id
stringlengths
15
16
news_content
stringlengths
61
30k
comment
stringlengths
7
989
likes
int64
-389
2.24k
labels
stringclasses
2 values
ncpp_train_0001
රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන පිරිසක් බව, ජාතික මහජන සභාවේ කඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවැසීය. චමිර පෙරේරා මහතා ඒ බැව පැවැසුවේ පසුගියදා හිල්සයිඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා මෙසේද කීය. ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණේ යුද්ධෙන් පස්සේ. 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර වෙනස් කළා. යුද්ධෙන් පස්සේ තමයි කොළඹ ප්‍රදේශයේ තරුණයෝ පැහැර ගත්තේ. මාධ්‍යවේදීන්ට පහර දුන්නේ, මාධ්‍යවේදීන් අතුරුදන් කළේ. ගෝඨාභයගේ ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරෙනවා. සිහි කල්පනාවක් තියෙනවා නම් ගෝඨාභයට රෙදි ඇඳගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න බෑ. රතුපස්වල මිනිස්සු වතුර ටිකක් ඉල්ලුවේ, තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයාගේ කර්මාන්ත ශාලාව ආරක්ෂා කර ගන්න, වෙඩි තිබ්බා මැරුවා මිනිසුන්ව. මෙන්න මහින්ද රාජපක්ෂගෙයි ගෝඨාභය රාජපක්ෂගෙයි කෙරුවාව. පන්සලකට පැනලා කඩුවක් හොයන්න භික්ෂුන් වහන්සේ දෙනමක් මැරුවා. කාගේ කාලයේදීද ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ තප්පුලන ප්‍රජා චණ්ඩවාදය තමයි වුණේ. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නෙවෙයි. රාජපක්ෂලා කතා කරනවා නිදහස දුන්නේ කාටද?  ගෝඨාභය රාජපක්ෂට මිනීමැරුම් චෝදනා තියෙනවා. දූෂණ චෝදනා තියෙනවා. මේ දේවල් මේ විදියට තියෙන නිසා තමයි කල්තියාම ප්‍රශ්නත් අහලා, උත්තරත් දීලා අන්තිමට ජනතාවට ප්‍රසිද්ධ කරන්න බලන්නේ. මාධ්‍යවේදීන්ටත් දැන් තේරෙනවද? අන්න ඒ යකාගේ තරම. මෙයා දෙන්නේ නෑ ප්‍රජාතන්ත්‍රවාදය. රාජපක්ෂලාගේ පැටිකිරියම ප්‍රජාතන්ත්‍ර විරෝධියි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා නියෝජිතයන් පිළිගන්න කෙනෙක් නෙවෙයි. දිස්ත්‍රික්කවල එයාගේ ටාස්ක් ෆෝස් (Task force)  එකක් හදනවා. ඒක හැදුවට පස්සේ ඔය සංවිධායකවරුන්ගේ ආසන සංවිධායකවරුන්ගේ ජනතා නියෝජිතයන්ගේ ජොබ් නැති වෙනවා. ඒකට පත්වෙන්නේ හිටපු කෝප්‍රල්ලා, සාජන්ලා, මේජර්ලා, කපිතාන්වරු. ඒ අය අතට තමයි බල යන්නේ. බැසිල් රාජපක්ෂ මහත්තයා හදපු සංවිධායකවරුන්ට එහෙම සුම්මා තමයි. අවසානයේ මහින්ද රාජපක්ෂ මහත්තයටත් ජොබ් එක නැති වෙනවා. ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය කැට තියලා පරද්දන්නේ. කිසි කෙනකුට එන්න දෙන්නේ නෑ. ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය අවසන් කරන වැඩේ මේ කරන්නේ. අපි එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග ආරක්ෂා කරන්න. ජනතාව ඉල්ලන අපේක්ෂා කරන, අභිලාෂයන් නියෝජනය කරන දේශපාලන සංස්කෘතියක් ආරක්ෂා කරන්න. එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන්, ජනතා පදනමක් තියෙන නියෝජිතයන් අයින් කරලා. කෙමින් කෙමින් එජාපයම රෝයල් ජුන්ටාවක් බවට පත්කරමින් තියෙනවා. රෝයල් ජුන්ටාවට සක්ක ගහන කොළඹ කේන්ද්‍රිය සිවිල් ප්‍රභූන් කිහිපදෙනෙක් එකතු වෙලා මේ ජනවාරි 08 ව්‍යාපාරය විනාශ කරන්න යනවා. අපි දැක්කා මාධ්‍යවල පළ වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවලු මට කරදර කළොත් මං මේක කරු ජයසූරිය මහත්තයට භාරදෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අහන්නේ තමුන්ගේ බූදලයක්ද ජනාධිපති අපේක්ෂකකම දෙන එක. තමුන් දෙවියන් වහන්සේද තමුන්ට ඕනි කෙනෙක්ට අපේක්ෂකකම දෙන්න. ජනතාව ඉල්ලන කෙනාටයි මේක දෙන්න ඕනි. ජනතාව ඉල්ලන දෙය වැදගත් වෙන්නේ. ජනතාව ඉල්ලන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස. රොයල් ෆැමිලි තියෙන්නත් බෑ. රොයල් ක්ලබ් තියෙන්නත් බෑ. අවශ්‍ය කරන්නේ ජනතා නියේජිතයෙක්. නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි
Obathumath Royal Neda??????
3
POSITIVE
ncpp_train_0002
අද වන විට මෙරට මෙවන් විනාශකාරී තත්වයකට පත් වී ඇත්තේ මහා  සංඝරත්නය ලබාදුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්ටන් ශක්‍ර දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාර කිරීම බවත් වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමියෝ පැවසූහ. මහනුවර, මඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකදී මහනාහිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී මහනාහිමියෝ මෙසේද සඳහන් කළහ. බුදුරජාණන් වහන්සේටත් නින්දා අපහාස කළා. භික්ෂූන් වහන්සේලා  කියන්නේ නින්දා අපහාස විඳ දරාගෙන වැඩ කටයුතු කළ හැකි පිරිසක්. උදාර සේවාවන් නුරුස්සන පාපී අදහස්වලින් යුක්ත පිරිස් බොහෝ දෙනා අප අතර ජීවත් වෙනවා. මනුෂ්‍යයන් කිව්වට බොහෝ  සුළු පිරිසකට පමණයි බුද්ධිමත්ව සිතා මතා මේ දේ හොඳයි මේ දේ නරකයි කියා තේරුම් ගෙන කටයුතු කළ හැක්කේ. එම නිසා වැඩි දෙනා අන්තගාමීන් හැටියටයි සැලකිය හැකි වෙන්නේ. අද මෙතන සිටින පුංචි දරුවන් පවා දන්නවා අද අපේ රටට වෙලා තිබෙන විපක්තිය. ඊට හේතූව කුමක්ද කියාත් දන්නවා. ඒ පිළිබඳව අප කනගාටු වෙනවා මිසක් කළ යුතු දෙයක් නැහැ. භික්ෂූන් වහන්සේලා හැටියට අපි ඒ අයට අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවවාද අනුශාසනා කළා. නමුත් ඒවා නොතකන බවක් තමයි අපට පෙනෙන්න තිබුණේ. මේ විදිහට ගියොත් මේ රට විනාශ වෙන  තැනට පත් වෙනවා. අප ඒ සියලු දේ ඒ අයට තේරුම් කර දුන්නා. නමුත් ඒ අය ඒවා තැකීමක් සැලකීමක් නොකරන බවක් ඉතාම පැහැදිලිව පේනවා. එම නිසා නොවෙන දේකට නොකෙරෙන දෙයකට කතා කිරීමට ගොස් වැඩක් නොවෙන බව මේ රටේ භික්ෂන් වහන්සේලා තේරුම්ගෙන තිබෙනවා. දැන උගත් සියලු දෙනා මේ රට පත් වී තිබෙන තත්ත්වය ගැන කනස්සල්ලට පත් වෙනවා. තමගේ දරු දැරියගේ අනාගතය ගැන දෙමවුපියන් සිතන කොට දෙමවුපියන් හැටියට ඒ සියලු දෙනා  දුක් වෙනවා. කනගාටු වෙනවා. නමුත් කළ හැකි දෙයක් නෑ. බුදුන් වැඳ ත්‍රිවිධ රත්නයට ගරු කරනවා හැරෙන්නට, දෙවියන්ට කියනවා හැරෙන්නට,  කියයුතු මනුෂ්‍යයෙක් නැහැ. මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ. එම නිසා බුදුන් වැඳලා දෙවියන්ට පින් දීලා දෙවියන්ට කියන්න පමණයි තිබෙන්නේ මේ රට ආරක්ෂා කර දෙන්න කියා. බුදුරජාණන් වහන්සේ මේ බව දැනගෙන වෙන්න ඕනෑ එදා මේ රට ශක්‍ර දෙවියන් වහන්සේට මේ රටේ ආරක්ෂාව බාර දුන්නේ. ශක්‍ර දෙවියන් විෂ්ණු දෙවියන්ට ඒ කාර්යය පැවරුවා. එම නිසා ශක්‍ර දෙවියන් සහ විෂ්ණු දෙවියන් ඇතුළු දේවතාමණ්ඩලයට මේ රටේ ආරක්ෂාව බාරයි. බෞද්ධයන් හැටියට පුණ්‍ය කටයුතු හොඳින් කරනවා නම් ඒ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂක්ෂාව ලැබෙනවා. ශක්ති පමණින් අපත් මේ රට ආරක්ෂක්ෂා කිරීමේ කාර්යභාරය කරනවා. පසුගිය කාලවකවානුවේ සිදුවෙච්ච විපත්ති දිහා බලන කොට මේ රට මේ තරමින් තිබෙන එක පිළිබඳවත් සෑහීමකට පත්විය හැකියි.  මේ යන තත්ත්වය අනුව අපගේ අනාගතය පිළිබඳව කිසිසේත්ම  සතුටුවිය නොහැකියි. ඒ පිළිබඳව කනගාටු වෙලාත් වැඩක් නෑ. ජය පරාජය හොඳ නරක විඳ දරාගෙන කටයුතු කළ යුතුයි. මරණය, අනිත්‍යය පිළිබඳවයි බුදු බුදුදහමේ උගන්වන්නෙ. එම අවබෝධය දහම් පාසල් තුළින් අප සියලු දෙනාට ලබාදී තිබෙනවා.
දැන් නම් සක්කරයා විස්නු වත් විශ්වාස නෑ මුන් කෙලියත් කෙලින්නේ පොඩි මිනිහටම තමයි අපේ හාන්දුන්නේ සක්කරයා ඇවිත් වත්තේ පැස්ටෝල් ඩීසල් ලිං කපා දෙයිද දන්නෑ නේද?
10
POSITIVE
ncpp_train_0003
පසුගිය දිනවල දී වාර්තාවූ දළ පූට්ටුවා ඇතුළු ඇතුන් මරා දැමීමේ සිද්ධි පිළිබඳ පරීක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නයැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩබලන පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන ) සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කරන ලදී. ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද කීය. “ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි කීපයක් පසුගිය දින කිහිපය පුරා වාර්තා වුණා. ගල්ගමුවේ දළ පූට්ටුවා නැමැති දළ ඇතා ගේ දළ යුගල පසුගිය දා පොල්පිතිගම ප්‍රදේශෙයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. එම ඇතාගේ සිරුරද කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ තිබී හමුවුණා. ඒ වගේම තබ්බෝව රක්ෂිත මායිමේ දී තවත් දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබූණා. කතරගම ප්‍රදේශයේ දී  ගසක බැඳ දමා සිටි වන අලි පැටවෙකු සොයාගැනීමට පොලීසියට හැකිවුණා. එම කරුණු සියල්ල සලකා බලා දළ ඇතුන් මරාදැමීම සහ වන අලි ජාවාරම පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නැයි වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න  මහතාට නියෝග කළා. මේ විදිහට වන අලි මරාදැමීම අනුමත කරන්න බැහැ. අලි ඇතුන් ජාවාරම සහ ඇත් දළ ජාවාරමට සම්බන්ධ සියලුම දෙනාය එරෙහිව අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක නරනවා. ඒසඳහා මේ ජාවාරම පිටුපස ක්‍රියාත්මක වෙන සංවිධානාත්මක ජාලයක් තිබේද එසේ ක්‍රියාත්මක සංවිධානාත්මක ජාලයක් තිබේනම් අදාළ සංවිධාන කණ්ඩායම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම වහාම සිදුකළ යුතු නිසා මේ පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරන්න කටයුතු කළේ.” යැයි අමාත්‍යවරයා කීය.
මේ හැමදේම තව ටික දවසකින් හැමෝටම අමතකයි.. ජාවාරම්කාරයෝ අල්ලයි ඒත් ටික දවසකින් ඇප දීලා එලියට එයි..ආයෙමත් ඔය දේවල්ම කරයි.. අපේ රටේ ශක්තිමත් නීති පද්ධතියක් නැහැ.. නීතිගරුක මිනිසුන් නැති රටක් කවදාවත් දියුනු වෙන්නෙ නැහැ.. අනික් රටවල් දියුනු වෙනකොට අපි හැමදාම දුප්පත් වෙලාම ඉදියි..
79
POSITIVE
ncpp_train_0004
කොස්ගම පුවක්පිටිය ප්‍රදේශයේ නිවෙසකට බාහිරින් පැමිණි 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමක් වාර්තාවේ. වාර්තාවන ආකාරයට මෙම නිවසේ වාසය කරන පියා මව එක් කාමරයක්  දියණිය  තවත් කාමරයකත් රාත්‍රී නිදා සිටින අතරවාරයේ පියාට දියණියගේ කාමරය දෙසින් විවිධ ශබ්ද ඇසෙන්නට වීම නිසා ඔහුට සැකයක් ඇතිවී තිබෙන්නේ නිවසට සොරු පැන ඇතිය කියාය. ඒ අනුව පියා හිමින් සීරුවේ නිවසේ කුස්සිය දෙසට ගොස් මන්නා පිහියක් අතට ගෙන දියණිය සිටි කාමරය දෙසට ගමන් කර ඇත්තේ විපරම් කිරීමටය. එම අවස්ථාවේ කාමරයේ දොර අගුළු දමා තිබියදී පියා යතුරු සිදුරෙන් විපරම් කර තිබෙන අතර ඔහුට දැකගන්නට ලැබී ඇත්තේ සිය දියණිය නිරුවත් කොට සිප වැළඳගනිමින් සිටින තවත් පිරිමි පුද්ගලයෙකු කාමරයේ සිටින බවයි. බාල වයස්කාර සිසුවියක සිටි කාමරයට මහ රෑ ඇතුළු වූ තරුණයා දුටු පියාට කෝපය ඉහවහා ගොස් තිබෙන අතර දොරට වේගයෙන් ගසා එය කඩාගෙන ඇතුළුවී තිබේ.එම අවස්ථාවේ දියණිය ‘අනී තාත්ති එයාට මුකුත් කරන්න එපා.. මමයි එන්න කිව්වෙ' කියමින් අඳෝනා දී ඇත්තේ ඇයගේ සිරුර රෙදි පටවලින් වසාගනිමින් ලජ්ජාවෙන් ඇඹරෙමිනි.කරකියාගන්නට කිසිවක් නොහැකිව වටපිට බැලූ තරුණයා කොට කලිසම පිටින් ඇර තිබූ ජනේලයෙන් පැන පළායන්නට තැත් කර තිබෙන අතර පියා වහාම එය වළක්වා ඔහුට පහර දෙන්නට උත්සාහ කර ඇත.එම අවස්ථාවේ පියාගේ පහර වළකන්නට දියණියද උත්සාහ කළ මුත් වේගයෙන් එල්ල කළ එක් පහරක් තරුණයාගේ හිසේ වැදී ඔහු ලේ පෙරාගෙන ඇදවැටී ඇත.සිහිසුන්ව සිටි ඔහු සම්බන්ධයෙන් පොලිසියද දැනුවත් කරන්නට නිවසේ අය පසුව කටයුතු කරන ලදි. තරුණයා බරපතල තුවාල තත්වයෙන් රෝහල් ගත කළ මුත් ඒවනවිටත් මන්නා පහරකින් මියගොස් සිටි බව පොලිසිය කියයි.  මෙසේ මිය ගොස් ඇත්තේ අජිත් කුමාර නමැති 23 හැවිරිදි තරුණයෙකි.  ඝාතනයට ලක් වූ තරුණයාත් සිසුවියත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවට මූලික පරික්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. තම දියණියගේ කාමරයෙන් කිසියම් ශබ්දයක් ඇසී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී මිය ගිය තරුණයා දියණියගේ කාමරයේ සිටිනු දැක ඇති වූ කෝපය පාලනය කරගන්නට බැරිව ඇතිවූ ගැටුමින් පසු තරුණයාට පහර දෙන්නට සිදුවූ බව පියා පවසා ඇත.සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා කොස්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මිය ගිය තරුණයාගේ සිරුර අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණෙය පැවැත්වීමට නියමිතය. කොස්ගම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
ඕකට කියන්නෙ කොටියා පනිනවා කියලා, ගොඩක් කොල්ලෝ ඔහොම පනිනවා,අපිනම් මන්න පාරවල් නම් කෑවේ නැ සාන්ත.
