත්තෙ රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමාඑතුමා මේ වෙනකොට රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරලා තියෙනවා වතු සේවකයින්ට කවදාවත් නැති විදිහට රුපියල් 1700 පඩි පාලක සභාවෙන් ඒක නියම කරලා වසර ගණනාවක් ගන්න බැරි වූ වැටුප් වැඩි කරලා දීලා තියෙනවා ඒ වගේම ඊයේ පෙරේදා හැමදාමත් බලපත්ර එක්ක හිටිය ඔප්පු නැති ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීලා තියෙනවා රටේ කාන්තාවන්ට නිසි තැන දෙන නායකයෙක් තමයි එතුමාකාන්තාවන්ට තැන දෙන නායකයකුට තමයි අපි ඡන්දය දෙන්න ඕනෑඒ සියලු සුදුසුකම රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමාට තියෙනවා ප්රදීප් ප්රසන්න සමරකෝන් සහ තුෂාර අතපත්තු

No dataset card yet

New: Create and edit this dataset card directly on the website!

Contribute a Dataset Card
Downloads last month
15
Add dataset card