18
POSITIVE
ncpp_train_0005
රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් දිවුරුම් දෙති නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ. රාජ්‍ය අමාත්‍ය ධූර 01- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 02- පාලිත රංගේබණ්ඩාර මහතා - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය 03- වසන්ත පරාක්‍රම සේනානායක මහතා - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය 04- එරාන් වික්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූර 01-  හර්ෂ ද සිල්වා මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 02- රන්ජන් රාමනායක මහතා - සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය 03- කරුණාරත්න පරණවිතාන මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
මෙන්න තවත් රාජ්‍ය ඇමති දුරයක්: ⁣ගව සහ උමිබැබැබැ යටිතල කවටු අන්දරේ - චතුර සේනාරත්න
173
POSITIVE
ncpp_train_0006
උඩුවේ හිමිගේ ඇලන් මැතිණියාරාම පන්සලේ උදේට උදේට ඇහෙන සද්ද ගැන මිලින්ද ඇතුළු අසල්වැසියන්ගෙන් පැමිණිලි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවාසය කරන කොළඹ 5 ඇලන් මැතිනියාරාමය වෙතින් උදෑසනට ඇසෙන කර්ණ කඨෝර ශබ්ද ඉවසාගත නොහැකි බව දක්වමින් අසල්වාසීන් විසින් පැමිණිල්ලක් ගොනු කරනු ලැබ ඊයේ විභාග විය. මෙම අසල්වාසීන් අතර හිටපු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු හා ඇමතිවරයෙකු වන මිලින්ද මොරගොඩද සිටියේය. තමන් කොළඹ 05, ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අසල පදිංචිකරුවන් බවත්, උදෑසන පහත් හයත් අතර කාලයේදී ඉතාමත් අධික ශබ්දයකින් යුක්තව එම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර සීඩී තැටි ප්‍රචාරය කරනු ලබන බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. මෙය ප්‍රදේශවාසීන්ගේ මානසිකත්වයට හා සෞඛ්‍යයට අහිතකර වන අතර, දරුවන්ගේ පාඩම් කටයුතුවලට බාධා, හිසරදය, මානසික ආතතිය, අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම ඇතිවන බැවින් එම පීඩාව මැඬපැවැත්වීමේ නියෝගයක් ලබාදෙන ලෙස පැමිණිලිකරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත. හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස් දෙනකු විසින් ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී මේ සම්බන්ධව කරුණු හෙළි කර තිබුනේ 1979 අංක (15) දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (ආ) වගන්තිය යටතේ 98 (1) ප්‍රකාරව එය වළක්වාලන ලෙස ඉල්ලමිනි. නඩුව ලබන 06 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
වැරදි දේට හරියි කියලා වැරැද්ද කරන එක සමගිය නෙවේ. ඒ මෝඩකම. වැරැද්ද වැරැද්ද වශයෙන් කියලා හැමෝම නිවැරදි මාර්ගයට ගැනීම තමයි සැබෑ එකමුතුව. අල්ලා අදහන්න ගිහින් ඒ රටවල් වලට වෙලා තියන දේ බලන්න. මිනිස්සු නෙවේ අමනුස්සයෝ දැන් එහෙ ඉන්නේ. ඒවගේ අනාගතයක් මෙහෙ හදන්න එපා. මොළේ පාවිච්චි කරන්න.
2
POSITIVE
ncpp_train_0007
ද්විත්ව ප්‍රේමය කඩා දැම්මාට උරණවී කොට්ටාවේ තරුණිය ඝාතනය කළ පෙම්වතා කලින් දා රෑ නිවසට ඇවිත් බැල්කනියෙ සැඟවිලාCCTV දර්ශන මගින් හෙළිවේ පෙරේදා කොට්ටාවේ නිවසකදී ඝාතනයට ලක්වූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණ අනුව මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගන්නට පොලිසිය සමත්ව තිබේ. තරින්දිගේ මව්පියන් තොග වෙළෙඳාම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයින් වන අතර එම වෙළෙඳ ස්ථානය පිහිටා තිබෙන්නේ කොට්ටාව හොරණ පාරේ ඔවුන්ගේ තෙමහල් නිවසට යාබද ගොඩනැගිල්ලේමය. තරින්දි රූපලාවන්‍ය පාඨමාලාවක් සඳහා විදෙස්ගතවීමේ සූදානමින් පසුගිය දිනවල පසුවූ බවත් ඇගේ නැගණිය තවමත් පාසල් යන වයසේ සිටි බවත් කියැවුණි. තරින්දිගේ දෙමාපියන්ද දැනුවත්ව විවාහ යෝජනාවක් ගෙන ආ තරුණයෙකු එම නිවසට මීට වසර දෙකක පමණ කාලයක සිට ආගිය බව කියැවේ. මාතර හක්මන ප්‍රදේශයේ වාසය කළ ඔහුද ව්‍යාපාරිකයෙකි. වන්දනා ගමන් සංවිධානය කරන ව්‍යාපාරයක් ඔහු පවත්වාගෙන ගිය බව පැවසිණි. මෙම පෙම්වතා ගැන තරින්දිට මුල් කාලයේ පැහැදීමක් තිබුණ නමුත් ඔහුගේ නොමනා ක්‍රියාකාරකම් කිහිපයක් අතට හසුවීම නිසා තරින්දි ඔහුට අකමැතිව සිටි බව කියැවේ. ඔහු මැය සමග විවාහ වන්නට අපේක්ෂාවෙන් නිවසට ආවත් ඔහුට තවත් පෙම්වතියක සිටින බව ඇයට දැනගන්නට ලැබීමෙන් පසු ප්‍රශ්න ඇතිව තිබේ. මින් මාස කිහිපයක සිට එම ප්‍රශ්න මතුව තිබුණ අතර ඔහුගේ ගමන් බිමන් ගැන සෝදිසියෙන් සිට ඇය සොයාගත් තොරතුරු ඔස්සේ මේ කියන බාහිර පෙම්වතියගේ දුරකථන අංක සොයාගන්නට ඇය සමත්ව තිබේ. මෙම ඝාතන සිද්ධියට ආසන්නම සිදුවීම වන්නේ තරින්දි ඒ කියන කාන්තාවට කථාකොට මාතර පෙම්වතාගේ ‘ද්විත්ව ප්‍රේමය‘ ගැන තොරතුරු ඇයට හෙළිදරව් කර සිටීමයි. ඒ වනතුරු ඒ ගැන කිසිවක් දැන නොසිටි එකී කාන්තාව එය අසා පුදුමවී ඇති අතර ඔහුව අත්හැර දමන බවද පවසා ඇත. මෙම ක්‍රියාව නිසා පෙම්වතා කෝපයට පත්වූ බවත් තරින්දිට තර්ජනය කරන ලද බවත් වාර්තාවෙයි. තමාට තැන් දෙකම නැතිවීම ගැන ඔහු අවේශයෙන් සිටි බව කියැවේ. පෙම්වතා සමග ප්‍රශ්න පැනනැගුණ බව තරින්දිගේ මාපියන් හා නැගණියද හොඳින් දැන සිටි අතර මේ නිසා පසුගිය කාලයේ පෙම්වතාට එම නිවසට එන්නට දොරටු විවරවී තිබීද නැත. මේ නිසා තරින්දිගෙන් පලිගන්නට උවමනා වුවත් ඔහුට ක්‍රමයක් තිබී නැත. පසුගිය 22 වනදා උදේ තරින්දිගේ නැගණිය පාසලටත් මව්පියන් අසළ රැකියා ස්ථානයවූ වෙළෙඳ සැලටත් ගොස් තිබුණ අතර දහවල් නිවසේ තරින්දි සිට ඇත්තේ තනිවමය. ඇය ඝාතනයවූ බව මුල්වරට දකින්නේ පාසල් ඇරී නිවසට ආ නැගණියයි. හවස 2.20 ට පමණ නිවසට ආ නැගණිය තරින්දිව සොයා ඇති අතර ඇය පෙනෙන්නට නොසිටි නිසා දෙවන මහලේ පිහිටා තිබුණ තරින්දිගේ කාමරයට ගොස් බලා ඇත. එහිදී ඇය පුදුමයට පත් කරමින් ලේවිලක් මැද ඇඳේ වැතිර සිටි තරින්දිව දැකගන්නට ලැබී තිබේ. පසුව ඇය මේ ගැන දෙමාපියන්ට පවසා දෙමාපියන් මේ ගැන පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව පොලිසිය එහි පැමිණ පරීක්‍ෂණ ආරම්භ කර තිබුණි. ඇඳ මතදී  තරින්දිගේ ගෙල  සහ පිට ප්‍රදේශයට 20 කට අධික  මාරාන්තික පිහි ප්‍රහාර රැසක් එල්ලවී තිබුණ අතර ස්‌වාසනාලයට රුධිරය වහනය වී හුස්‌ම හිරවීමෙන් මරණය සිදුව ඇති බව  ඊයේ (23) පස්වරුවේ පැවති  පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය. ඇය දූෂණයට ලක්වීමක් සිදුව නැති බවද කළුබෝවිල මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි පී. බී. දසනායක මහතාගේ වාර්තාවේ දැක්වේ. සම්පූර්ණ බාහිර සීසීටීවී ආවරණයක් සහිතව තිබුන මෙම නිවසේ සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන ලද අතර එහිදී අනාවරණය වූයේ ඝාතනය සිදුකළ බව කියන පෙම්වතා දහවල් 10.30 ට පමණ නිවසින් පිටව යන දර්ශන එහි පටිගතවී ඇති අයුරුය. කෙසේ වෙතත් ආපස්සට යවා බලද්දී පෙම්වතා පැමිණෙන දර්ශන සොයාගන්නට එක්වරම බැරිව ගොස් තිබේ. පොලිසිය ඒ අනුව සීසීටීවී කැමරා සියල්ල පරීක්ෂා කර තිබෙන අතර පෙම්වතා තාප්පයකින් පැන නිවසට ඇතුළුවන්නේ සිදුවීමට පෙරදින(21) රාත්‍රියේ බවත් ඔහු නගින්නේ 3 වන තට්ටුවට බවත් සොයාගන්නට හැකිව තිබේ. ඒ අනුව තුන්වන තට්ටුවේ බැල්කනියක ඔහු පසුදා වනතුරු සැඟවී සිට නිවසේ පිරිස පිටව ගොස් තරින්දි තනිවෙන වේලාව තෙක් බලාසිට ඔහු නිවසට ඇතුළුවී මෙම ඝාතනය සිදු කරන්නට ඇතිය යන සැකය මතුව තිබේ. ඝාතනයෙන් අනතුරුව ඔහු නිවසින් පිටව ගොස් ඇත්තේ ප්‍රධාන දොරටුවෙනි. මාතර ප්‍රදේශයේ පදිංචි එම තරුණයා මේ වනවිට නිවසින් පළාගොස් සැඟව ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර තිබෙන අතර ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.Update කොට්ටාවේ තරින්දි ඝාතනය කළ පෙම්වතා පොලිසියට භාරවේ - Read Here
මට නම් හිතෙන්නේ මේවට මේ ගැහැණු ළමයාගේ දෙමුපියොත් වග කියන්ඩ ඕනේ. මේ වගේ සල්ලිකාර පවුලක ගැහැණු ළමයෙකුට විවාහ යෝජනාවක් කරනකොට මීට වඩා හොයන්ඩ බලන්ඩ තිබුනා. අනිත් එක මෙච්චර කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකට මිට වඩා ආරක්ෂක විධි විධාන යොදන්න තිබුනා. විශේෂයෙන් ගැහැණු ළමයි දෙන්නෙකුත් ඉද්දි. සීසී ටීවී සවිකරලා තියෙද්දිත් ඝාතකයා කලින් දවසේ ඉඳලම ගේ අස්සේ බය නැතිවම හැංගිලා හිටියේ ගෙදර මිනිසුන්ගේ අපරික්ෂාකාරී හැසිරීම ගැන කලින් ඉඳලම දන්නා නිසා වෙන්න ඇති
67
POSITIVE
ncpp_train_0008
 ඉන්දියාව සහ භූතානය යන රටවල් දෙක විසින්  නිකුත් කරන ලද නව සංඛ්‍යාලේඛනවලට අනුව ඔවුන්ගේ කැළැබද කොටි ගහනයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇත.ඉන්දියාවේ සාමාන්‍යයෙන් කොටි 3,682 ක් වාර්තා වී ඇති අතර එය ලෝකයේ වන කොටින්ගෙන් 75% ගේ නිවහන බවට පත් වන බව පරිසර සහ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.භූතානය කොටි 131ක් වාර්තා කර ඇති අතර  2015 එහි අවසන් සංඛ්‍යාවට වඩා 27% කින් වැඩි විය.ඉන්දියාවේද, එහි කොටි ගහනය වාර්ෂිකව 6% කින් වැඩිවී තිබෙන බව පරිසර අමාත්‍යාංශය පවසයි. 1970 ගණන් වලදී අධික ලෙස දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම හේතුවෙන් එහි කොටි ගහනය 2,000 ට වඩා පහත වැටුණු ඉන්දියාව සඳහා ජනගහන වර්ධනය ප්‍රධාන සංරක්ෂණ සාර්ථකත්වයකි."ඉන්දියාවේ කොටි සංරක්‍ෂණයේ ආදර්ශවත් උත්සාහයන් සහ කොටි සංඛ්‍යාව වැඩිවීම සංඛ්‍යාලේඛනයක් පමණක් නොව ජාතියේ අධිෂ්ඨානය සහ කැපවීම පිළිබඳ සාක්ෂියක්" යැයි වන, පරිසර සහ දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යම අමාත්‍ය භූපෙන්දර් යාදව් පැවසීය.භූතානයද  කොටි සංඛ්‍යාවේ වර්ධනය පසුගියදා සමරනු ලැබීය."මෙය සැලකිය යුතු ජයග්‍රහණයක් සහ ඉතා සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධතියක ඇඟවීමක්" යැයි WWF-භූතානයේ රටේ අධ්‍යක්ෂ චිමී රින්සින් පැවසීය.භූතානය ව්‍යාඝ්‍ර ගහන සමීක්ෂණය මගින් රට තුළ විවිධ උන්නතාංශවල කොටි බෝවන බවට සාක්ෂි සොයා ගත්තේය.දේශගුණිකවිපර්යාස වැනි ගැටළු හේතුවෙන් වැඩිවන සත්ව විශේෂ සමඟ ලෝකය දිගටම පොරබදමින්සිටින විට භූතානය සහ ඉන්දියාව කොටි ප්‍රජාව  සාදරයෙන් පිළිගෙන ති⁣බේ.ඉහළම විලෝපිකයෙකු ලෙස, ස්වභාවික ලෝකයට යටින් පවතින සංකීර්ණ පද්ධති සංරක්ෂණය කිරීම සඳහා කොටි අත්‍යවශ්‍ය යැයි සැලකේ.කෙසේවෙතත්, ඔවුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයකි. WWF සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය සියවස තුළ ගෝලීය කොටි ගහනය 95% කින් පමණ පහත වැටී ඇත.මිනිස් වාසය හේතුවෙන් වාසස්ථාන අහිමි වීම සහ නීති විරෝධී වනජීවී වෙළඳාම කොටි පහත වැටීමට වගකිව යුතු සාධක අතර වේ.
ඇත්තට මොකටද මේ භයානක සත්තු? අලි, කොටි, වලස්සු, මොකටද? ස්වභාවිකව වඳ වෙලා යනව නම් හොඳයිනෙ. මිනිස් ජීවිත කොච්චර බිලි අරන් තියෙනව ද? දේපල හානි කොච්චරක්ද? ඔන්න කුරුල්ලො සමනල්ලු මුවෝ හාවො බල්ලො පූසො නම් කමකුත් නෑ.
-2
NEGATIVE
ncpp_train_0009
දිවයින පුරා ලියාපදිචි අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ කාන්තාවන් 1,200ක් පමණ සිටින බවත් ඒ අතුරින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් ඊයේ (30) කළ විමසීමකදී පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා පැවසීය. දිවයින පුරා සිටින සමස්ත ලියාපදිංචි අපරාධකරුවන් සංඛ්‍යාව 43,000කට ආසන්නය. එම පිරිස අතර වයස අවුරුදු 70ට වැඩි කාන්තාවන් මෙන්ම පාසල් සිසුවියන් 608 දෙනෙකුද සිටින බව පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේය.
අපේ අම්මය් අක්කය් නන්ගිය් ඔක්කොම irc
10
POSITIVE
ncpp_train_0010
පසුගියදා කෝප් කමිටුවේදී ද සාකච්ඡාවටද ලක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය මූල්‍යාධිකාරිවරයාගේ සහ ව්‍යාපෘති කළමනාකාරවරයාගේ මූල්‍ය අක්‍රමිකතා නිසා  ඔවුනගේ සේවය විශ්වවිද්‍යාලීය පාලක සභාව විසින් තාවකාලිකව අත්හිටුවා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරනය කර ඇතැයි වාර්තාවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්වරියක ලෙස සේවය කරමින් සිටිය දී හදිසියේ මියගිය තම බිරිඳ ගේ රුපියල් මිලියන 07 ක් පමණ වන අර්ථ සාධක අරමුදල්, හිඟ වැටුප් හා දීමනා ලබාගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය මූල්‍යාධිකාරිවරයාට චෝදනා එල්ල වන අතර සරසවියේ  අරුණාචලම් ශාලාවේ ඉදිකිරීමකට අදාළව වැරදි මිල ගණන් ඉදිරිපත් කරමින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට ව්‍යාපෘති කළමනාකාරවරයාට චෝදනා එල්ල වී තිබෙයි.විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය නියෝජනය කරන මෙම සේවකයින් දෙදෙනාට එල්ල වන චෝදනා ගැන පරීක්ෂණ ක්‍රියාත්මකය.
තමන්ගෙ බිරිඳගේ EPF එක සහ හිඟ වැටුප් සහ දීමනා මිනිහට ලැබෙන්නෙ නැත්නම් වෙන කාටද ලැබෙන්නෙ?. අනික මහාචාර්ය වරියකුට ලැබෙන්නෙ ඔච්චර සුළු මුදලක් ද?. මං දන්න බැංකු මැනේජර් කෙනෙක් මැරුණාට පස්සේ බිරිඳට EPF එකෙන් මිලියන 16 ලැබුණා. එයාලට පැන්ෂන් එකත් ලැබෙනවා.
6
POSITIVE
ncpp_train_0011
රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන අලාභය බවය.රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ තරුණ වෘත්තිකයින් පිරිසක් සමග අද (28) සිරිකොත පක්ෂ මුලාස්ථානයේ පැවැති සාකච්ඡාකදී හිටපු අගමැතිවරයා මේ බව පැවසීය.“අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම ප්‍රධානයි.දරාගන්න බැරි ණයක් තමයි මේකට තිබෙන ප්‍රධාන කාරණාව.මේ දරාගන්න බැරි ණයට හේතුවන ප්‍රධාන කරුණ තමයි මේ රටේ සංස්ථා ණය බර. විදුලිබල මණ්ඩලය දිහා බැලුවොත් 2020 සහ 2021දී පාඩුව රුපියල් බිලියන 71ක් කියලා කියනවා. මේ වසරේ බිලියන 100ක පාඩුවක් සිදුවන බවත් කියනවා.2020 සහ 2021දී තෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 83ක්. ඇමතිතුමා දැන් කියනවා එක දිනකට රුපියල් බිලියනයක පාඩු ලැබුවා කියලා. මේ මිල වැඩිකිරීමෙන් පස්සෙත් දිනකට රුපියල් මිලියන 327ක පාඩුවක්…ඒ කියන්නේ වසර අවසානයේදී තවත් ඩොලර් බිලියන 80ක පමණ පාඩුවක් ඇති වෙන්න යනවා.මේ ණය දීලා තියෙන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුව. මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණයත් මේ බැංකු දෙකට දරාගන්න සිදුවෙලා.”“මේ ණය තවත් වැඩි වුණොත් බැංකුවල පැවැත්ම ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඊට අමතරව වාණිජ බැංකුවලට අයිති ජාත්‍යන්තර බැඳුම්කර නතර කිරීම නිසාත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් රුපියල් ට්‍රිලියනයක ණය ලංකා ආණ්ඩුවට දීලා තියෙනවා.“අලාභය අඩු කරන්න විදුලි ගාස්තු සහ ඉන්ධන ගාස්තු වැඩි කරන්න වෙනවා. මේ සියල්ලම දරාගන්න වෙන්නේ රටේ ජනතාවට.කාලයක් තිස්සේ සිට මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහිලා තියෙන්නේ එක ගැටයකින්.අපි ණය ගෙවීමේ හැකියාව තිබෙන රාමුවක් ඇති කළාම ආණ්ඩුවට පුළුවන් මේ ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න.අපි මේ ගැටය ලිහනවාද? ගැටය කපනවා ද? කියලා කොයි තීරණය ගත්තත් ඒ දෙකම අමාරුයි.”“මේකේ අවසන් ප්‍රතිඵලය වන්නේ ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයක් ඇති වෙන්න යනවා. කියන එකයි”
පොඩි ප්‍රශ්නයක් තිනවා. මේ අවලමාගේ කලේ 2015-2019 කලේ 2015 කලින්ට වඩා බඩු මිල අඩුයි . පස්සේ අපි රට බේරගන්න ගියා නේ.
73
POSITIVE
ncpp_train_0012
ජනපති පොදු සමාව යටතේ නිදහස ලැබූ රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔහු කලින් වාසය කළ නිවසටම යළි ගොස් තිබේ. ඔහුට මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් පසු එම නිවස මනුෂ නානායක්කාර වෙත රජයෙන් පවරා තිබුණ නමුත් මනුෂට වෙනත් නිවසක් ඇති නිසා එහි පදිංචියට ගොස් තිබුනේ නැත. මේ අතර රන්ජන් රාමනායකගේ නිවසේ පෙර පදිංචිව සිටි ලේකම්වරයෙකු මනුෂ නානායක්කාරද ලේකම් වරයෙකු ලෙස පත්කරගත් බැවින් එකී ලේකම්ට වාසය කිරීම පිණිස එම නිවස ලබාදී තිබූ අතර ලෙක්ම්වරයාගේ වාසස්ථානයට යාමට අවහිරයක් නැතියෙන් එය සලකා රන්ජන් රාමනායක ඒ අනුව පෙර නිවසටම ගොස් පදිංචිවී තිබේ.මේ අතර රන්ජන් රාමනායක මහතාට සිය හිතවතුන් නිවාස අටක් දැනටමත් පරිත්‍යාග කර ඇතැයි ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.රන්ජන් සිරෙන් නිදහස් වන අවස්ථාවේ ඔහුගේ ඉදිරි කටයුුතු සදහා විකල්පයක් ලෙසඅමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් යෝජනා කරන ලද විදේශ සංචාර ප්‍රවර්ධන තානාපති තනතුරක් භාරගන්නා බවට වාර්තා පළවූ නමුත් එය තමන් භාර නොගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නැති බව ද  රජයේ තනතුරක් තමන් භාර ගතහොත් ඩීල් එකක් දැම්මා හා සමාන විය හැකි යැයි ද ඔහු පැවසීය. විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා පත්කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ලිපියකින්ද දන්වා තිබුණි.විදේශ රැකියා වල නියුතු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට පවතින දැනුම සහ හැඟීම ප්‍රයෝජනයට ගෙන ඔවුනට යම් සේවයක් කිරීම සඳහා මෙම තනතුර තනතුරු පිරිනැමූ බව මනුෂ නානායක්කාර මහතා සඳහන් කර තිබුණි. 
ඔව් හිස් ටින් එකක්. Back සයිඩ් කොරෝනා විතරයි මු රටට කල සේවය.
13
POSITIVE
ncpp_train_0013
මිතුරකුගේ නිවෙසේ තීන්ත ගෑමට උදව් කිරීම සඳහා පියල් සිය නිවෙසින් පිටවන විට වේලාව රාත්‍රී අට පමණ වී තිබිණි. එම මිතුරාගේ නිවෙසේ ඉදීරි දිනයකදී කොටහලු මංගල්ලයක් පැවැත්වීමට නියමිත අතර නිවෙස අලුත්වැඩියා කරන්නේ ඒ වෙනුවෙනි.  පියල් නිවෙසට එද්දී දොර ජනෙල් සියල්ල වසා දමා තිබිණි. ඔහු සෙමින් සෙමින් මුලුතැන්ගෙය පැත්තට යන්නේ සිය බිරිය කාමරයට වී කරන්නේ  කුමක්දැයි දැනගැනීමේ අටියෙනි.ඇය දරුවා සමග  නිදා ගන්නේ මුලුතැන්ගෙයි සිට දෙවැනියට ඇති කාමරයේය. එහි ජනේලය අසලට ගිය පියල්ට ඇය දුරකතන සංවාදයක නිරත බව වැටහිනි.  ඒ බව ගණනකට නොගත් ඔහු මුලුතැන්ගෙයි දෙසින් නිවෙසට ඇතුලු වූයේ එහිදොර අගලුලා නොතිබුණු නිසාය. එහි විදුලි බල්බය අක්‍රීයවී ඇති බව ඔහු දැනගෙන සිටියේය.එයට අලුත් විදුලි  බුබුලක් සවි කිරීමට සිතු ඔහු සිය බිරියට අඬගසා විදුලිපන්දම රැගෙන එන ලෙස පැවසුවේය. ඒ කීමට සාර්ථක ප්‍රතිචාර දැක්වූ ඇය විදුලි පන්දමද රැගෙන මුලුතැන්ගෙට පැමිණියාය. 'මේ. ඔයා.අර කවුරු එක්කද ෆෝන් එකෙන් කතාකරකර හිටියේ?"ඔහු මේ පැනය ඇසුවේ වැඩි ගණනකට නොගෙනය.එහෙත් ලැබුණ පිළිතුර එතරම් සුන්දර වූයේ නැත. ඔයාට මම කියලනේ තියෙන්නේ. මමලබන මාසේ ඔයාගෙන් දික්කසාද වෙන්න නඩුදානවා. මම කතාකරකර හිටියේ කවුරු එක්කදකියලා කියන්න ඕන නැනේ.  ඇයගේ චචනවලට පියල්ගේ සිත් රිදුම් දෙන්නට ඇත, එහෙත් එ රිදුම පරදවා ඔහුගේ සිතට දැඩි කෝපයක් එන්නට ඇත්තේ ඇය කිසිම හිරිකීතයක්  බිය සැකයක් නැතිව මෙවැනි වචන පිට කරන්නේ කලෙසදැයි සිතුන නිසා විය යුතුය.   ඒසමගම ඔහුගේ දැස් දැවෙන්නේ මේසය වෙතය. එහි වූ පිහිය අතට ගන්නා පියල් ඉන් ඇයගේ මුහුණට  පහර එල්ල කරන්නේ ඇය අන්ද මන්ද කරවිමිනි.'අම්මෝ මෙන්න මිනීමරණවෝ ලෙසින් කැගසාගෙන ඇය දොරෙන් එලියට පැන වැසිකිලිය දෙසට දිවයන්නට වූවාය.  ඇයට එලෙස වැඩි දුරක් දුවන්නට හැකි වූයේ නැත, මුහුණට එල්ල වූ පිහිපහර ඇය අඩපණ කර තිබු බැවින් ඇය වැසිකිලියත් මුලුතැන්ගෙයත් අතර ඇති ජලකරාමය අසල බිම ඇද වැටෙන්නීය. එතැන සිටද ඇය ආධාර ඉල්ලා කෑගසන්නට වූවාය. මේ අතර  පියල්ගේ ඇස දිව යන්නේ මුලුතැන්ගෙයි දොරට දමන කිතුල් පොල්ල දෙසටය, එය අතටගන්නා පියල් බිම වැටී ජීවිතය අයැදිමින් සිටින ඇය වෙත යන ඔහු සිය අත වු කිතුල් පොල්ලෙන් ඇයට පහරපිට පහර දෙන්නේ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබූ ක්‍රෝධය වෛරය මොනවට විදහාපාමිනි.  මේ හඬ ඇසුන ඇයගේ මව තිගැස්සී නින්දෙන් ඇහැ ඇරිණී. ඇය දියණීය කෑ ගසන ස්ථානයට වහා දිව එන්නේ සිදුවන්නේ කුමක්දැයි අදහාගත නොහැකිවය.උඹත් මේයට හවුල් මගේ ගැනිගේ හොර මගුලට උඹ තමයි උඩ ගෙඩි දෙන්නේ ලෙසි‍න් පවසන ඔහු ඒවනවිට අතේ  තිබූ කිතුල් පොල්ලෙන් ඇයගේ දෙපාවලට පරහපිට පහර දෙන්නට වූයේ ඇය සමගද කාලයක් තිස්සේ සිත යට පැවැති තරහ අවසන් කරගැනීමට මෙනි.  විනාඩි කිහිපයක් තිස්සේ වූ මහා කලබැගැනිය අවසන්විය. ප්‍රදේශයම නිශ්ශබ්දය.  පසුගිය 10 වැනිදා උදේ හත පසුවී විනාඩි කිහිපයක් ගතවෙද්දී මාලිම්බට පොලිසියේ දුරකතනය නාද දෙන්නට පටන්ගත්තේය.එම ඇමතුමට පිළිතුරු දුන් දුරකතන ක්‍රියාකරු වහා  ස්ථානාධිපතිවරයා හමුවට යන්නේ ලැබුණ පණිවුඩය සුබදායක එකක් නොවූ නිසාය. "සර්..උතුරු මාලිම්බඩ පන්සල කීට්ටුව ගෑනු කෙනෙක් වැටිල ඉන්නවලු. මේ දැන් 119 එකක් ආවා  මේ බව ඇසු ස්ථානාධිපතිවරයා අපරාධ අංශයේ ස්ථානාධිපති කැඳවා මේ බව දැනුම් දෙන අතර විමර්ශන ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. ඒසමගම පොලිසියට පැමිණී තරුණයකු පවසා සිටියේ සිය වැඩිමල් සහෝදරිය නිවෙස අසල මරා දමා ඇති බවයි.  වහා ක්‍රියාත්මක වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කණ්ඩායමක්ද සමග එම ස්ථානයට යන විටත් මියගිය කාන්තාවන්ගේ සිරුර එතැනම තිබිණි, නිවෙස අසල බිම හිඳගෙන සිටි කාන්තාවක් පැවසුවේ තමන්ගේ බැනා කළ පහරදීම් වලින් තමන් ද තුවාල ලබා සිටින බවයි.  ඇයගේ දියණිය වැටී සිටියේ මුලුතැන්ගෙය  පිටුපස ජලකරාමය අසලය, ඇය මියගොස් සැහෙන  වේලාවක් බව සිරුර දුටු විට පැහැදිලි විය. එනම් ඇයගේ සිරුරින් විශාල රුධිර ප්‍රමාණයක් ගලාගොස් තිබුණ අතර සිරුර පුරා කුහුඹුවන්ද පෙළගැසී සිටිනු පෙනිනි.1990 ගිලන්රථයකැඳවා තුවාලකාරිය රෝහල ගතකිරීමට කටයුතු කළ ඊට පෙර ඇය පොලිස්  නිලධාරීන් හමුවේ මෙම සිද්ධියට සම්බන්ධව  තොරතරු රැසක් හෙළි කළේය.   මගේ බැතතමයි මේක කළේ. එයා මේ පැත්තේ  නෙවෙයි. මොරවක, කපුවෙක් මාර්ගයෙන් මගුල කතාකරල තමයි මගෙ දුව එයා එක්ක විවාහ වුණේ, එයා දැන් ඉන්නේ ආමි  එකෙන් පැනල,කුලී වැඩ තමයි කරන්නේ කොයිවෙලේත් දුවත් එක්ක රණ්ඩු, දුවට හරියට ගහනවා' ඒ අනුව මෙය පවුල් ආරවුලක් දුරදිග යැමෙන් සිදු  වූ ඝාතනයක් බව විමර්ශන කන්ඩායමට තහවුරු විය. ඉදිරි පරීක්ෂණ සඳහා මහේස්ත්‍රාත් වරයා කැඳවීමටද අපරාධ අංශයේ  පොලිස් පරීක්ෂක ස්ථානාධිපතිවරයා  සුරංග ජයතුංග කටයුතු කළේය. නිවෙසේ මුලුතැන්ගෙයි තිබී ලේ  තැවරුණ පිහියක් හා ලේ තැවැරුණ කිතුල් පොල්ලක්ද හමුවිය.සැකකරු සොයා මෙහෙයුම් දියත් කෙරෙන්නේ ඉන් අනතුරුවය. තුවාලකාරියගේ ප්‍රකාශයට අනුව ඔහු මොරවක පදිංචි අයෙකි, අනිවාර්යයෙන්ම ඔහු සිය ගම්  ප්‍රදේශයට යන්නට ඇත. මේ සිද්ධිය ගැන මාලිම්බඩ   පොලිසියෙන් මොරවක පොලිසියට දැනුම් දෙන්නේ ඒ අනුවය.  එදින දහවල් මොරවක පොලිසියෙ කියා සිටියේ මෙම සිද්ධියේ සැකකාර හිටපු හමුදා සෙබළා පොලිසියට පැමිණ බාර වූ බවයි.  මොරවකට යන මාලිම්බඩ පොලිසියේ කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගන්නා අතර සියල්ල හෙළිවන්නේ ඉන් අනතරුවය. මම මෙයාව බැන්දේ ප්‍රපෝසල් එකකින් 2016දී. එතකොට මම ආමි එකේ වැඩ කරගෙන හිටියේ. මම  එයාව බැඳලා එයාලගේ ගෙදර පදිංචි වුණා. අපි  දෙන්නා හොඳින් පවුල් ජීවිතේ ගෙව්වා. අපිට පුතෙක් ලැබුණා.එයාට දැන්වයස අවුරුදු 04යි.'' ‘මම කැම්ප්  එකේ ඉඳලා නිවාඩුවට ගෙදර එන්නෙ මාසෙකට සැරයක් වගේ තමයි, මට පඩිය ලැබෙන්නේ රුපියල් තිස්පන්දහයි.ඒකෙන් විසිහත්දහක් මම  එයාට එවනවා. මුල්කාලෙදි හොඳට හිටියට පහු වෙද්ද ඒ සල්ලි ගණන මදීයි කියලා නිතරම මට කියනවා,මේක ඉවසගෙන ඉන්න බැරි තැන තමයි මම 2018දී ආමි එකෙන් පැනල ආවේ" 'ඒ ඇවිත් මම කුලී වැඩ කරන්න පටන්ගත්තා. ටික දවසක් යද්දී මට මේසන් වැඩත් පුලුවන්වුණා. මෙහෙම ඉන්දෙද්දි මෙයා දම්පැල්ල පැත්තේ කොල්ලෙක් එක්ක යාලු වෙලා කියල මට ආරංචියක් ආවා.ඊට පස්සෙ අපි අතර විරසකයක් ඇති වුණා.එයා නිතරම වගේ මාව ප්‍රතික්ෂේප කළා. මගේ ළඟ  දාඩිය ගඳයි කිය කිය මට ළගට එන්න දෙන්නෙ නෑ,මේ ප්‍රශ්නය දවසින් දවස දුරදිග ගියා, හැබැයි පස්සේ එයා සම්බන්ධය නතර කළා,නමුත් අපි අතර තිබුණ විරසක ගතිය එහෙමම තිබුණා. ඔය අතර තමයි මෙයා නුවර පැත්තේ කොල්ලෙක් එක්ක යාලු වෙලා කියලා මට ආරංචි වුණේ, ඔහු පවසන පරිදී මේ නුවර කොල්ලා මාලිම්බඩට එන්නේ ටිපර් රථ රියැදුරකු ලෙසිනි. ඇයගේ නිවෙස අසල පිහිටි ඇයගේ සහෝදරියට අයත් ඉඩමේ පස් පිරවීමේ  කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබුණේ මේ තරුණයා විසිනි. ඇය මොහු සමග හිතවත් කමක් ඇතිකර ගන්නේ දෙවැනි වරටත් සැමියාට පිටුපාමිණි.  'එයා ආයෙත් කොල්ලෙක් එක්ක යාලු  වෙලා කියලා දැනගත්තම මට ඉහිලුම් නැතිව ගියා. මම උදේට වැඩට ගියාම එන්නේ රැ වෙලා.එයත් වැඩට යනවා. ගිහින් මොනව කරනවද කියලා මම  දන්නේ නැ ‘මේ සම්බන්ධය පටන්ගත්තට පස්සේ එයා මාව ගණන් ගත්තෙම නැ.ඒගැන ඇහුවම කිව්වා මාව දික්කසාද කරනවා කියලා.එයා දිගටම කිව්වා මේ දෙසැම්බරයේ මට  විරුද්ධව දික්කසාද නඩුදාන්න ඉන්නේ එ  නිසා එයා ගැන හොයන්නැතීව ඉන්න කියලා" 'එදා 09වැනිදා උදේ මම වැඩට යන්න ගෙදරින් පිටවෙද්ද වෙලාව හතහමාර විතර වෙලා තිබුණා, අකුරැස්සේ තැනක තමයි වැඩ කළේය. වැඩ ඉවර වෙලා ගෙදර එද්දී වෙලාව  රෑ හතහමාර වෙලා තිබුණා, මම ඇග පත හෝදගෙන ඇඳුම් මාරු කරගෙන යාලුවෙකුගේ ගෙදර යන්න ගියා.ඒ ගෙදර කොටහලු මගුලකට ලැස්ති වෙනවා. මම ගියේ තීන්ත ගාන්න උදව් කරන්න.' '  ‘වැඩ ඉවරවෙලා ගෙදර එද්දී වෙලාව රෑ දහයාමාර විතර වුණා,ගෙයි දොර වහල නිසා පිටිපස්සෙන් ගිහින් බලද්දී එයා කාමරේට වෙලා අර කොල්ලත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා, ඇහුණේ නැ වගේ මම කුස්සියට ගිහින් එයාට ටෝච්  එක අරගෙන එන්න කිව්වා බල්බ් එක මාරු කරන්න.  ඉවසගෙන ඉන්නම බැරි නිසා මම ඒ ටෙලිෆෝන් කෝල් එක ගැන ඇහුවා. ඒ වෙලාවේ එයා කිසි  ගානකට නැතිව කිව්වා මම කොහොමත්  දෙසැම්බර්වල ඔයාව දික්කසාද කරලා එයාව  බඳිනවා,ඒක නිසා ඒවා ගැන අහන්න එපා කියලා.   තමන්ගේ පවුල මේ වගේ කාතවක්  කිව්වම ඉවසගෙන ඉන්න පුලුවන් කාටද සර් "අම්මටයි දුවටයි දෙන්නටම ගහලා මම ගෙට ගිහින් ටික වෙලාවක් හිටියා. දරුවා හොඳටම නිදි. එයා මේ කිසිදෙයක් දන්නැ .මම පාන්දර එකහමාරට විතර දරුවත් වඩාගෙන ගෙයින් පිටවෙලා හන්දුවේ නැ ගෙදරකට ගිහින් ඉඳලා පස්සේ ත්‍රිවිල් එකක් ගෙන්නගෙන මොරවක අපේ ගෙදරට ගිහින් හිටියා.  ඊට පස්සේ තමයි මොරවක පොලිසියට ගිහින් බාර වුණේ.  ඔහු එලෙසින සියල්ල හෙළි කළ අතර අසල් වැසියන් පැවසුවේ සැකකාර සැමියා ගමේ කාගේත්  හොඳ හිත දිනාගෙන සිටි අයකු බවයි.එලෙසම දරුවාට බෙහෙවින් ආදරය කළ ඔහු නිවෙසේ සිටින  බොහෝ අවස්ථාවලදී දරුවා සමග බයිසිකල් පදිමින් ඉතා ආදරයෙන් කල්ගෙවූ බවත් ගෝරියට නොයන මත්වතුරට බිලි නොවූ අයකු බවද ඔවුහු පැවසූහ. එහෙත් ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ මේ  දෙදෙනා අතර නිතර ආරවුල් හටගත් බවත් මොහු ඇයට නිරන්තරයෙන් අඩත්තේට්ටම් කළ බවත්ය. මෙලෙස ඝාතනය වූයේ මාලිම්බඩ උතුර ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 33ක්වූ හර්ෂා කළුආරච්චි නැමැති ඇගලුම් සේකාවකි.   කෙලසකින් හෝ දැන් සියල්ල සිදුවී අවසානය.සිදුවූ එකම දෙය වූයේ කුඩා අහිංසක   දරුවකුට මව් පිය දෙදෙනාගේම සෙනෙහස රැකවරය අහිමි වීම පමණි,  මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංගගේ මූලිකත්වයෙන් විමර්ශන සිදුකැරිණි.තක්ෂිලා ජයසේකර
කසාද බඳින්න කලින් හොඳට ආශ්‍රය කරලා බඳින්න කියන්නේ ඒකයි. එහෙම කලා කියලා කසාද ජීවිතය 100% සාර්ථක වෙනවා කියලා සහතික දෙන්න බෑ හැබැයි පහුකාලීනව එන්න පුළුවන් ප්‍රශ්ණ රැසක් මග හරවා ගන්න පුළුවන්. උදාහරණයකට, කාලා බීලා ජොලියේ ඉන්න කැමති මනුස්සයෙක්ට හැම තිස්සෙම පන්සල් යන, හැම තිස්සෙම ආගමික කටයුතුවලට යොමු වෙච්ච ගෑනියෙක් හරි යන්නෙ නෑ. අධික කාමාශාවක් තියෙන, එක පාට්නර් කෙනෙක්ගෙන් සෑහෙන්න බැරි ගෑනුන්ට පිරිමින්ට කරන්න පුළුවන් හොඳම දේ තමා තනිකඩව ජීවත් වෙන්න එක.
22
POSITIVE
ncpp_train_0014
පසුගිය සතිඅන්තයේ උතුරු තායිවානයේ හින්චු නගරයේ සරුංගල් පියාසර කිරීමේ උත්සවයකදී 3 හැවිරිදි දැරියක අහසට ගසාගෙන යාමේ සිදුවීම ඇතුළත් වීඩියෝ අද දිනයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවී තිබේ. මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ පා ඇත්තේ ලින් නමැති දැරියකි. දෙමාපියන් සමග සරුංගල උත්සවය නරඹන්නට ගිය ඇය විශාල වල්ගය සහිත සරුංගලයක් ඉහළට නංවන අවස්ථාවක එම වල්ගය කෙළවර අල්ලා සිටීම නිසා මෙලෙස ගසාගෙන ගොස් තිබුණි. ඉහළ අහසේ මීටර 100 ක් පමණ ඉහළට ඇය සරුංගලය සමග ඇමිණී සිටි අතර වාසනාවකට ඇය එය දිගටම අල්ලා සිටි අතර සරුංගලය යැවූ අය එය ඉක්මනින් පහතට ගන්නට ක්‍රියා කළෙන් ඇයගේ දිවිය නිරුපද්‍රිතව බේරාගන්නට හැකි විය. දරුවා ගේ අන්තරාය නරඹන්නන්ගේ භීතියට හා කෑගැසීමට හේතුවිය. තත්පර 30 ක් පමණ ඉහළ අහසේ සිටි ඇය බිමට පැමිණි වහාම ප්‍රථමාධාර ලබාදෙන ලදි. ඇයගේ බෙල්ල සහ මුහුණ වටා සීරීම් ඇති වූ බව හින්චු නගරාධිපති ලින් චි-චියන් දන්වා තිබේ. ඇය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහලකට ඇතුළත් කළ බවද ඔහු පැවසීය. මෙම සිදුවීම නිසා එදින සරුංගල් තරගය අත්හිටුවීමටද සංවිධායකයින් කටයුතු කළ බව වාර්තා විය. අදාළ වීඩියෝව පහතින්
ස ඒ ලමයා⁣ට දුන්න ආත්ම විස්වාසයයි.
-3
NEGATIVE
ncpp_train_0015
ඩෝසර් කර විනාශ කරන ලද කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රයේ  පවත්වාගෙන ගිය "බුවනෙක හොටලය" ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම් වලට අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්  ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාට හා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පෙරේදා (28) නියම කළේය.  මෙම පෞරාණික ගොඩනැගිල්ලේ ස්මාරකයට හා පෞරාණික කානු පද්ධතිය විනාශ කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන කටයුතු සඳහා "බුවනෙක හෝටලය" ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තා අවශ්‍ය වී ඇතැයි කියමින් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නිතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ මාධව තෙන්නකෝන් මහතා  කළ ඉල්ලීම් සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය. 'බුවනෙක හෝටලය' ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු අද දිනය තූළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  කුරුණෑගල මහනගර සභාවේ  නගරාධිපතිවරයාට ද වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තා වහාම, අද දිනය තූළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ද නියම කර ඇති බව නිතීපතිවරයාගේ සම්බන්ධීකරණය නිලධාරිණි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ නිශාරා  ජයරත්න මෙනෙවිය පැවසුවාය.බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන මෙම පෞරාණික ගොඩනැඟිල්ලේ ස්මාරකය හා පෞරාණික කානු පද්ධතිය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක  මහතා කළ පැමිණිල්ලකට අනුව කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇත. කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක කුලතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමකට අනුව එම නඩුව කැඳවන ලදී. සිද්ධියට අදාළව සිඳුකරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක කුලතුංග මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව දැනුම් දුන්නේය.  නිතීපතිවරයා නියෝජනය කරමින් රජයේ  නිතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණය අමතමින් මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන කටයුතු සඳහා 'බුවනෙක හෝටලය' ගොඩනැඟිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු මෙන්ම වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තතා අවශ්‍ය වී ඇතැයි පැවසීය. එහෙයින් 'බුවනෙක හෝටලය' ගොඩනැගිල්ලේ කටයුතුවලට අදාළ සියලු ලිපිගොනු අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාට ද වයඹ නගර සංවර්ධන රැස්වීම්වලට අදාළ වාර්තා වහාම, අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට ද නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කළේය. -මනෝප්‍රිය ගුණසේකර-
බුදු අම්මො එහෙනම් අර ගණිකා මාධ්‍ය දෙක එක වැලපිල්ලයි ඝණයො ටික පොලවෙ පස් කාලා
96
POSITIVE
ncpp_train_0016
පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අධික ලෙස මුදල් අය කර ගැනීම වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා ඇත.  මුදල් අය කිරීම් සම්බන්ධයෙන් පවතින නීති ප‍්‍රමාණවත් නොවීම හෝ එම පාසල්වලට අදාළව ක‍්‍රියාත්මක වන නීති ඉතා පැරණි ඒවා විම මත වාසි ලබාගෙන තිබෙන බවද වාර්තා කර ඇත. වර්තමානයට ගැළපෙන පරිදි නව නීති පද්ධතියක් සකස් කර න්නට අමාතයංහයේ අවධානය යොමුව තිබේ. මෙම නීති මදකම නිසා ඇතැම් පෞද්ගලික පාසල් අත්තනෝමතික ලෙස මුදල් ලබාගන්නා බවත් එවන් පාසල්වලට අනතුරු ඇඟවීම් ද සිදු කර ඇති බවත් අමාත්‍යංශය දන්වයි.
නුවර ට්‍රිනිටි , ගල්කිස්ස සෙන් තෝමස් වගේ schools walata බලපායි
2
POSITIVE
ncpp_train_0017
පසුගියදා පළවූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ නමැති විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් රචනා කළ ග්‍රන්ථය ගැන අදහස් දක්වමින් මහාචාර්ය සරත් විජේසූරිය කළැයි කියන ප්‍රකාශයක් මුළුමණින්ම ගොතා පළ කරන ලද්දක් බවත් මහාචාර්යවරයා අපහසු තාවයට ලක්කිරීමේ අරමුණින් කිසිවෙකු ෆේස් බුක් භාවිතයෙන් ‘නිර්මාණාත්මකව මඩ ප්‍රහාරයක්‘ ලෙස එය ප්‍රසිද්ධ කර ඇති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. විශ්‍රාමික මේජර් ජනරාල්වරයාගේ ග්‍රන්ථය අලෙවි වාර්තා තබමින් විකිණෙන කාලයේ මෙම මඩ ප්‍රහාරය සැලසුම් සහගතව මහාචාර්යවරයාගේ නම ඈදාගනිමින් දේශපාලන අරමුණකින් ක්‍රියාත්මක ෆේස්බුක් පිටුවක් මගින් විසුරුවා හැර ඇත. එහිදී කියැවුනේ ‘යුද්ධෙට ගියා නම් මමත් ඔයිට වඩා හො‍ද පොතක් ලියනවැ‘යි සරත් විජේසූරිය මහාචාර්යවරයා කියා තිබූ බවකි. මෙම ආකාරයේ වැරදි පුවතක් පළ කර ඇත්තේ කිසිදු තැනක තමා නොකියූ දෙයකින් බවත් හැකි නම් එවැනි ප්‍රකාශයක් තමා කියූ තැනක් සදහන් කර ඔප්පු කර පෙන්වන ලෙසත් ඉල්ලා සිටින මහාචාර්යවරයා විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙතද ලිපියක් යොමු කර දන්වා ඇත්තේ වැරදි වැටහීම් ඇතිනොකර ගන්නා ලෙසයි.
එකේ මොකද්ද Well said එකකට තියෙන්නේ? නිකන් ගොන් කතාවක් කිව්වම උඩ පැනල හුරේ දාන බයියන්ට මේකෙත් අරුමයක් දැක්කද? අනික මේයකා පු** හෝදනවා නෙමෙයි, මර ලේවිල්ලක්නේ ලේවකන්නේ. එකෙන් පු* කෙසේවෙතත් දිවනම් දැන් හොදටම ගෙවිල ඇත්තේ...
-2
NEGATIVE
ncpp_train_0018
දඹදිව වන්දාවේ ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනකු හදිසියේ මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය ඔස්සේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මේ වන විට දිවයිනට ගෙන්වා ගෙන ඇති බවත් අසනීප තත්ත්වයේ පසුවන තවත් කිහිප දෙනකු ඉන්දියාවේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවත් එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය. කෑගල්ල ප්‍රදේශයේ පදිංචි දඹදිව සංචාර සංවිධාන කරන්නකුගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් පසුගිය 13 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. වන්දනා නඩයේ සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් පසුගිය 20 වැනිදා මියගොස් ඇති අතර ඇයගේ මළ සිරුර 23දා දිවයිනට ගෙන්වා ගැනිණි. නඩයේ සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි කාන්තාවක් සහ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකුද පසුව මෙලෙස මියගොස් ඇති අතර ඔවුන්ගේ සිරුරු පෙරේදා (25දා) දිවයිනට ගෙන්වා ගෙන ඇත. අධික ශීතල හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සැක පළ කරයි. (සිදත් මෙන්ඩිස්)
ගොඩක් දඹදිව සංචාරක යෝ මෙගමන අහිංසක උපාසක අම්මලාව එක්කගන යන්නෙය් මුදල් හම්බකරන business එකක් කරගෙන මම ගිය ගමනත් එහෙම එකක් බව මට තේරුණා.... ඉන්දියාවට අදික සීතල කාලයේ එහෙම දේශගුණයට පුරුදු නැති වයසක අයව අරගෙන යාවිද ? හරිම අපරාදයක් !!
30
POSITIVE
ncpp_train_0019
ඊයේ (29දා) දහවල් එකොළහට පමණ මාතර - පඹුරණ, පොල්හේන ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අංගණයක් ගිනි ගෙන මුළුමනින්ම විනාශ විය. මෙම ගින්න නිසා මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ  පැය දෙකක පමණ කාලයක් විශාල වාහන තදබදයක් විය. ගිනෙන්නේ සම්පුර්ණයෙන්ම විනාශ වූ සිවුමහල් මෙම ගොඩනැගිල්ල වටා මෝටර් රථ අලෙවි අංගන කිහිපයක්ම තිබීම නිසා එම ප්‍රදේශය මහත් කලබලකාරී විය. ගින්න අසල ඇති මෝටර් රථ අංගවලටද පැතිරීම වළක්වා ගැනීමට මාතර නගර සභාවේ ගිනි නිවන ඒකකය මහත් පරිශ්‍රමයක් දැරූ අතර මෝටර් රථ අංගනවලින් වාහන ඉවත් කිරීමට යැමේදී විශාල කලබලයක් ඇති විය. ඊට හේතුව අලෙවි කිරීමට ඇති අලුත්ම වාහනවල යතුරු සොයාගැනීමට නොහැකි වීම සහ එම වාහනවල බැටරි සවි නොකිරීම හේතුකොටගෙන කඩිනමින් ඉවත් කර ගැනීමට  නොහැකි විය. ගින්න නිවා ගැනීමට තරම් ජලය නොමැති වීම ගින්න විශාල ලෙස පැතිර යෑමට හේත්තු විය. ගිනි ගෙන විනාශ වන ගොඩනැගිල්ලේ බිත්ති කොටස් ගැලවී විසිවී මෙම ගින්න නැරැඹීමේ යෙදී සිටි ජනතාව දෙසට වැටීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් නූලෙන් වැළකී ගියේය. මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන මහතා එම ස්ථානයට පැමිණ ජනතාව ඉන් ඉවත් කිරීමට උත්සාහ කළද අනතුර අසලටම ඔවුන් ගොස් විඩියෝ ගත කිරීම් නිසා පොලිසියද අසීරුතාවට පත්විය. මෙම ගින්න විදුලි කාන්දුවකින් සිදුවුවක් යැයි අනුමාන කළද මෙතෙක් ගින්නට හේතුව අනාවරණය කරගෙන නැත. ගිනි ගැනීම හේතුවෙන් වාහන අමතර කොටස් සියල්ලම විනාශ වී ඇත. මාතර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි. -උදය කුමාර රණවීර- pics - Yasindu Ishan Udithamal
කොහොම උනත් උඹලා වගේ ගොබ්බයෝ ඉපදෙන රටකනම් නෙවෙයි...
9
POSITIVE
ncpp_train_0020
පෘථිවිය දින 15 ක් අඳුරේ බවට පළවන  අසත්‍ය ආරංචිය මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ආරංචියක් මගින් කියැවෙනුයේ මෙම වසරේ නොවැම්බර් 15 සිට 29 වන දා දක්වා දින 15  දිවා කාලයක් අහිමි කරමින් පෘථිවිය අඳුරේ පවතින බවකි. මේ සඳහා බ්‍රහස්පති හා සිකුරු අතර ඇති වන විද්‍යාත්මක සංසිද්ධියක් හේතුවන බවත් නාසා ආයතනය එය තහවුරු කර ඇති බවත් එම අසත්‍ය පුවත මගින් පතුරා ඇත. නොවැම්බර් 15 දින පාන්දර 3.00 ට ආරම්භ වී නොවැම්බර් 30 දින සවස 4.45 තෙක් ලෝකයටම බලපවත්වන පරිදි එය පැවතිය හැකි බවද ප්‍රචාරය කර ඇත. මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මේ වනවිට වාර්තා පළවේ. තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මාධ්‍ය වෙත නිවේදනයක්ද මේ ගැන දක්වා කියා සිටින්නේ එබඳු සංසිද්ධියක් සිදුවන්නේ නැති බවත් එය නිර්මාණාත්මක ප්‍රබන්ධයක් බවත්ය. මෙම සිදුවීම පිළිබඳ පුවත අන්තර්ජාලයේ වැරදි පුවත් ගැන අවධානයෙන් පසුවන ‘ස්නොප්ස්‘ මගින්ද අසත්‍ය එකක් ලෙස හඳුන්වා දී තිබෙන අතර එම පුවත විදෙස් රටවල් පවා කැළඹීමට පත් කරමින් මුල්වරට පළවූයේ 2015 දී Newswatch33  වෙබ් අඩවියේ බවත් පසුව 2016 හා 2017 වසර වලදීත් එම අසත්‍ය පුවත පැතිරී ඇති බවත් හඳුනාගෙන ඇත.එම වෙබ් අඩවිය මේ වනවිට අන්තර්ජාලයේද නැති අතර නාසා උපුටා දක්වමින් කළ සඳහනක් හා කළඹනසුලු ආරංචියක් නිසා හැමතැනම ශීඝ්‍රයෙන් හුවමාරුවන පුවතක් බවට පත්ව ඇති බවද හඳුනාගෙන ඇත. එම අසත්‍ය පුවත ගැන සිදු කර තිබෙන පැහැදිලි කිරීම මෙතැනින්
වැස්සට කලින් නොතෙමෙන්න තැනක් හොයාගන්න. බලන්න process of death. අම්මාට යුතුකම් කරන්න. භාවනා කරන්න. කරවන්න. තමුන්ට අවසර දෙන රෝහලකට යන්න. ශරීර දෙතිස් කුණප ලෙසම සිතන්න, අම්මාට වේදනා දෙන්නෙ පුද්ගලයෙක් නෙවෙයි, සතර මහා ධාතූන්. පෙනහලු දිරාපත්වෙලා. මේ සතර මහා ධාතූන් කියන උග්ර විශ අැති භයානක සර්පයෝ කිපිලා දශ්ඨ කිරීම. තමුන්ටත් ගලපාගන්න මේ ඉන්නෙත් භයානක සර්පයෝ. අපි මේ හතර දෙනාට කවනවා පොවනවා කවද හරි මටත් මේ විදිහටම දශ්ඨ කරනවා, විඳපු සැප සියල්ල ඉවරයි, කලකිරීම, අැලීම දුරුවීමටත්, අැලීම දුරුවීම සැපයටත්, සැපයත් මනා නුවණත් විමුක්තියටත් හේතුවේ.
12
POSITIVE
ncpp_train_0021
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අප්‍රේල් 30 න් පසු රටේ ආර්තිකය ගෙනයාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නැතිවීම මත එය සකස්කරගන්නට පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි කරුනු දක්වා ජනපතිට ඊයේ ලිපියක් යොසුමු කළ අතර එම ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ලේකම්වරයා මගින් පිළිතුරු ලිපියක් යවා තිබේ. එම ලිපි දෙක පහත පරිදිය.
ඔය කියන දේ වෙන්න ගියොත් ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා සහෝදරත්වයෙන් බැදිලා කෙලින්න ගන්නවා අර එන්න හදන එකා මකබැවිලා යනකම්ම. අන්න ඒකයි ලංකාවේ දේශපාලනය බ්‍රෝ
3
POSITIVE
ncpp_train_0022
විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ පියසිරි විජේනායක මහතා එම පෙරමුණේ දැරූ සියලුම තනතුරු වලින් මෙන්ම සාමාජිකත්වයෙන්ද ඉවත් කරන්නට එහි වැඩබලන ලේකම්වරයා කටයුතු කර තිබේ. ඒබව දන්වා ඊයේ ලිපියක්ද යොමු කර ඇත. විමල් වීරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගසන්නට යන බවට කළ කතාව දැඩි විවේචනයට ලක්කිරීම විනය නීති කඩ කිරීම ඇතුළු කරුනු කිහිපයක් යටතේ මෙම දඩුවම පනවන ලදැයි එහි දැක්වේ. මීට ටික දිනකට පෙර එම පෙරමුණේ ලේකම්වරයාද ඉල්ලා අස්වී තිබුණ අතර මෙම ලිපිය නිකුත්වූයෙ වැඩබලන ලේකම්වරයෙකු අතිනි.
මේ ආණ්ඩු දෙකේ වෙනස කියන්ඩද. මහින්දගේ ආණ්ඩුව - කොන්ද පන වැඩියි. එළිපිට හොරකන් කරා, උද්ගෝෂණ වලට වෙඩිම තිබ්බා, සුදු වෑන් වලින් ඉස්සුවා, මාධ්‍යවේදීයොන්ට මදි නොකියන්න සැලකුවා, හාමුදුරුවරු පවා එපා කියද්දී ෆොන්සේකාව හිරේ දැම්මා වගේ මාර කොන්දක් තිබ්බා. රනිල්ගෙ ආණ්ඩුව - කොන්දක් ඇත්තෙමනෑ. අනිත් එවුන් කරපු හොරකන් වලට උන්ව හිරේට දාන එක කෙසේවෙතත් තමන් කරපු හොරකන් වලට තමන්ට බලේ තියෙද්දීම හිරේ යන්න වෙන ලයින් තියෙන්නෙ. අර උඹ කිව්වා වගේ අඩුම තරමේ විමල් වගේ එකෙක්වත් ඇතුලට දාගන්න බෑ
5
POSITIVE
ncpp_train_0023
කොරෝනා තර්ජනය නිසා පීඩාවට පත්වන ජනතාවට ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් තවත් සහන පැකේජයක් ලබාදීමට තීරණය කර තිබේ. ඒ ගැන පළ කර තිබෙන මාධ්‍ය නිවේදනය මේ සමග දැක්වේ.
හැකිතරම් එළවළු ,පලතුරු , අල වර්ග , ධාන්‍ය වර්ග වවන්න . නැතිනම් මුහුදට දත නියවන්න වෙයි .
8
POSITIVE
ncpp_train_0024
පෑලියගොඩ ගුරුකුල විද්‍යාලය අසලදී පසුගිය 26 දා රාත්‍රියේ නාඳුනන  පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කළ හිටපු පොලිස් කොස්තාපල් මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකුගෙන් මන්දුව්‍ය ලබාගෙන අලෙවි කළ අයෙකු බවත් ඔහු එම මත්ද්‍රව්‍යවලට මුදල් ගෙවිය යුතු ලක්ෂ ගණනක මුදලක් නොගෙවා මග හරිමින් සිට ඇති බවටත් තොරතුරු ලැබී තිබෙන බව පොලිසිය පවසයි.   ඩුබායි රටට පලාගොස් සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට මත්ද්‍රව්‍ය සඳහා ලක්ෂ 40ක් ද කොළඹ ප්‍රදේශයේ සිටින මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලක්ෂ අටක් හා ගල්මුල්ල ප්‍රදේශයේ මන්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුට ලක්ෂ 20ක මුදලක් ද මෙම හිටපු පොලිස් කොස්තාපල්වරයා නොගෙවා පැහැර හැර තිබූ බවට වැඩිදුරටත් තොරතුරු ලැබී තිබෙන බව පොලිසිය කියයි. මේ හේතුව මුල්කරගෙන එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාලයට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම හිටපු පොලිස් කොස්තාපල් ඝාතනය කරන්නට ඇති බවට මේ සම්බන්ධව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම සැක කරයි. මෙසේ ඝාතනය කර තිබුණේ අරුණ අත්තනායක හෙවත් ‘පොලිස් අත්තනායක‘ ලෙස හැඳින්වෙන පුද්ගලයෙකි.  වයස අවුරුදු 2 ක් පමණ වන සිය පුතාට රඹුටන් මිලදී ගෙන එම දරුවා ද සමග යතුරු පැදියෙන් නිවෙස බලා යමින් සිටිය දී පෑලියගොඩ ගුරුකුල විද්‍යාලය අසල දී යතුරු පැදියකින් ආ පුද්ගලයන් දෙදෙනකු විසින් මොහුට වෙඩි තබා පලාගොස් තිබිණි. පොලිස් අත්තනායක නමැත්තා ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පුත්‍රයා ද තුවාල ලබා කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත්කර ඇති අතර වෙඩි ප්‍රහාරය සිදුවූ ස්ථානය අසල පිහිටි රූපලාවන්‍යාගාරයක සේවය කරන රූපලාවන්‍ය ශිල්පිනියක් ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. රූපලාවන්‍ය ශිල්පිනියකගේ එක් පාදයකට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී  ඇති බවද පොලිසිය සඳහන් කරයි. වෙඩිකා මියගිය අත්තනායක නමැති  මෙම හිටපු පොලිස් කොස්තාපල්  රැකියාව කරන වකවානුවේ 2015 වසරේ දී ඩී. මංජු නමැති පාතාල නායකයාට වෙඩි තැබීමට ගිය වෙඩික්කරු යතුරු පැදියක තබාගෙන රැගෙන ගියේ යැයි කියමින් පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිසිය කියයි. මොහු පදවාගෙන ගිය බව කියන යතුරු පැදියේ ගිය වෙඩික්කරුවෙක් ඩී. මංජු නමැත්තාට වෙඩි තැබූ අවස්ථාවේ මංජු  නමැත්තාට බරපතළ තුවාල සිදුවී තිබිණි. 2019 වසරේදී ඩී. මංජු නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවක දී වත්තල ප්‍රදේශයේ දී මැරුම්කා තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අත්තනායක නමැත්තා වැඩ තහනමකට ද ලක්විය. හෙරොයින් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සන්තකයේ තබාගෙන ජාවාරම්ක කළේ යැයි කියමින් සහ අත් බෝම්බයක් ළඟ තබාගෙන සිටි බව කියමින් පොලිස් අත්තනායක 2019 වසරේ අවස්ථා දෙකකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව කාලයක් රිමාන්ඩ් බාරයේ ද සිට ඇති බව විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. පොලිස් අත්තනායක නමැත්තාට වෙඩි තැබූ ස්ථානයේ හිස් උඩ 06ක් සහ ජීව උණ්ඩයක් ද වැටී තිබී පොලිසිය බාරයට ගෙන ඇත.  යතුරු පැදියකින් පැමිණ මොහුට වෙඩි තබා ඝාතනය කර පලාගිය දෙදෙනා ගැන මෙතෙක් කිසිදු තොරතුරකු පොලිසියට ලැබී නොමැත. (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අවි ගත්තෝ අවියෙන්ම නැසේ දරුවා සහ අහක හිටපු කාන්තාව pawu මෙහෙම දෙමවුපියන්ට දරුවෝ වෙලා ඉපදෙන්නේ pooruwe pawata
7
POSITIVE
ncpp_train_0025
කොවිඩ්-19 තත්වය සම්බන්ධයෙන් රජයේ බලධාරීන් තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමාදයන් සිදුවන බවත් මෙසේ අදාළ තීන්දු ගැනීමට තවදුරටත් ප්‍රමාද වීම යනු ඉදිරියේදී රටම වසාදැමීමට ලොක්ඩවුන් කිරීමට වුවද සිදුවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. දිගින් දිගටම කෝවිඩ් 19 රෝගීන් වාර්තා වන නිසා කඩිනමින් පළාත් අතර සංචරණ සීමා පැනවීම සිදුකළ යුතු බවත්, මීට අමතරව කෝවිඩ්-19 රෝගීන් වාර්තා වන මොහොතේදීම අදාළ ප්‍රදේශ හුදෙකලා තත්වයට පත් කළ යුතු බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා පැවසීය. රෝගීන් හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීමේදී දිනක් දෙකක් ගත වන බවත්, මේ නිසා රෝගීන් වාර්තා වන ප්‍රදේශ ඒ මොහොතේදීම වසා දැමීමට තීන්දු තීරණගත යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. කෝවිඩ්-19 තත්වය පාලනය කිරීම සඳහා පළාත් අතර සංචරණය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කළයුතු බවත්, ජනතාවත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් බැහැරව යායුතු බවත් හෙතෙම පැවසීය. මීට අමතරව විනෝද චාරිකා ඇතුළු ජනතාවගේ අනවශ්‍ය ගමන් බිමන් හා අනවශ්‍ය උත්සව නවතා දැමීමට බලධාරීන් තීන්දු තීරණගත යුතු බවත්, එහෙත් බලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමුකර නොමැති බවත් නවීන් ද සොයිසා මහතා පවසා සිටියේය. ප්‍රවාහන අමාත්‍යාංශය තම වගකීම නිසි ලෙස ඉටු නොකරන බවත් ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් බිමන් යාමට වැඩපිළිවෙළක් සකස් කරන බවට මීට පෙර සඳහන් කළත්, මෙතෙක්ම එවැනි වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, ම ේ නිසා පොදු ප්‍රවාහන සේවයේදී ජනතාවට තෙරපී ගමන් බිමන් යාමට සිදුව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.සමහර පිරිස්වලට හා සමහර ආයතනවලට මීටරේ දුර අමතක වී තිබෙන බවත්, මීට අමතරව මුහුණු ආවරණ පැලදීම, දැත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු පවා අමතක වී තිබෙන බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. බලධාරීන් තීන්දු තීරණ නිසි අවස්ථාවේ ගෙන නිසි අවස්ථාවේ ක්‍රියාත්මක කළහොත් සහ ජනතාව තම වගකීම නිසි ලෙස ඉටු කළහොත් ඉදිරියේදී රට වසා තැබීමෙන් වළක්වාගත හැකි බවත්, මේ වනට කෝවිඩ් 19 රෝගීන් වාර්තා වීම ඉහළ යාමට අමතරව ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණයත් වැඩී ඇති බවත් හෙතෙම පැවසීය. (ඉන්දික හේවාවිතාරණ)
අනේද කියන්නේ....දැන් මුන් ගලේ රීපු බලල්ලු වගේ....ඒ කාලෙ නම් බඩු මිලටත් ස්ට්‍රයික්...දැන් එන්නත් දෙන එකත් මුන්ට අදාල නෑ වගේ....නොදකින්...මුන්ට වඩා ගනිකාවො හොඳයි....
32
POSITIVE
ncpp_train_0026
හෙට මාර්තු 30 (බදාදා) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක් බොහෝ ප්‍රදේශ සඳහා බලපාන අතර අලුතින් MNO සහ XYZ යනුවෙන් කලාපද හඳුන්වාදී තිබේ. මෑත කාලයේ සිදුවූ දීර්ඝතම විදුලි කප්පාදුව හෙට සිදුවේ.
අසව්... අසව්... පෝළිම් පියා ගෙදර යායුතු කාලය පැමිණ ඇත😡😡😡😡
48
POSITIVE
ncpp_train_0027
රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් දිවුරුම් දෙති නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ. රාජ්‍ය අමාත්‍ය ධූර 01- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 02- පාලිත රංගේබණ්ඩාර මහතා - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය 03- වසන්ත පරාක්‍රම සේනානායක මහතා - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය 04- එරාන් වික්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූර 01-  හර්ෂ ද සිල්වා මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 02- රන්ජන් රාමනායක මහතා - සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය 03- කරුණාරත්න පරණවිතාන මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
රාජ්‍ය අමාත්‍ය ධූර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - රාජ්‍ය ව්‍යවසන අංවර්ධන අරාජ්‍ය අංඅමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූර රන්ජන් රාමනායක මහතා - සමාජ සවිඅබල ගැන්වීම්, සුං සාධන සහ කන්න උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය
-1
NEGATIVE
ncpp_train_0028
ණය ලබා ගැනීම රයකට  අපරාධයක් නොවන බවත් තම පක්ෂයට ඒ සදහා වැඩපිළිවෙළක් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා පැවසීය.ජාතික ජන බලවේගය විසින් සංවිධාණය කළ "ජහ සභාව" රැස්වීම්  මාලාවේ. මාතර දිස්ත්‍රික් ජන හමුව සඳහා පෙරේදා (28) මාතර රවින්ද්‍රනාත් ශාලාවේ පැවති අවස්ථාවේදි හෙතෙම මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද පැවසීය, "ණය කියන්නේ අපරාධයක් නෙමෙයි. ඒක, අපට අවශ්‍යය නම් ප්‍රාග්ධනය නැති වුනාම ප්‍රාග්ධනය සපයා ගැනීම  සඳහා ණය ගන්නවා, දෙක, අපට ණය  ගැනීමේ තාක්ෂණය නැති වුණාම තාක්ෂණය ලබා ගැනීමට ණය ලබාගන්නවා. ලෝකේ රාජ්‍යයන් එහෙමයි. එවැනි ණයක් අපට බර වෙන්න හේතුව තමයි අපි ගන්න ණය වලින් ඇත්ත වත්කම් හෙළි නොවීමයි  . දැන් මේ පාලකයෝ ත්‍රිලියන 11ක් ණයකරුවෝ බවට පත්ව තිය‍ෙනවා.විගණකාධිකාරීවරයා කියනවා ත්‍රිලියන 11ක් ණය ගත්තට වත්කම් තියන්නේ 1.8ක් කියලා. එතකොට 9.2ක් අතුරුදහන්. එකෙන් තමයි ණය අර්බුදයක් ඇතිවෙලා තිය‍ෙන්නේ.ණය වලින් ඇත්ත වත්කම් හැදුන් නැහැ. ඒ නිසා මේ ණය බරක් වෙලා තියෙන්නේ අන් කවර කරුණක් නිසා නෙමෙයි ණය වලින් අපි ඇත්ත වත්කම් හැදුවේ නැති නිසා, ණය වලින් අවශ්‍යය වතම් නිර්මාණය කළේ නැති නිසා. මේ ළඟදී අපි දෑක්කා ජනාධිපතිතුමාම කියනවා නෙලුම් කුළුනට දීපු කෝටි 200ත් දීපු තැනක්වත් නෑ කියලා. ඒ වගේම අපේ හඳුන්නෙත්ති සහෝදරයා පෙන්නුවා සුරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීම් වියදම් බිලියන 5යි හැබැයි එය තක්සේරු කලාම වටිනාකම බිලියන දශම9 යි. ඒ කියන්නේ කෝටී 500ක ඉදිකිරීමක් කරාම ඒක තක්සේරු කරාට පස්සේ ති‍ය‍ෙන්නේ කෝටි 90යි කෝටි 410ක් අතුරුදන්වෙලා  තීයන්නේ. මේ අර්බුදය පත්තු වුනේ එතැනින්. එහෙනමි මේ අර්බුදයට අපේ තිය‍ෙන විසඳුම තමයි  ණය නැවත අපි සමීකරණයට ලක් කරන්න ඕන ඒ අය එක්ක සාකච්ඡා කරලා. දෙක නැවත අපි ණය ගන්න අත්‍යවශ්‍ය  තැන් දෙකක් තියෙනවා යොදවන, එක නිෂ්පාදනය කිරීම් වලට අපේ රටේ විශාල කර්මාන්ත පද්ධතියකට ණය ගන්න ඕන, ජාතික නිෂ්පාදනය වැඩී කිරීමේ සැලැස්මක් අපට තියනවා ජාතික නිෂ්පාදනය වැඩි කිරීමෙන් තමයි ආදායම වැඩිකරන්න පුළුවන්කම තියෙන්නේ. මෙම අවස්ථාව සඳහා යන්නේ මහා සංඝරත්නය, සුනිල් හදුනෙත්ති, සරෝජා පොල්රාජ් යන  මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.   -මහේෂ් මලවර ආරච්චි-
කෑ ගහලා වැඩක් නෑ bro ඔයා පරාදයි , ඔයා තරග කරන අරමුණු ක් පරාදයි
-6
NEGATIVE
ncpp_train_0029
සැහැල්ලු වාහන රියදුරු පත් ලබාගැනීම සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවත් පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා තිබේ. මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (31දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය. සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳව සොයා බැලිමටද මෙහිදී තීරණය කෙරිණි. රියදුරු බලපත් ලබාදීමට මීට පෙර පැවති ක්‍රමයේදීද බරවාහන සදහා පමණක් පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍ය වූ අතර සැහැල්ලු වාහන සදහා එවැන්නක් හදුන්වාදී තිබුනේ මෑතකදීය. එම කටයුත්ත සංවිධානාත්මකව සිදු නොවීම නිසා විශාල පිරිසක් දිනපතා රස්තියාදු වූ බවට පැමිණිලි තැබී තිබුණි.
දැන් මේ වගේ තීරනයක් ගන්න එතුමාට තියන expertise මොනවද ?
-66
NEGATIVE
ncpp_train_0030
ලූතිනන් කර්නල් බිරියගේ කුසටවෙඩි තබා ඇත්තේ දික්කසාද වන්දිය වැඩි නිසාලූ පිස්තෝලය දියවන්නාවෙන් හමුවේ මාලබේ පිට්ටුගල ඉසුරුපුර ප‍්‍රදේශයේ නිවසකදී තිදරු මවකට වෙඩි තැබීම සම්බන්ධයෙන් එම කාන්තාවගේ දික්කසාද අපේක්ෂිත විවාහක සැමියා වන යුද හමුදා ලූතිනන් කර්නල්වරයෙකුගෙන් පොලිසිය සැක පිට ප‍්‍රශ්න කරන ලද්දේ පෙරේදාය. එහිදී ඔහු එවැන්නක් නොකළ බව කියා තිබුණ නමුත් ඔහුගේ රියදුරු හා සහායකගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී මෙම වෙඩි තැබීම අදාළ ලූතිනන් කර්නල්වරයා විසින්ම කර ඇති බවත් පසුව පිස්තෝලය ඔයකට විසිකර තිබුණ බවත් දැන් අනාවරණයවී තිබේ. ඒ අනුව අතුරුගිරිය පොලිසිය සැකකාර ලූතිනන් කර්නල්වරයා ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මෙම වෙඩි තැබීම සඳහා සැකකරු පාවිච්චි කරන ලද පිස්තෝ්ලය දියවන්නා ඔයට විසිකර තිබියදී පොලිසිය ඊයේ සොයාගෙන තිබුණි. වෙඩි ප‍්‍රහාරයට ලක්වූ 43 හැවිරිදි නයනා ප‍්‍රනාන්දු මහත්මිය අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ තවමත් ප‍්‍රතිකාර ලබමින් සිටියි. නයනා ප‍්‍රනාන්දු මහත්මිය සහ ඇගේ සැමියා අතර කාලයක පටන් පවුල් ආරවුල් තිබී ඇති අතර ඒ නිසා දික්කසාද නඩුවක් ගොනුකර එය ලබන සතියේ විභාගවීම ආරම්භ වන්නට නියමිතව තිබී ඇත. එම නඩුව සමග සැමියාගෙන් වෙන්වීම නිසා පවුලේ නඩත්තුව වෙනුවෙන් ඇය විශාල වන්දි මුදලක් ඉල්ලන්නට සැලසුම් කර තිබී ඇත. හමුදා ලූතිනන් කර්නල්වරයාගේ වැටුප හා වත්කම් විස්තර අනුව ඔහු විසින් විශාල වන්දියක් ගෙවන්නට ඉදිරියේදී සිද්ධවීම නිසා ඔහු එම ඉල්ලීමට අකමැත්ත පළකර තිබී ඇති අතර ඇය නඩුව ගොනු කරන්නට පෙර ඒ ගැන දෙදෙනා අතර නැවත වාදභේද හටගෙන ඇත. වන්දි මුදල ගෙවන්නට සිදුවුවහොත් තමාට අනාගතයක් නැතැයි කල්පණා කළ නිසාදෝ ලූතිනන් කර්නල්වරයා ඇයට වෙඩිතබා මරාදමන්නට කල්පණා කර ඇතැයි නිරීක්ෂණය වෙයි. කෙසේ වෙතත්  ඉකුත් 27 වැනිදා රාත‍්‍රී කාලයේදී ඇය නිදාගන්නා කාමරය අසළ ජනේලයකින් කුරුමානම් අල්ලා ඇගේ කුසට වෙඩි තැබීම සිදු කළ ලූතිනන් කර්නල්වරයා හඳුනාගන්නට එම අවස්ථාවේ නිවසේ සිටි දරුවන් සමත්ව ඇති අතර ඒ සමගම ඔහු කළුවරේ පළාගොස් පැමිණි වාහනයට නැග ඇත්තේ බිරිය මළේ යයි සිතාගෙනයි. එම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද කාන්තාව රෝහල් ගත කළ මුත් මියගියේ නැත. ඇය තවම රෝහලේ ප‍්‍රතිකාර ලබයි. වෙඩි තැබීමෙන් පසුව සිය රියදුරු හා සහායක සමග වාහනයෙන් නැවත පිටත්වූ ලූතිනන් කර්නල්වරයා පාර්ලිමේන්තුව දෙසට ගොස් ජපන් මිත‍්‍රත්ව පාලම අසල නතරවී සිය අත තිබූ පිස්තෝලය එහිදී දියවන්නා ඔයට වීසි කර තිබේ. මේ කාරණාව ගැන කිසිවෙකුට නොකියන ලෙසද දෙදෙනාට කියා තිබේ. දින තුනක් තිස්සේ විමර්ශන පවත්වා සිද්ධියට සැක ලූතිනන් කර්නල්වරයා අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත් අතර සිද්ධියට අදාළ එම් එම් 9 වර්ගයේ පිස්තෝලය පාර්ලිමේන්තුව අසබඩ ජපන් මිත‍්‍රත්ව පාලම අසල දියවන්නා ඔයේ තිබියදී කොළඹ නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායම විසින් ඊයේ දහවල් ගොඩ ගන්නා ලදී. සැකකාර යුද හමුදා ලූතිනන් කර්නල්වරයා නෙළුම්පොකුණ හමුදා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙකි. ඔහු ප‍්‍රශ්න කිරීම් වලින් පසු අද අධිකරණයට ඉදිරිපත් කරන ලදුව 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
OYA BEDALADA ??? HITAN
16
POSITIVE
ncpp_train_0031
යුද්ධයට සහභාගී වූ සොල්දාදුවන්ගේ සිරුරු වහාම පුළුස්සා දැමීම සඳහා රුසියාව ට්‍රක් රථයක "ආදාහනාගාරයක්" පිහිටුවා ඇතැයි ‘ද ටෙලිග්‍රාෆ් පුවත්පත්‘ වාර්තාවක් පළ කරමින් හෙළි කර තිබේ.රුසියාව කිසිදු හානියක් පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නොමැති පසුබිමක මිනිස් සිරුර 'වාෂ්ප කිරීමට' ස්ථානයක් තිබෙන බව වීඩියෝවකින්ද පෙන්නුම් කර ඇත.මීට පෙර, බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් පැවසුවේ ආදාහනාගාරය යුද පිටියේ සිටින හමුදා පසුපස යාම සඳහා යවා ඇති බවයි. එවැනි ක්‍රමයක් භාවිතා කිරීම ක්‍රෙම්ලිනයට අනාගත යුද අලාභ වසා ගැනීමට මාර්ගයක් විය හැකි බව ඔහු පැවසීය.  එය විවේචනය කරමින් ආරක්‍ෂක අමාත්‍ය බෙන් වොලස් පැවසුවේ, "මම රුසියානු සොල්දාදුවෙක් නම් සහ හමුදාවට මා ගැන විශ්වාසයක් නැති බව දැන සිටියා නම්, සටන් බිමේ පිටුපසට චලනය වන ආදාහනාගාරයක් යැව්වොත් එය කෙතරම් අවමානයක්ද" යනුවෙනි. යුද පිටියේ දුවන ආදාහනාගාරයක් යනු යුද හානි වසාගන්නා උපායක් බවටද විවේචන එල්ලවී පවතී. වීඩියෝ පටයේ සඳහන් වන්නේ මෙම වාහනය අනතුරුදායක ජීව විද්‍යාත්මක අපද්‍රව්‍ය විනාශ කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති බවයි. එය සපයනු ලබන්නේ ශාන්ත පීටර්ස්බර්ග් හි Tourmalin නම් සමාගම කිනි.  යුක්රේනයට එරෙහි යුද්ධය ආරම්භයේ සිටම රුසියාවෙන් පිටතින් මෙන්ම ඇතුළතින් ද විවේචන ඇති විය. එරටේ බොහෝ පුරවැසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව විරෝධතා දක්වා ඇත. ආදාහන රථයේ පින්තූරය ප්‍රසිද්ධවීමෙන් පසු මෙවර රුසියානු සොල්දාදුවන් රැසකගේ මෑණිවරු සිය හඬ අවදි කළහ. රුසියානු හමුදා මව්වරුන්ගේ කමිටුව කියා සිටින්නේ තම පුතුන් රවටා යුක්රේනයට ගෙන ගිය බවයි. යුක්රේන දේශසීමා වෙත ඔවුන් රැගෙන යමින් සිටියේ යුද අභ්‍යාස සඳහා  යයි කියා නමුත් එහි ගිය පසු, ඔවුන් කෙලින්ම ලේ වැකි යුධ පිටියට හෙළනු ලැබීය.  යුක්රේනයේ රුසියානු සොල්දාදුවන් 4300 ක් මිය ගිය බවට තොරතුරු ඇතත් රුසියාව කිසිවක් ඒ ගැන සඳහන් කරන්නේ නැත. යුක්රේනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය Hanna Malia විසින් යුද්ධයෙන් මියගිය රුසියානුවන්ගේ ලැයිස්තුවක් නිකුත් කර තිබේ. ඔහු ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටියේ යුද්ධයෙන් මේ දක්වා රුසියානු සොල්දාදුවන් 4,300 ක් මිය ගොස් ඇති බවයි.  රුසියාව ද කිසිදු හානියක් පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නොමැත.යුක්රේන අමාත්‍යවරයා විසින් සපයා ඇති ලැයිස්තුවට අනුව ගුවන් යානා 26ක්, හෙලිකොප්ටර් 26ක්, යුද ටැංකි 146ක්, සන්නද්ධ රථ 707ක්, කාලතුවක්කු 49ක්, ගුවන් ආරක්ෂක ග්‍රන්ථ 1ක්, ග්‍රැඩ් රොකට් දියත් කිරීමේ පද්ධති 4ක්, වාහන 30ක්, ටැංකි 60ක්, ඩ්‍රෝන යානා 2ක් සහ බෝට්ටු 2ක්. විනාශ කරන ලදී. (ද ටෙලිග්‍රාෆ් ඇසුරිනි - Gossiplankanews.com)video below
බටහිර propaganda වෙන්න පුළුවන් . Anyway ,ඔය රටවල් දෙකේ ඇවිලීම ඒ රටවල් වලට තමයි පාඩුව..
-4
NEGATIVE
ncpp_train_0032
උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වහා එකඟත්වය පළ කර තිබේ. දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව දේශකවරු පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා කාල පාරස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගේ ද උපදෙස් ඇතිව අනුමැතිය දුන්නේය. කොවිඩ් 19 නිසා වසා දැමුණු උපකාරක පන්ති යළි ඇරඹිමේ දී ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ තීරණවලට එළැඹිණ. 2019 වසරේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් 19 වසංගතය නිසා අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මාස පහ මාරකට අධික කාලයක් අධ්‍යාපනය ලැබීමට නොහැකි විය. 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවෝද එවැනිම තත්ත්වයකට මුහුණ දී සිටිති. මේ කරුණු සැලකිල්ලට ගෙන අදාළ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවධානය යොමුකරන ලෙස උපකාරක පංති ගුරුවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සමග පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීම යළිත් සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. පාසල් වසා තැබීම හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීම පිළිබඳව ගරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ජනාධිපතිතුමාට අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ඇතුළත් කර සිසුන්ට තෝරා ගැනීමේ වැඩි අවස්ථාවක් දීමේ හැකියාව  සොයා බලන්නැයි  විභාග කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය. අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය 24% කි. එය සං‍ශෝධනයට උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමට ද ජනාධිපතිතුමා එකඟ විය. උපකාරක පංති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදාහැරීම් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව කිරීමට ද ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි විය. ඉරිදා උදේ වරුවේ සහ පොහෝ දින උපකාරක පන්ති නොපවත්වන ලෙස බෞද්ධ උපදේශක සභාව කළ යෝජනාව ජනාධිපතිතුමා රැස්වීමේ අවධානයට යොමු කළේය. පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට ගුරුවරුන්ගේ කැමැත්ත පළ විය. අ.පො.ස උසස් පෙළට පමණක් සීමා වී ඇති ඉරිදා උදේ වරුවේ පන්ති නැවැත්වීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට ද තීරණය කෙරිණ. ජනාධිපතිතුමා කොවිඩ් මර්දනයට සහ රටේ සියලු ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගෙන ඇති තීරණ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ප්‍රසාදයට ලක්වන බව ද උපකාරක පංති ගුරුවරු සඳහන් කළහ. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අධ්‍යාපන ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරු සහ උපකාරක පංති සංගම් කිහිපයක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ. ( ජනාධිපති මාධ්‍ය අංශය )
හෑම එකාම ගෙනත් උපදෙස් දෙන්න මුන්දෑ දන්නේ මොනවද අම්මපා ජනාදිපතියා කෝලමක් වෙලා අද
24
POSITIVE
ncpp_train_0033
මෙවර පුංචි ඡන්දයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වී සිටින අයකු දැරියකට ලිංගික අපයෝජනයට ලක් කිරීමට තැත් කලා යැයි චෝදනා ලැබ 29 වනදා ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වෙත භාරවී තිබේ. ඔහු ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ගම්මානයක නිවසක තනිවම සිටි වයස අවුරුදු 16යි මාස7ක් වයසැති දැරියක් අපයෝජනය කිරීමට තැත් කලේ යැයි  පසුගිය 26 දින දැරිය විසින් ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ඔහු පොලිසියට භාරවූ අතර පසුව මගියංගණ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නට යෙදිණි. ඔහු මහියංගණ ප්‍රාදේශීය සභාව සඳහා තරග වදින ඡන්ද අපේක්ෂකයකු  වන අතර තමා එවැන්නක් කළේ නැති බවත් දේශපාලන හේතුවකට කළ පැමිණිල්ලක් බවත් කියූ ඔහු ඡන්ද වැඩ පාඩුවන නිසා ඇප අවශ්‍ය යයි උසාවියේදි පවසා තිබේ.  අනතුරුව මහියංගණ මහෙස්ත්‍රත් නාලක වීරසිංහ මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් පුද්ගලයන් දෙදෙනකුගේ ශරිර ඇප මත ඔහුව මුදාහැර තිබේ. අපයෝජන තැත පිළිබඳ පැමිණිලි කරනු ලැබූ දැරිය වෛද්‍ය වාර්තා ලබාගැනීම සඳහා මහියංගණ මූලික රෝහල් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ට පොලිසිය පරික්ෂණ පවත්වයි.
මරුනෙ. මූ දිනනව ෂුවර්. බුවාලන්තෙ ගොන් ඡන්ද දායකයන්ට අනුව ජනතාව නියෝජනය කරන්න මූලිකම සුදුසුකමක් මූ සපුරලනෙ තියෙන්නෙ.
53
POSITIVE
ncpp_train_0034
පිළියන්දල බෝකුන්දර පාසල් මාවතේ කුලී නිවස  පිටුපස වළ දමා තිබූ මත්කුඩු ග්‍රෑම් 500 ක් පමණ  ඊයේ සොයාගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. පාර්සල් කිහිපයක ඇසුරුම් කර තිබූ මෙම වකුගඩු තොගයේ වටිනාකම ලක්ෂ 60 ක් පමණ වන බවත් මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ  අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව මෙම කුඩු තොගය අත්අඩංගුවට ගත් බව ද එම ඒකකය පවසයි.  බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයකු ඉකුත් 26 වැනිදා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරිමේදී මත්ද්‍රව්‍ය විකිණීම, බෙදාහැරීම සහ ඇසුරුම් කිරීමේ ජාවාරමේ යෙදුණු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝකුන්දර පාසල් මාවතේ නිවස සහ හොරණ ප්‍රදේශයේ නිවසක් වැටලීමෙනි. එම සැකකරුවන් පිරිස අතර එකම පවුලේ මවක් සහ පුතෙකු සිටින බවට පොලිස් නිලධාරියෙක් පැවසීය.  මෙම සැකකාරිය හා සෙසු සැකකරුවන් පස්දෙනා දැනට කොළඹ බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ හෙරොයින් මත් කුඩු ජාවාරම්කරුවකුගේ මත්කුඩු ජාලය හා බැඳී සිටින එකම කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් බව මේ වන විට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  එම සැකකරුවන් පිරිසෙන් හතර දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර තවත් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව ද ඔවුන්ගෙන් හෙළි වූ තොරතුරු අනුව මෙම මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. -බිමල් ශ්‍යාමන් ජයසිංහ-
හොඳ වෙලාවට කුඩු දුමියා ඇතුලේ
2
POSITIVE
ncpp_train_0035
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ පැවසීය."මම දැක්කා ඊයේ කියනවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගන්නවා කියලා. ආනමඩුවෙත් හිටියා ඔය වගේ පොරක්.ජාතික ජන බලවේගේ නම වෙනස් වුනා ඇරෙන්න, කැලේ මාරු වුණාට පුල්ලි මාරු වෙලා නෑ. 71ත් 88ත්, 89ත් ඒ ගොල්ලෝ කොක්කෙන් කෙක්කෙන් තමයි ගන්න ගියේ. මේ ගොල්ලො ආයෙත් එන්නෙ ඒ ගේම් එකට. ජේවීපී එකේ ඉතිහාසය නොදන්නා තරුණ උදවිය අවධානය යොමු කරානම් හොදයි. මේ ගොල්ලො අනිත් අය බිල්ලට දෙනවා. සජිත්ලගේ කදුළු ගැස් කාපු එකට 1500ක් ආවද කියන්නකො.ඔබේ රූපවාහිනී තිරේ කාචයට අහුවෙන ගාණ ලොකුවට පේනවා ඒත්එහෙම නෑ. සෙනග වැඩියි කියවල රැවටිල කට්ටිය ඔකට එනවා කොළඹට එනවා කඳුළු ගෑස් කනවා නානවා ආපහු ගමට යනවා. අපිත් කොච්චර පා ගමන් ආවද. අපි මොන උද්ඝෝෂණද නොකෙරුවෙ. දේශපාලනේදි බලය අවශ්‍යයි. බලය රනිල් වික්‍රමසිංහ මහත්තයා මොළේ පාවිච්චි කරල අරන් තියෙනවා.ජනාධිපතිතුමා දකින වෙලාවේ කියන්නේ ඡන්දෙ කල් දාන්න කල් දාන්න කියලා. ඊට පස්සේ මහජනයා ඉස්සරහට ගිහිල්ලා බොරු සැන්ඩොලා වෙන්න කෑ ගහනවා අපි කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගන්නවා කියලා. දවල් මිගෙල් රැ දැනියෙල්."
උඹ කියන විදියට ජෙප්පන්ට සෙනග නෑ. උඹට මොළේ නෑ.
32
POSITIVE
ncpp_train_0036
පසුගියදා රජය පැනවූ සංචරණ සීමා මාර්ගෝපදේශ අනුව ලබන ජුලි 05 වනදා දක්වා ඇඳුම් සාප්පු සංකීර්ණ විවෘත කිරීම තහනම් කර තිබුණත් බස්නාහිර පළාතේ ඇතැම් ඇඳුම්  සාප්පු සංකීර්ණ  විවෘත කර ඇතැයිපළාත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසන්නීය.  මේ නීති විරෝධී කටයුත්ත නිසා කොරෝනා අවදානම මතුව ඇති බව පෙන්වා දී ඇති ඇය ඒ ගැන පැමිණිලි කර ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට මේ ගැන දැනටමත් පැමිණිලි කර තිබේ.කෙසේ වෙතත් මේ ගැන සාප්පු හිමියන් විමසීමේදී සාප්පු විවෘත කිරීම සම්බන්ධ අපහැදිලි දත්ත මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වීම මුල්කොට ගෙන මෙම විවෘත කිරීම සිදු කර ඇති බව දන්වා තිබේ.මාර්ගෝපදේශ මාලාවේ 2 වන පිටුවේ 20 අනු අංකයෙහි දැක්වෙන්නේ මැහුම්කරුවන් සහ ඇඳුම් සාදන්නන්, සන්නිවේදන, ඡායා පිටපත් සාප්පු,ඇඳුම්, රෙදිපිළිසාප්පු සහ වෙනත් සිල්ලර සේවා ආශ්‍රිත ආයතන උපරිම පාරිභෝගිකයින් 03 සීමාවකින් විවෘත කළ හැකි බවයි.නමුත් එම ලේඛනයේම 23 අනු අංකයෙන් නිමි ඇඳුම් විකිණීමේ අලෙවි සල් බස්නාහිරට පමණක් වසන්න යයි දන්වා ඇත
සර්කියුලර් එකේ කිසි වැරැද්දක් නෑ. පැහැදිලිව කියනවා බස්නාහිර පළාතෙ රෙදි කඩ ඕපන් කරන්න එපා කියලා. තුන් වෙනි රැල්ල ඇති කරපු ප්‍රධානම තැන් ටිකක් තමා ඔය රෙදි කඩ. මහරගම එහෙම කියන්නේ රටට හොඳට කොරෝනා බෝ කරපු තැනක්.
32
POSITIVE
ncpp_train_0037
බන්දුල ගුණවර්ධනගේ පුතුගේ විවාහය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ පුතු සහන් ගුණවර්ධන හා ලක්ෂි පසුගියදා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී විවාහ දිවියට පිවිසුණා. එම අවස්ථාවට දේශපාලනඥයින් රැසක් පැමිණියා.ඡායාරූප මෙතැනින් Pix By -Suren Abeysundara, Flowers - 2 nd chance, Dress - Ruchira Salon,Card & Cake- Yowanma Bandara ,Groom's Outfit- Imitiyaz ,Hotel- Cinnamon Lake Side ,Music - Marians
හිටපු හොරු සමග යහපාලන හොරුත් එළියේ ජවුසන් නටන හැටි ! නොදකින් කිව්වලු ! විජේදාස කොහොමටත් එවුන්ගේම එකෙක්නෙ.
-2
NEGATIVE
ncpp_train_0038
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්  27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස්  පරීක්ෂක නියෝමාල්  රංගජීව මාස 6 කට පසු අද දින ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. පසුගිය මාර්තු මාසයේ මෙම කාරනාව සම්බන්දයෙන් අත්අඩංගුවට පත්වූ ඔහු ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප බැගින් මුදාහැරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද නියෝග කළා . සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණා. අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ සැකකරු ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමේන් අනතුරුවයි. සැකකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලා  ගොනු කළ ප්‍රතිශෝධන  පෙත්සම් සියල්ල කොළඹ මහාධිකරණය මීට පෙර ප්‍රතික්ෂේප කර තිබු අතර රංගජීව උසාවියෙන් පිටතට එද්දී තමා මෙම වරදට හසුකරන්න හදන්නේ වැලිකඩ කුඩු කාරයින් බවට කෑගසමින් කියා තිබුණි. කෙසේවෙතත් නඩුවේ දෙවන සැකකරු හිටපු  බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ලමාහේවාට අද ඇප ලැබී නැති අතර ඔහු  තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටියි. නියෝමාල්  රංගජීව මත්කුඩු ජාවාරම් කරුවන් වැටළීමේ ප්‍රධාන මෙහෙයුම් භාරව සිටි නිලධාරියෙකු වන අතර පිළියන්දලදී පාතාල නායක මධුෂ් මෙහෙයවූ ඝාතන තැතක්  මින් කලකට පෙර ජීවිතය බේරාගත්තේ අනූනමයෙනි.
දඩයම් කරපියව් විරුවෝ ටික...... කාලකන්නි දේශපාලකයො. තොපිට හෙන ගහනව
42
POSITIVE
ncpp_train_0039
ඔබතුමාව එවුවේ දෙවියන් ....වස මිශ්‍ර අයිස්ක්‍රීම් දරුවන්ට දී සිය පණ නසාගත් මවවිනිසුරු ඉලංචේලියන්ට ලියූ ලිපිය පසුගියදා යාපනයේදී වස මිශ්‍ර අයිස්ක්‍රීම් ආහාරයට දී දරුවන් සමග සිය දිවි නසාගත් යාපනය අරියාලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාව සිය දිවි නසා ගැනීමට පෙර ලිපි කිහිපයක් ලියා තිබිණි. එම ලිපි එකක මරණයට වගකිව යුතුවූ ඔවුන් ණය අවුලට පත්කළ අය ගැන විස්තර තිබුණ අතර තවත් ලිපියක් ලියා තිබුනේ කාගේත් කථාබහට ලක්ව සිටින යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්වේලියන් මහතාටය. දෙමළ බසින් ලියා තිබුණ එහි පරිවර්තනය පහත පරිදිය. ගරු ඉලන්චෙච්ලියන් මහතාණනි,  "මගේ සැමියා රුපියල් කෝටීයයි ලක්ෂ 17ක්දී රැවටුණු හේතුවෙන් සැප්තැම්බර් 3 වැනිදා සිය දිවි නසා ගත්තා. මගේ සැමියා නැති ජීවිතයෙන් මට පලක් නෑ. සැමියා අබ්බගාතයකු වී හෝ අපි සමඟ ජීවත් වුණා නම් ඒක මට සෑහෙන්න තිබුණා. නමුත් අපට ඒකට වාසනාවක් තිබුණේ නෑ. දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා හිතුණත් ළමයි අහන ප්‍රහ්නවලට මට උත්තර නැ. ළමයි අහනවා තාත්තා කවදා එයිද? තාත්තා පේන්න එන්නේ නැත්තෙ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තාගේ කන්වල පුළුන් ගහලා තිබුණේ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තා ඇයි කළු පාට වුණේ” සුදු විදියටම තාත්තාත් ආයිත් එයිද? තාත්තා ආවම අජි පාර්ක එකට යමුද?  මේ වගේ මගේ දරුවන් අහන ප්‍රශ්නවලට මට උත්තර දෙන්න බෑ. මම කොච්චර කාලෙකට දරුවන් රවට්ටන්නද? දෙවියන් මේ ලෝකේ සත්‍යය ඉටු කරන්න ඉතා සීමිත පිරිසක් තෝරාගෙන එවලා තියෙනවා. මම විශ්වාස කරන විදියට ඔබතුමාත් ඒ අයගෙන් එක්කෙනෙක්. අපට වෙච්ච අසාධාරණයට ඔබතුමා සාධාරණයක් ඉටු කරන්න. අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න. අපි අපේ පණ දෙනවා.‘ සිද්ධිය සම්බන්ධ සමෟපූර්ණ විස්තරය මෙතැනින්
දුක වේදනාව දෑනෙනෙ තෑනක ඒ ගෑන කතා කරන්න , ඒ ගෑන හෑගීමක් ඈතිවෙන්න දන්නෙ නෑති උබ වගේ එවුනුත් මේ ලෝකෙ ඉන්නවා කියලා අපි දන්නවා. අපිට දුක උබලා වගේ හරක් මේ ලෝකෙ ඉතුරු වෙලා, මේ වගේ අහින්සක මිනිස්සු අකාලේ මෑරෙන්න වෙන්න එක ගෑන
8
POSITIVE
ncpp_train_0040
සති අන්තේ සැමියා සමගසතියේ දින අනියම් සැමියන් සමග ගැටුමෙන් දෙදරු මව අනියම් සැමියෙකු සමග මරුට තමන්ගේ සැමියා සතිඅන්තයේ පමණක් නිවසට එන බැවින් ඉතිරි දිනවල විවිධ පුද්ගලයින් නිවසට ගෙන්වාගෙන ඇසුරු කිරීමට ඇබ්බැහිවූ කාන්තාවක එම අනියම් පුරුෂයින් දෙදෙනෙකුගේ පටලැවිල්ලකින් පසු අනියම් පුරුෂයෙකු සමග ඝාතනයට ලක්වන්නට සිදුවූ පුවතක් දැරණියගල මාලිබොඩ - රංවල ප්‍රදේශයෙන් වාර්තාවේ. මෙම විවාහක කාන්තාව අනියම් පුරුෂයා සමඟ නිවෙසේ සිටියදී එම නිවෙසට පැමිණි ඇගේ වෙනත් අනියම් පුරුෂයකු  ඔවුන් දෙදෙනාව කපා කොටා මරා දමා ඇත්තේ නිවසේ දරුවන් දෙදෙනෙකුද සිටියදීය. ඔහු ඔවුන්ටද තුවාල සිදු කර ඇත. මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ රංවල - මාලිබොඩ ලිපිනයේ පදිංචිව සිටි රංවල ගමරාලලාගේ කාන්ති හේමලතා (45) සහ දෙව්පහළ කුරේලාගේ රූපසිංහ (55) නමැති අයයි. ඝාතනයට ලක්වූ කාන්තාවගේ පුරුෂයා වෙනත් ප්‍රදේශයක රැකියාවක් කරන අතර සති අන්තයේ පමණක් නිවෙසට පැමිණ ඇත. ඝාතනය සිදු වූ අවස්ථාවේ බිරිය හා දරුවන් දෙදෙනා නිවෙසේ සිටියදී ඝාතනයට ලක්වූ අනියම් පුරුෂයා පැමිණ ඇති අතර මඳ වේලාවකින් අනෙක් අනියම් පුරුෂයාද නිවෙසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමකින් මෙම ගැටුම ඇති වී ඇත. මෙහිදී ඝාතකයා විසින් ළමයින් දෙදෙනාටද පිහි පහර එල්ල කර ඇති අතර එම දරුවන් මේ වන විට අවිස්සාවේල්ල හා කොළඹ ජාතික රෝහලවල ප්‍රතිකාර ලබමින් සිටී. මෙම ඝාතන දෙක සිදු කිරීමට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. තුවාල ලැබූ දරුවන් සිව් හැවිරිදි සහ සත් හැවිරිදි වියේ පසුවන්නියන්ය. දරු දෙදෙනා මේ වනවිට අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ගනිමින් සිටිති.  කාන්තාව ඝාතනය කළ ස්‌ථානයට මීටර් 60 ක්‌ පමණ දුරකින්  අනියම් සැමියාගේ සිරුර පොලිසියට හමුවී ඇත.  මියගිය අයගේ සිරුරු අවිස්සාවේල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ හා මරණ පරීක්ෂණ අවිස්සාවේල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
පස්පවින් වැළැකීමට ආගම්, භේදයක් ඇවැසි නැත. සමාජ සාමය, සාධාරණත්වය, නිදහස අපේක්ෂා කරන්නෝ, පවට බිය අය පස් පව් නොකරති.. Sahathika aththa...... 100℅ agree ..
43
POSITIVE
ncpp_train_0041
විජිත රෝහණ විජයමුණි  අත්අඩංගුවට පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මියයන බවට අසත්‍ය අනාවැකි පළ කළ ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි අද (31) සවස අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි අනාවරණය කරයි. ඔහු ජනපති මියයන බවට දින නියම කළේ පසුගිය 26 වනදාට වන අතර අද 31 වනවිටත් ජනපති යහතින් සිටී. ඔහුගේ අනාවැකිය වැරදී එන බවට වැටහී අවසන් දිනවල ඔහු ග්‍රහයෙකු වක්‍රවූවායයි කියමින් ඔක්තෝබර් මාසයට මරණය කල් ගිය බවටද අනාවැකිය මාරු කළේය. ජාතිවාදී සංවිධානයක හා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනයට සෘජුව සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ අදහස් දක්වන විජිත රෝහණ විජේමුනි මහතා දේශපාලන උවමනාවන්ට ප්‍රබන්ධාත්මකව අනාවැකි පළ කර එම විෂය හෑල්ලු කළ බවට වෘත්තීය ජ්‍යොතිෂ්‍ය වේදීන්ගේ චෝදනාවටද ලක්විය. නැසීගිය ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට පැමිණි අවස්ථාවේ නාවික හමුදා පෙරට්ටුව අතරතුරදී තුවක්කු බඳකින් රජීව් ගාන්ධිට පහරක් එල්ල කර ඒ දිනවල ජවිපෙ ඉන්දීය විරෝධය තුළ කැපී පෙනීමට උත්සාහ දැරූ විජිත රෝහණ අනතුරුව සිර අඩස්සියටද ලක් විය. පසුව සිරගෙදරදී ජ්‍යොතිෂ්‍ය පොත පත කියවා ජ්‍යොතිර්වේදය එක්තරා දුරකට හැදෑරූ ඔහු තමන්ව කැපී පෙනෙන ලෙස එම අනාවැකිද පෙරළිකාර සිදුවීම් සම්බන්ධ කරමින් පළ කළේය. ඔහු පළ කරන ලද අනැවැකි රැසක් නිවැරදි වූ බවට ඔහුම පවසමින් අන්තර්ජාලයේ යූටියුබ් ඔස්සේ විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටි ඔහු ජනපති මියයන බවට සිදු කළ අනාවැකිය මුලසිටම ජ්‍යෙතිර්වේදී ප්‍රවීණයන් නම් කළේ සාදාචාර විරෝධී අනාවැකියක් ලෙසිනි. සැබෑ ජ්‍යොතිෂ්‍යෙව්දීන් කෙනෙකුගේ මරණය කේන්දරයෙන් දුටුවත් ඔහු ඉදිරිපිට සෘජුව එය නොපවසන බව පැවසෙන අතර විශේෂයෙන්ම ජනපති කෙනෙකුගේ මරණයක් ගැන පුනපුනා කියමින් එය අපහාසාත්මක ස්වරූපයකින් ඔහු ඉදිරිපත් කළේ කිසිදු සැක බියකින් තොරවයි. මහජනයා නොමග යවනසුළු වැරදි අනාවැකි පළ කර ජනපතිට අපහාසයක් සිදුකර කිසියම් පටු වාසියක් ලබාගැනීමට උත්සාහ දැරීම ඔහුගේ අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස පොලිසිය දන්වා ඇත. ඔහු හෙට අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
දැං ඇතුලෙ ඉඳගෙන ඉතුරු ටිකත් හරියට හදාරන්න බලන්න ආයිබොවන්ඩ. එතකොටවත් එලියට ආපු දවසකටවත් හරි අනා වැකියක් කියන්න බැරියෑ.
13
POSITIVE
ncpp_train_0042
ඕෂධී හේවාමද්දුම  මිසිස් ටොප් විවාහක රූ රැජිණ වෙයි පසුගිය 28 වනදා ලැට්වියාවේ පැවති ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමැති විවාහක රූ රැජිණ තරගයෙන් ලංකාවෙන් සහභාගී වූ ටෙලි නිළි ඕෂධී හේවාමද්දුම එහි කිරුළ දිනාගත්තා. මුදල් ගෙවා අයදුම් කර ඉදිරිපත්විය යුතු එම තරගයේ බරපැන සිය සැමියා දැරූ බව ඇය ස්තූති පූර්වකව සිහිපත් කර තිබුනි. එම තරගය සඳහා සහභාගීවූයේ රටවල් 19 කි.  මෙම තරගය සඳහා පසුගිය වසරේ ගයාත්‍රී ඩයස් සහභාගී වූ නමුත් ජයග්‍රහණය කළේ නැත. ජයග්‍රහණයෙන් අනතුරුව ඕෂධී කතා කළ අයුරු වීඩියෝ හා එම තරගයේ ඉසව් අතර ලබාගත් වීඩියෝ දෙකක් පහතින්ම දක්වා ඇත.Update මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ ඕෂධීට ලැබුණයි හැඟවුවත් ඇත්තටම ලැබුන‍ෙ බාබරාටලු
දැන් කවුද හිනා වෙලා තියෙන්නේ?
4
POSITIVE
ncpp_train_0043
අසල්වාසියකු විසින් බරපතල ලිංගික අතවරයක් සිදුකළ බව කියමින් විවාහක කාන්තාවක් විසින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව ඔප්පු වීමෙන් අනතුරුව අධිකරණය හමුවේ වරද පිළිගත් කාන්තාවකට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා තරයේ අවවාද කරමින් සතියක සිර දඬුවමක් නියම කළේය. බොරු පැමිණිලි ඉදිරිපත් කිරිමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත් අනුරාධපුර පදිංචි 44 හැවිරිදි දෙදරු මවකට මෙසේ සිර දඬුවම් නියම කෙරුණි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ සැකකාරිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති මෙනෙවියට ඉදිරිපත් කළ ලිංගික අතවර පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී එය බොරු පැමිණිල්ලක් බව අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි. සැකකාරිය විසින් පොලිස් ස්ථානයට පැමිණ අසල්වාසියකු විසින් තමන්ගේ අතින් අල්ලා තුරුළු කරගත් බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලද චෝදනාවට ලක්වූ අසල්වාසී පුද්ගලයා  සිද්ධිය වූ දිනයේ නිවසේ සිට නොමැති බවත් ඔහු වාරියපොළ ප්‍රදේශයේ නිවසක රැකියාව සඳහා පැමිණ සිට ඇති බවත් අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය අධිකරණයට පැවැසුවේය. සැකකාරිය විසින් ඇගේ අනියම් සැමියාගේ කීම මත අසල්වැසියාට විරුද්ධව බොරු පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය. තමා බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කර අසල්වැසියා අපහසුතාවට පත්කිරීමට උත්සාහ කළ බව අධිකරණය හමුවේ පිළිගත් අතර ඇයට තරයේ අවවාද කරමින් විනිසුරුවරයා සතියක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
අයියෝ පව් ඇයි අහිංසක පිරිමින්ටම මේ තරම් කාන්තාවෝ බොරු චෝදනා දාලා හිරිහැර කරන්නේ පව් නේද
1
POSITIVE

No dataset card yet

New: Create and edit this dataset card directly on the website!

Contribute a Dataset Card
Downloads last month
39
Add dataset card